Skip to main content

2008 අ.පො.ස. (සා.පෙළ) IT විශය සඳහා ඔබත් වංචාකරුවෙක් ද?

පසුගිය වසරේ පැවැත් වූ 2008 අ.පො.ස. (සා.පෙළ) තොරතුරු තාක්‍ෂණ වියට අදාලව ලකුණු 25 වෙන්කර තිබුනේ පළමු වාරයේ සිට ක්‍රියාත්මක විය යුතුව තිබු තොරතුරු තාක්‍ෂණ ව්‍යපෘතියක් සඳහායි.

එම ව්‍යපෘතියට අදාල උපදෙස් පත්‍රීකාවලට අනුව එය නිසිසේ සැලසුම් කර තිබුණි.

මෙම ව්‍යපෘතිය සඳහා යෝජනා පළමු වාරයේ තුන්වන සතිය වන විට විශය භාර ගුරුවරයාට ලබා දියයුතූ බව අදාල උපදෙස් වල මැනවින් සටහන් වී තිබුණි. නමුත් බහුතරයක් තොරතුරු තාක්‍ෂණ විශය භාර ගුරුවරු මෙම ව්‍යපෘතිය පිළිබඳව සිසුන් දැනුවත් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ වීම අතිශය කනගාටුදායක සිද්ධියකි.

විභාගය අතලගට ආවම කව්ද මේවගේ ව්‍යපෘති කරන්න යන්නෙ?
එක්කෝ කලින් අවුරුද්දේ කළ කෙනෙක්ගේ එක ඉල්ලන් පෙන්වනවා,...

හැබැයි මෙකෙදි විභාග දෙපාර්තුමෙන්තුවට ලකුණු යවන්නේ අදාල විශය භාර ගුරුවරයා වීම ද සිසුන්ගේ සැනසුමට කාරනයක් විය.

ඉතින් මෙන්න සිද්ධිය:

මෙවර තොරතුරු තාක්‍ෂණ විෂයට A සාමාර්තයක් ගත් කිහිපදෙනෙක්ගෙන් විමසූ විට ඔවුන් මෙවැනි ව්‍යාපෘතියක් ලබා දී නොමැත. එසේ නම් පිළිතුරු පත්‍රයට ලැබෙන ලකුණු 75න් 75ම ඔවුන් ලබාගෙන ඇත. එක් ලකුණක් හෝ අඩු වුවා නම් B එකක් ලැබිය යුතුයි.

ඇත්තටම ඒකද උනේ?

A සාමාර්ත ගත්ත අයගේ පිළිතුරු පත්‍ර යළි විපරම් කළා නම් මෙහි මගඩියක් වී ඇති බව පැහැදිලි වනු ඇත!

වෙනත් කෙනෙක් පිළිතුරු ලිවීම විභාග වංචාවක් නම් අතින් ලකුණු දැමීම විභාග වංචාවක් නොවේ ද?


මා අතින් වැරදි යමක් සටහන්ව ඇත් නම් කරුණාකර නිවැරදි කරන්න.


වැදගත්:

මීට සුලු මොහොතකට පෙර එනම් 2009-04-21 ප:ව 3.00 අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකිවයුතු නිළධාරියෙක් දුරකතනය හරාහා පැවසුයේ තොරතුරු තාක්‍ෂණ විශය සඳහා වූ ප්‍රශ්න පත්‍රයට 100% ලකුණු ලබා දී ඇති බවත් ව්‍යපෘතියට ලකුණු ලබා දි නැති බවයි.

දැනුවත් කිරීම පිළිබඳව එතුමාට ස්තුතිය පළකර සිටිමි!

Comments

  1. අධ්‍යාපනයට ගිය කල,

    ReplyDelete
  2. @ Kulendra

    It's mean 100% for the exam paper ...?

    ඉතා අසාර්ථක අධ්‍යන ක්‍රමයක් වන විභාග සඳහා තිබෙන එක් විකල්පයක් වන පැවරුම් හෙවත් ව්‍යාපෘතිවලට (ව්‍යාපෘති වලට) ගිය කල...!

    ReplyDelete
  3. IT විතරක් නම් නෙමේ අනිත් එව්වාට ඔහොමයි නොවැ. එකම ඉස්කෝලේ එකම පන්ති භාර ගුරැවරයා යටතේ කෙනෙක් දුන්න ව්‍යාපතියනේ ඉතිං ආපහු කෝපි ගහලා දෙන්නේත්.

    ReplyDelete
  4. වසරක් පුරා කරන්නට නියමිත වූ එම ව්‍යාපෘතිය විභාග ලකුණු වලට අදාල නොවන බව සිසුන් සහ ගුරුවරුන් දැනුවත් වී නොතිබුනේද?

    අනෙක් අතට IT වෙනුවෙන් ව්‍යාපෘතියකින් තොර විභාගයක වටිනාකමක් තිබේද? එසේ නම් ඒ අධ්‍යපනඥයින්ගෙ වැරැද්දකි.

    විභාග නිසා සෑමදා ආතතියට පත්ව සිටින, පොත් කාවන් බවට පත්ව සිටින සිසුන් මෙවැන්නක් කලින් දැන සිටියේ නම් අනිවාර්යයෙන්ම ව්‍යාපෘතියක් ගැන හිතන්නේ වත් නැති බව නම් ප්‍රත්‍යක්ෂය.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක