Skip to main content

සෝමාලියාණු මුහුදු කොල්ල කරුවන් සහ පාවෙන අවි ගබඩා



අද දිනයේ අහන්න තිබුණු කතාවක් තමයි සෝමාලියාණු මුහුදු කොල්ල කරුවන් වෙනුවෙන් පවත්වාගෙන ගිය පාවෙන අවිගබඩාව අතිවිශාල මුදලක් ඉපැයුවලු... දැන් රටේ එලි නොකළ යුතු රහස් පිටට ගියාලු...






සොමාලියානු මුහුදු මංකොල්ල කරුවන් සඳහා ලංකාවේන් කරන්නෙ ලංකාව අසලින් ගමන් ගන්නා නැව් සඳහා ආරක්ෂාවක් සැපයීම සහ ඒ ආශ්‍රීතව අවි සැපයීම සම්බන්ද ව්‍යාපාරයක් මිසක ඒ සඳහා මුහුදු මංකොල්ල කරුවන් සම්බන්දව කිසිදු ප්‍රහාරයක් එල්ල කළේ නැ. ඒ වෙනුවෙන් රටවල් 25ක එකතුවෙන් බහරේන් රටේ සිට ක්‍රියාත්මක වේ. මේ සඳහා ඇමරිකාව, කැනඩාව, එක්සත් රාජදානිය, සිංගප්පුරුව, ඉතාලිය, ප්‍රංශය, ජර්මනි, ඔස්ට්‍රෙලියාව, නවසීලන්තය, පාකිස්තානය, තුර්කිය, නෙදර්ලන්තය , ඩෙන්මාර්කය, පෘතුගාලය ස්පාඥය සහ කොරියාව වැනි රටවලින් සැදුම්ලත් Combined Task Force 150 ක්‍රියාත්මක වේ.






2014 මාරතු මස සිංගප්පුරුවෙන් නැවියන්, ගුවන් හමුදාව ඇතුලුවු 151ක පිරිසක් මුහුදු මන්කොල්ල කරුවන් මැඩ පැවැත්විමේ අන්තර්ජාතික වැඩසටහනට 9වන වරටත් එක්වූ අවස්තාවයි.  
(පිංතූරය http://news.asiaone.com වෙතින්.)



2001 සැප්තැම්බර් මස1 දිනට පෙර ඇමරිකානු නාවුක හමුදාවෙ කොටසක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මේ වන විට රටවල් 25ක එකමුතුවෙන් සවි බල ගැන්වෙන අතර සියලු රටවල් සම්පූර්ණයෙන්ම ස්වෙජ්චාවෙන් කටයුතු කරයි. මෙහි සේනාපතිත්වය මාස 4-6ත් අතර කාලයකට වරක් මෙම වැඩසටහනට සම්බන්ද රටවල් අතර මාරුවේ.

ලංකාවෙන් කරෙ පෙරහැර බලන්න එන අයට අයිස්ක්‍රීම් දුන්නා වගේ ලංකාව අසලින් යන  නැව් සමඟ අවිගණුදෙනු මෙන්ම (වරක් අරාඹි රටකින් අත්ඩංගුවට ගත්තා) අවි ජාවාරමක්ද කිරීමයි. මෙමගින් ආදායමක් එන්න පුලුවන් නමුත් එය ගන්නෙ රටත නෙමෙ යම්කිසි පිරිසක්.

ලංකාවෙන් අවි සැපයීමක් මීට කලින් කලේ නාවික හමුදාව, පාර අයිනේ ආමි එඑන් බත් පැකට් විකුණන්න හැකි, ගුවන්  ටිකට් පත් විකුණන්න හැකිනම්  ඇයි මෙය නාවික හමුදාව යටතේ කරන්න බැරි?

ඉහත සඳන් කළ රටවල් වලින් සැපයෙන තාක්ෂණය සහ නවීණ අයුධ තිබෙද්ධි ලංකාවෙන් T56 අරගෙන ගිහින් කොල්ල කරුවන් මෙල්ල කරන්න ඇවෙන්ට් ගාර්ඩ් ආයතනය හැකිද?

මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගය වන්නෙ විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් ලැබෙන මුදල්වන අතර මේවිගබඩා වලින් එන අදායම් නොවන බවත් මතක තබා ගන්න. කව්රු හරි කියනව නම් මෙම අවි වලින් ලාබ ලැබුව නම් ඒ කොපමණද කාටද ඒ මුදල් ගියේ කියලත් සඳහන් කිරීම වටිනව. :-)

එවගේම දැන් සමහර හිතන් ඉන්නෙ සොමාලියානු මුහුදු කොල්ල කරුවො ලංකාවට ඇවිත්  හෙන ජරමරයක් කරයි කියල. (සභාවේ සිනා )

ඔබේ වැඩි දුර කියවීම සඳහා පහත සබැඳියන් වෙත පිවිසෙන්න
http://en.wikipedia.org/wiki/Combined_Task_Force_150
http://combinedmaritimeforces.com/ctf-150-maritime-security/

ප.ලි:
මෙම සටහන ඉතා හදිසියේ පල කළ අතර යම්කිසි දොසක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න. 


Comments

  1. හිකිස්... දන්නේ නැද්ද අයියා. ආශ්චර්යය නේ. ආ නෑ යහපාලනේනේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...

කණ්ඩියපිටවැව නාලන්දාවට වල් අලින්ගෙන් තෑග්ගක්

පසුගිය කාලයේ රටවටේ විවිධ වැඩසටහන් සඳහා එක් වුවත් ඊයේ පෙරෙදා උන සිදු වීම නම් ලියන්නම ඔන කියල හිතුනා. කණ්ඩියපිටවැව, නාලන්දා පාසලට පසුගිය ජූලි 19 දින ගියේ මීට පෙර කිසි දිනෙක නොදුට පිරිසක් සමඟ.. උදේ පාන්දර 3.30ට පමණ ගෙදරින් පිටත්වෙලා, වල් අලි කරදර වලින් දුක්විදින ජනතාවගෙ ජීවන තත්ත්වය උසස් කිරීමට සහාය වන Born Free Foundation ආයතනයේ මිතුරන් සමඟ   කොළඹදි එක් විමෙන් අනතුරුව බලංගොඩ තණමල්විම මාර්ගයේ ගමන් කරන කොට හම්බවෙන හම්බේගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට අයත් ප්‍රදේශයට අපි ලගා උනේ දවල් 1ත් පහුවෙද්දි. අපි යද්දි පාසල් වාර විභාගය ලියමින් සිටි ලමයි ගෙදර යන්න කලින් වදිනව.. එවගේම පොඩි පැංචො ටිකක් නම් ඒ වෙද්දිත් අපි එන අතරමග... පාසලට ඇතුල් වන විටම ලැබුණු සිනා සංග්‍රහය මේ වෙද්දි පරිගණක විද්‍යාගාරය (මෙය මුලින් ගොඩනගල තියෙන්නෙ පුස්තකාලයකට) විදුලිය ලබා දි තිබුනෙ නැ, එවගේම අවශ්‍ය අභ්‍යන්තර රැහැන් ඇදීමක්ද තිබුනෙ නැ.  පෙරෙදා පාසලෙ තිබුණු උත්සවේකදි කියවුනෙ ඒ ගොඩනැගිල්ලට ආණ්ඩුවෙන් 50,000ක මුදලක් ලැබුනත් ඉස්කොලෙ ලොකු සර්, ගුරුවරු, පාසල් ලමුන් සහ ගම්මු එකතු...