පසුගිය වසරේ මෙය රඟ දැක් වීමට සූදානම් වුවද. නලු නිළියන් සොයා ගැණීමට අපහසු වූ අතර. පුහුණු වීම් කටයුතු ඉතා කෙටි කලත් තුළ සිදු කීරිමට සිදු විය. දැන් මෙය අවසානයක් කරා ලගා වීමට ආසන්නන ඇති අතර, 2007 ජූලි සිට මේතාක් දුරට රැගෙන ආ OpenOffice.org සිංහල සඳහා කිසියම් හෝ අයුරකින් සහාය දැක්වු පිරිස නම්; ශ්‍රීශානු, කල්ප සහ හර්ෂණ. මින් බාහිරව කිසිදු පුද්ගලයෙකු මෙහි එකදු වචනයක් පරිවර්තනය කර නොමැති බව පවසන්නේ මතු ඇති විය හැකි ගැටලු දැන්ම දිස්වෙන නිසාවෙනි. OpenOffice.org සිංහල ව්‍යාපෘතිය ලිංපදිංචි කිරීම සහ OpenOffice.org සිංහල පරිවර්තනය අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර, OpenOffice.org හි සිංහල ලිංයාපදිංචිය නිකම්ම නිකන්න පුස්සක් වන්නේ, අදලා පුද්ගලයා (OpenOffice.org හි සිංහල ලිංයාපදිංචිය සිදු කළ ) කිසිදු පරිවර්තනයක් නොකළ නිසාවෙනි. එමෙන්ම 2007 වසරේදි Red Hat ආයතනය යටතේ මා මෙම ව්‍යාපෘතිය ඇරඹීමේදි ඔහු අවසන් කළ ගොනු ලබා නොදුන්නේ 'ඇයි ඔයාට ඔයාගේම පරිවර්තනයක් නොකරන්නේ?' යයි අසමිනි. ඉතින් ඉහත නම් සඳහන් කළ සිංහල ලැදි පිරිස දායකත් වය දැක් වූ අතර වෙනත් කිසිදු මානව සම්පත් දායකත්වයක් හිමි නොවීය. තවද එම පිරිස...