Skip to main content

ලංකාවේ තොරතුරු තාක්ෂණය, සීපා සහ සංවිධාන ගත වීම්



සටහනේ මුලින්ම පැහැදිලිව ලියන්නම්:
සීපා හෝ වෙනත් ඕනෑම ක්‍රියාවක් නිසා මෙරටට හානියක් වනවා නම් එයට මා එකඟ නැ!


Image: via PriyangaMahasen


කව්රු හරි සංවිධාන ගත වෙනවා නම් ලංකාවේ තොරතුරු තාක්ෂණිකයන් වෙනුවෙන්, ඒ වෙන්න ඔනා සීපා ඉලක්ක විරතක්ම නෙමෙ.
 

මොකද අපිට තිබෙන අවස්තා නැති වෙන්නේ සීපා හරහාම විතරක් නෙමෙ. උදාහරණයකට ලංකාවට එන ආයෝජකයින් ගෙන් කොමිස් මුදල් ගන්න ගිහින් ඒ ආයෝජන අපේ රටට නැති වෙනව වගේම ඒ සඳහා අවස්තාව යන්නෙ අනෙක් රට වලට. එහෙම වෙලාවට තමන්ගෙ පුද්ගලික දේශපාලන මතය වෙනුවෙන් කට-- වගෙන ඉන්නවනම් වැඩක් නැ.

එවගේම සිපාට අපි විරුද්යි කියන්න කලින් ගිවිසුමේ සත්‍ය සිංහල පිටපතක් සහ දමිළ පිටපතක් එලි දක්වා ඒ ඇත්තටම සීපා හරහා ඇතිව වන අවධානම ගැන කතා කරනවා විනා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපයහදාගන්න ඉදිරියට එන අයට කඩෙ යන්න එපා.

ලංකාවේ තොරතුරු තාක්ෂණය නිසි ලෙස ක්‍රියාත්මක වීමට නම් වඩා හොඳ ආයෝජනයන්, පුහුණු ශ්‍රමිකයන් සහ මේ දෙපිරිසටම ගැලපෙන වඩා සුදුසු නියාමණයක් තියෙන්න අවශ්‍යයි.

පුහුණු ශ්‍රමිකයන් විදියට ගත්තම තොරතුරු තාක්ෂණය යටතේ වැටෙන සමහර අංශ සඳහා සුවිශේෂි දැණුමක් සහිත ශ්‍රමිකයන් අපේ රටේ සිටින්නෙ ඉතා අල්ප ප්‍රමාණයක්. එවගේම ඒ වැනි හිඩැස් පිරවීමට අවශ්‍ය ඕනෑම රටකින් මෙටට බුද්ධිගලනයක් අවශ්‍ය වෙනව.

මේ සඳහා ආසියාවේ දියුණු රටවල් පවා ශ්‍රී ලංකික වෘතිකයන් භාවිත කරන අතර එවැනි අවස්තාවක අදාල රටෙ රැකියාව කරන්න දෙන්නෙ අවට ගියාවට නෙමෙ යම් කිසි පිළිගත් සම්මතයන්ට සහ නීතිරීති වලට අනුකූලව.


එවගේම ඉංදියාවේ සිටින පෙට්ටිකඩ කරයා මෙහෙ ආවත් අභ්‍යවකාශ තාක්ෂණය හෝ න්‍යෂ්ඨික තාක්ෂණය වැනි ඉහළ සුදුසුකම් ලත් අය මෙහෙ එන්නෙ නැ. මොකද ලංකාවේ තොරතුරු තාක්ෂණි ආයතනයක් පටන්ගන්න අවශ්‍ය සුදුසු ශ්‍රමයක් නැති නම් ඉතින්  පෙට්ටි කඩයක් තමයි දාගන්න වෙන්නෙ. මොකද මෙහෙ ඇවිත් ලංකාවෙන් චන්ද්‍රිකාවක්වත් යවන්නද? 

මම මෙහෙම කිවේ අදාල ගිවිසුම සඳහා අපි සංවාදයක් ගොඩ නගද්දි රටට වෙන වාසි අවාස ගැන කතා කරනවා මිසක, තවත් රටක අපි වගේම සිටින පිරිසකට අපහාස කරන්න අවශ්‍ය නැ.

ලංකාවේ ගොඩක් අය ඉංදියාවේ උපාදි කඩ ගැන කතා කරනව, නමුත් එහෙම ලංකාවෙන් කතා කරන සමහර අයත් එවගේම කඩ වලින් ඉගෙන ගනිමින්ම කතා කරන එක විහිලු සහගතයි. ඇයි ලොව ශ්‍රේණිගත කිරීම් වලදි තොරතුරු තාක්ෂණික අංශයෙන් ඉංදියාවේ Indian Institute of Technology (IIT) විශ්ව විද්‍යාල කිහිපයක් ලොව හොඳම විශ්ව විද්‍යාල 100 ලැයිස්තුවේ ඉන්නව. නමුත් අපි ඉන්නෙ කොහෙද කියල අපි දන්නව නේද?

මේ කව්රුවත් ඉංදියානු සමාගම් හරහා ලොවට දායාද කළ කිසිදු සිවිශේෂ ව්‍යාපෘතියක් ගැන කතා කරන්නෙ නැ. ඒ මොකද, ඒ අය දන්නෙ තමන් කාගෙන් හෝ අහගත් අපහාසාත්මක කතන්දර මිසකම, තාක්ෂණයට ඔවුන්ගෙ ඇති දායකත්වය ගැන සඳහනක් ඇත්තෙම නැ. 

අපි රටක් විදියට කිසිම රටකට ආයෙත් යටත් වෙන්න වත්, අපේම රටේ දේශපාලකයින්හෝ වෙනත් කොටසකටවත් යටතෙ සිටින්න අවශ්‍ය නැ. අපි අනෙකුත් රටවල් සමඟ සුහදව කටයුතු කරමින් අපිට නැති සම්පත් වෙනත් රටක් හරහා මගහරවාගමින් අපි ඉදිරියට යන්න අවශ්‍යයි.

ලිංමැඩි දේශපාලකයින්ගේ හෝ ඔවුන්ට අනුගාමිකයන්ගෙ වීර සටන්පාඨ දැන් කරලියට එන මොහොතේ ඔබේ සිහිනුවනින් වඩා සුදුසු දේ කරන්න.


ජයවේවා!


 

Comments

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක