Skip to main content

Mozilla Mobile Firefox ~ fennec

මොසිලා ෆයර්ෆෝක්ස් හි ජංගම දුරකතන සඳහා නිමවු නිකුතුව Fennec නමින් එළිදැක්වෙන අතර එය ජංගම දුරකතන භාවිතා කරන්නන්ගේ පරිශීලනයට පහසු ලෙස නිමවා ඇත.
මෙම ගින් ජංගම දුරකතන භාවිත කරන්න හට විවෘත මූල වෙබ් බ්‍රවෘසරයක් නොමිලේම ලගා ගත හැක. එමෙන්ම ඇඩෝන භාවිතය මෙන්ම ඉතා පහසු වෙබ් ගවේශන අත්දැකීම්ද ඔබට ලැබේ.

එමෙන්ම මෙහෙ කේතය එලිදක්වන නිසා වෙනත් නිර්මාණකයින්ට තවදුරටත් සංවර්ධන කටයුතු කළ හැක.

මේ ෆෙනෙක් කියන්නේත් තවත් නරියෙක්ම තමා, ඇත්තම නරියෙක්. සහරා කාන්තාරයේ ඉන්නා වූ පොඩි නරියෙක්.








ස්ථාපන උපදෙස්: https://wiki.mozilla.org/Mobile/Fennec/Releases

මෙම නිකුතුව N800 සහ N810 නොකියා ජංගම දුරකතන මත නිසියාකාරව ක්‍රියාත්මක වේ.

එමෙන්ම දින කිහිපයකට පෙර මෙම ජංගම දුරකතන සඳහා වන Fennec ගවේශකයේ සිංහල පරිවර්තන කටයුතු අවසන් විය. :)

පසුගිය Mozilla සමුලුවේදි Fennec හදුන්වාදුන් අයුරු..









Comments

  1. ඇත්තටම ඇයි මේ නරින්ගේ නම්ම දාන්නේ මේවට?
    +++++++++++++++++++++++++++++++++++++
    ඒ කොහොම උනත් කමක් නෑ වැඩේ එළ. හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ මොබයිල් එකට කොහොමද සිංහල දාන්නේ....?
    විහිලුවට නෙමේ දන්නේ නැති නිසයි ඇහුවේ....
    +0+0+0+0+0+0+0+0+0+0+0+0+0+0+0+0+0+0+

    ReplyDelete
  2. පොඩි ෆෙනෙක් ගැන මාත් ඇහුවෙ දැනුයි... මේක ගොඩ දෙනෙකුට සුභ ආරංචියක් වෙයි.

    මේකෙ සිංහල පරිවර්තනයක් තියනව කිව්වහම තවත් සතුටුයි. හැබැයි ජංගමයෙන් සිංහල පේනවද? මේකෙන් සිංහල අඩවි බලද්දි සිංහල යුනිකේත රෙන්ඩර් කරනවද?

    එහෙම වෙනවනං මැක්සා තමයි...

    ReplyDelete
  3. @ තාරිදු

    මමත් මෙම වර්ගයේ ජංගම දුරකතන භාවිතා කර නොමැති බැවින් හරියටම ෆොන්ට් දාන විදිය දන්නේ නැ

    @ ශානු,

    තාම පරික්‍ෂාකලේ නැ, simulate කරලා තමා මට නම් බලන්න වෙන්නේ. කෙසේ නමුත් සිංහල යුනිකෝඩ් සක්‍රීය වුව හොත් පරිවර්තනය සූදානම් නිසා වැඩි කරදරයක් නැ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't ...

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක...