Skip to main content

උපන්දින දෙකක් සමඟ හන්තාන 19

මීට වසර 30කට පෙර එනම් 1983 සැප්තැම්බර් මස 27දින රිචර්ඩ් ස්ටෝල්මන් විසින් ආරම්භ කළ GNU ව්‍යාපෘතියෙ 30වන උපන්දිනයද, 2009 සැප්තැම්බර් මස 19 දින හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ 4වන උපන්දිනයද සමරමින් හන්තාන නවතම නිකුතුව මේ දැන් නිකුත් විය.


හන්තාන ගැන කතාව පැත්තකින් තියල කෙටියෙන් කියන්න දෙයක් තියෙනව දැන්. :)


ඔබ සියලු දෙනා දන්නා පරිදි ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරවද අලි ඇතුන්ට විශාල තර්ජනයක්
තියෙනව. විශේෂයෙන්ම ඇතුන්ගෙ දළ කැපීම, මිනිසාගෙ කාර්යයන් සඳහා අලි ඇතුන් ලබා ගැණීම, ඔවුන්ගේ ස්වාභාවික නිජබිම් වලින් දුරස්කර මිනිසාගේ පුද්ගලික වැඩ (කොටන් අදින්න, මිනිසුන් ප්‍රවාහනයට.. ) සත්ව උද්‍යාන වල මිනිසා වෙනුවෙන් සන්දර්ශන ඉදිරිපත් කිරීමට යනාදි නොයෙකුත් ක්‍රියාවන්ට මෙන්ම ස්වාභාවි වන විනාශය නිසා අලින් ගම් වැදිමෙ සිදුවන අලි මිනිස් ගැටුම්ද ඔවුන්ගෙ පැවැත්මට බලපාන සාධකයක්.

සාමාන්‍යන් අප්‍රිකානු අලින්ට වඩා ආසියානු අලි ලස්සනයි කියල බොහොදෙනා පිළිගන්න දෙයක්. ඒවගේම ලංකාව වගේ රටවල සංස්කෘතිකමය අගයකුත් අලි ඇතුන්ට තිබෙනව. ඉතින් මෙහෙම වටින කියන සතෙක් ඉදිරි අනාගතයේදි මේ මිහිතලයෙන් වඳවී යන්න හැකියාවක් අපේ මිනිස් සමාජයේ අකටයුතු කම් නිසා සිදු වෙනව.
 හන්තාන 19 නිකුතුව Tusker 'ටස්කර්' ලෙස නම් කරන්න තීරණය කළේ සමාජයේ අවදානය යොමු විය යුතු මෙම අලි ඇතුන් ගැන ප්‍රජාව දැණුවත් කිරිමට සහ ඔවුන්ගෙ අවදානය ලක්කිරීමටයි.



මෙවර Hanthana 19 Tusker නිකුතුවෙ පෙරනිමියෙන් එන පසුබිම් රුව සඳහා දායකත්වය ලබා දුන්නෙ පරිසරවේදි චන්දන වීරතුංග මහතාට ස්තුතිය පිරිනමන අතර තම නිර්මාන දායකත්වන් ලබා දීමට කාරුණික වූ වෛද්‍ය දීපානි ජයන්තා, ලිෂාන් පුවක්ඔවිට සහ සමන් හෙරත් යන මිතුරන්ට ද සතුටින් මතක් කරමි.

හන්තාන 19 නිකුතුවට අදාල තවත් නිමැවුම් කිහිපයක් ඉදිරි දිනවලදි නිකුත් වීමට නියමිතයි.

හන්තාන 19 බාගැණීම සඳහා පහත සබැඳිය භාවිත කරන්න.
http://hanthana.org/download.php

Comments

  1. සුපිරි.......... අනිවා ගන්නවා,,,

    ReplyDelete
  2. ඇත්තටම ඒක ලස්සනයි

    ReplyDelete
  3. සයිස් එක කීයද ...?

    ReplyDelete
  4. ඉතා කාලෝචිත වැඩක්, ස්තුතියි! මෙන්න තව විස්තර http://www.rivira.lk/epaper/sunday/2013/09/29/index.html#44/z

    ReplyDelete
  5. ඉතා කාලෝචිත වැඩක්, ස්තුතියි! මෙන්න තව විස්තර http://www.rivira.lk/epaper/sunday/2013/09/29/index.html#44/z

    ReplyDelete
  6. අටම්පහුර කී පාරෙන් මාත් ආවෝ

    ReplyDelete
  7. එල.. ඒ වැඩේ නම් නියමයි.. ඔන්න අටමගෙන් දැනගෙන තමා මේ පැත්තේ ආවේ.. දිගටම එන්නම්.. එල... මං මතක මාවතේ සචින්..

    mathakamawatha.blogspot.com

    ReplyDelete
  8. මට වින්ඩෝස් 7 සමග හන්තාන ලිනක්ස් පරිගණකයට ස්ථාපනය කිරීමට අවශ්‍ය වී ඇත. උබුන්ටු මෙහුයුම් පද්දතියේදී මේ පහසුකම ලබා දී ඇත.මෙම පහසුකම හන්තාන ලිනක්ස් සමග පැමිණෙන බව දැනගැනීමට අවශ්‍යයි...? කරුණාකර මේ පිළිබද විස්තර මා හට e mail කරන්න. madhu.handyboy@gmail.com

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...