Skip to main content

OpenOffice.org Sinhala drama

පසුගිය වසරේ මෙය රඟ දැක් වීමට සූදානම් වුවද. නලු නිළියන් සොයා ගැණීමට අපහසු වූ අතර. පුහුණු වීම් කටයුතු ඉතා කෙටි කලත් තුළ සිදු කීරිමට සිදු විය.

දැන් මෙය අවසානයක් කරා ලගා වීමට ආසන්නන ඇති අතර, 2007 ජූලි සිට මේතාක් දුරට රැගෙන ආ OpenOffice.org සිංහල සඳහා කිසියම් හෝ අයුරකින් සහාය දැක්වු පිරිස නම්;

ශ්‍රීශානු, කල්ප සහ හර්ෂණ.

මින් බාහිරව කිසිදු පුද්ගලයෙකු මෙහි එකදු වචනයක් පරිවර්තනය කර නොමැති බව පවසන්නේ මතු ඇති විය හැකි ගැටලු දැන්ම දිස්වෙන නිසාවෙනි.

OpenOffice.org සිංහල ව්‍යාපෘතිය ලිංපදිංචි කිරීම සහ OpenOffice.org සිංහල පරිවර්තනය අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර, OpenOffice.org හි සිංහල ලිංයාපදිංචිය නිකම්ම නිකන්න පුස්සක් වන්නේ, අදලා පුද්ගලයා (OpenOffice.org හි සිංහල ලිංයාපදිංචිය සිදු කළ ) කිසිදු පරිවර්තනයක් නොකළ නිසාවෙනි.

එමෙන්ම 2007 වසරේදි Red Hat ආයතනය යටතේ මා මෙම ව්‍යාපෘතිය ඇරඹීමේදි ඔහු අවසන් කළ ගොනු ලබා නොදුන්නේ 'ඇයි ඔයාට ඔයාගේම පරිවර්තනයක් නොකරන්නේ?' යයි අසමිනි.

ඉතින් ඉහත නම් සඳහන් කළ සිංහල ලැදි පිරිස දායකත් වය දැක් වූ අතර වෙනත් කිසිදු මානව සම්පත් දායකත්වයක් හිමි නොවීය. තවද එම පිරිස පුද්ගලික අභිමතය මත සහාය දුන්නා මිස කිසිදු සංවිධානයක් නියෝජනය සිදු නොවුණි.


සැයු: දැනට මෙය ඉක්ටා අනුග්‍රහය ලබන පරිවර්තන ව්‍යපෘතියකි.
තවද මෙම ලිපිය ලිවීමට සිදු වූයේ මෙතෙක් Open Office 3 සඳහා කළ සිංහල පරිවර්තනය, වැදගත් පුත්ගලයෙකු විසින් කිසිදු පෙර දැනුවත් කිරීමක් හෝ විමසීමකින් තොරව ලියාපදිංචිය පමණක් සිදු කළ පද්ගලයාට ලබා දීම නිසාවෙනි.


තවද මීට පෙර ප්‍රජාව දැනුවත් කළ ලිපි පහතින් දැක් වේ.
------------------------------------------------------------------------------------------------

දිනය: Jul 20 2007, 12:07 pm 0 2007, 12:07 pm
ප්‍රජාව: සිංහල යුනිකෝඩ් සමූහ
ලිපිය:
Open Office 2.3 සිංහල පරිවර්තනය


http://groups.google.com/group/Sinhala-Unicode/browse_thread/thread/277cdb26c7a017fa/fbcc29bebae43b32?lnk=gst&q=openoffice#fbcc29bebae43b32



මිතුරනි,

ඉහත කටයුත්ත සඳහා දායක වීමට කැමති අයකු වේ නම් කරුණාකර දන්වන්න.
Open Office 2.3 හි පරිවර්තන මෙම මස 25 දිනට ප්‍රථම අවසන් කළ යුතු ඇති
අතර සිංල පරිවර්තන කටයුතු මුල සිට ඇරඹිමට සිදු වී ඇත.
අපට 26 දිනෙන් පසුවද 2.3 වෙළුම සඳහා පරිවර්තන සිදු කළ හැකි වුවද,
සිංහල මුහුණත් සහිතOpen Office සඳහා අපට Open Office 2.4 වෙළුම
නිකුත් වනතුරු බලාසිටිමට සිදුවනු ඇත.
කරුණාකර පහත පුරුක් බලන්න.
http://wiki.services.openoffice.org/wiki/OOoRelease23
http://wiki.services.openoffice.org/wiki/Translation_for_2.3

ස්තුතියි,
ඩනිෂ්ක නවින්

Comments

  1. කවුරුහෝ මහන්සියෙන් යමක් කලපසු එයින් අයුතු ප්‍රයෝජන ලබා ගැනිමට බල ගෙන සිටින අය අනන්තවත් සිටිනවා.ඉදිරියටම කරගෙන යන්න.සින්හල ඔෆිස් එනතුරු අපි බලාගෙන සිටිනවා. ඔබට ජය.

    ReplyDelete
  2. ඔබ සැමට ජය!!!, සම්පූර්ණයෙන්ම දෙශීයක‍රණය වූ මෙහෙයුම් පද්ධතියක් එනතුරු බලා සිටිමි.

    ඉදිරියේදී සහය විමට මමද කැමතිය.

    ReplyDelete
  3. මට දෙන්න පුළුවන් බකප් එක ව්තරක් වගේය.දිගටම කරගෙන යන්න සෙට් එකටම ‍ධෛර්යය ලැබෙන්න ඕන.අපි ඒක සිංහලෙන් එනකම් බලාගෙන ඉන්නවා...ජය!!!

    ReplyDelete
  4. What is this? When ever srilankans do something , they all fight to get credit...blaming each other....Funny thing is that this is only happening among srilankans... Most of the open source projects were developed by westerners but they never fight to be famous ......if a Srilankan do something..there is another srilankan trying to get credit or blame some one...is it part of our culture?

    ReplyDelete
  5. මේක ලංකාවේ බහුලව කරන ජරා වැඩක්. උගේ නම යනවා අපේ හම යනවා කියලා කියන්න තමයි තියෙන්නේ!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක...

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...