Skip to main content

උදව් දෙන්න කැමති අය පෙළ ගැහෙන්න...

නුවර එළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කළාපයේ උශ්කර පාසලක ළමුන්ට පරිගණක අධ්‍යාපනයට අත හිත දෙන්න කැමති අයට අපිත් එක්ක එක්වෙන්න කියල ඇරයුම් කරනව.

පාසලේ නම තමයි සාගලපුර විදුහල, බිංගන්තලාව, කඳපොල.තේ වතු මැදින් ඉතා දුශ්කර ගමනකයන්න වෙනව මේ පාසලට. බස් එකක් නම් දැක්කෙ නැ මම යද්දි නම්. කොහොම උනත් අප්‍රේල් මාසය වන විට පරිගණක 4 හො 5ක් දෙන්න තමයි සූදානම.

භාවිත කළ පරිගණක නෙමෙයි අලුත් පරිගණක දෙන්නයි බලාපොරොත්තුව. මොකදපරිගණකයක් කැඩුනම ගොඩක් දුර එන්නත් ඒක හදාගන්න අවට කෙනෙක් නැ ඒ හරියෙ.

ඒවගේම මම කලින් මේ පාසලට යද්දි 1 සහ 2 වසර පංති එකට, 5 සහ 6 වසර පංති එකට දමා ඉගැන්විම කරන්න සිදු වෙලා තිබ්බෙ 1 සිට 11 වසරට ළමයි ඉන්න පාසලේ විදුහල්පතිත් තවත් ස්වේච්ජා ගුරුවරයෙක්ද ඇතුලුව මුලු ගුරුමඩුල්ල 9 දෙනෙක් උන නිසා.

එක් මැසිමකට 50,000 ලෙස ඇස්තමෙන්තු කලොත් ලක්ෂ 2,50,000ක් පමණ මුදලක් යාවි.

ඉතින් දන්න අය හැකි ඉක්මනින් වෙළඳපොලෙ දැනට core i3 ප්‍රොසසරයක් අවම වශයෙන්වත් දාල 2GB RAM එකක් සහිතව LCD/LED මොනිටර් සමඟ, එවගේම UPS සමඟ දෙන්න යන මුදල පිළිබඳ ඇස්තමෙන්තුවක් දෙනවද හනික.

දැනටමා දන්නා හිතවතුන් කිහ දෙනෙ සහයට එන නිසා අඩුම ගානේ අප්‍රේල් මාසෙ වෙද්දි එක පරිගණකයක් හරි දෙනව.

මේ වගේ දෙයකදි උදව් කරන්න කැමති අයට දන්වන්න. ආයතනයක් උනත් කම්ක් නැ. කෙළින්ම පරිගණක දෙන අයට මේ සඳහා මධ්‍යම පළාතේ අධ්‍යාපන දෙපාර්තු මෙන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයට කෙලින්ම බාර දෙන්න පුලුවන්.

කෙටියෙන් ලියු මේ සටහන ගැන උරණ වෙන්න එපා. මුදල් දෙන්න කැමති අයට ලබා දෙන්න බැංකු ගිණුම් අංකයක් වත් අමතන්නංකයක්වත් නැති එකට.. ඒ තොරතුරු හැකි ඉක්මනින්ම දන්වන්නම්. ඒවගේම මේ වැඩේ සම්බන්ධිකරණයට උදව් දෙන්න හැකි අය කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා..

ස්තුතියි!

Comments

  1. ම්ම්ම්...... මොකද කරන්නේ

    ReplyDelete
  2. අපි අපේ කැම්පස් එකෙන් මොකක් හරි උදව්වක් කරන්න බලන්නම්! අනිවාර්යෙන්ම!

    ReplyDelete
  3. ආයෙමත් හොඳ වැඩක් ඩනිෂ්ක... එකක් දෙකක් උනත් අළුත්ම පරිගණක දෙන එක හොඳයි.. මම පෝස්ට් එක අපේ කට්ටයත් එක්කත් Share කරන්නම්....

    ReplyDelete
  4. ගොඩක් හොද වැඩක් කරන්න යන්නේ ඩනිෂ්ක අයියා

    ReplyDelete
  5. ගොඩක් හොද වැඩක් කරන්න යන්නේ ඩනිෂ්ක අයියා

    ReplyDelete
  6. පුලුවන් දෙයක් කරන්නම් . විස්තර දෙන්න අපිටත්.

    ReplyDelete
  7. විස්තර ටිකත් කියන්නකෝ.

    ReplyDelete
  8. මමත් මගේ යාළුවොන්ට කිව්වා. බලමු මොකක් හරි කරන්න. තව විස්තර ටිකක් දානවනම් හොදයි.

    ReplyDelete
  9. මමත් මගේ යාළුවොන්ට කිව්වා. බලමු මොකක් හරි කරන්න. තව විස්තර ටිකක් දානවනම් හොදයි.

    ReplyDelete
  10. නියමයි... තව විස්තර ටිකක් දෙන්න...

    ReplyDelete
  11. මිතුරනි,
    පිළිතුරු දෙන්න පමා උනාට සමාවන්න..

    බැංකු ගිණුම හරි බන්දුල සහ කල්පගෙ නම් හවුල් ගිණුමක් හදලා තියෙනව.

    core i3 , 2GB RAM 500GB Hard Disk
    system එකක් 52,000කට පාඩුද ඇසෙම්බල් කරලා (UPS රහිතව)?

    මොකද සල්ලි එකතු කතන්නම් වාලෙ නොකර නිසි ඉල්ලක්කයකට කළා නම් හොදයි වගේ.

    බඩු ගන්න කඩෙ වොරන්ටි ඉවර වෙන්න කලින් වහලා දැන්මොත් තවත් ගැටලුවක්.
    බ්‍රැන්ඩ්ඩඩ් එකක් නම් 60-70 වෙනව වගේ,...

    ReplyDelete
  12. කව්රුත් දුක් මහන්සියෙන් හම්බ කරන අය නිසා මෙකෙදි මුදල් නාස්තියක් සිදු නොවෙන්න ඔනා නිසයි මම යළිත් ඇහුවෙ. මීට වඩා ගෙවන මුදල් අඩු වෙන තරමට තවත් පාසකලකට උදව් කරන්න පුලුවන්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...