Skip to main content

උතුරු මැදපලාතේ නිදහස් සහ විවෘත කේත මෘදුකාංග හදුන්වාදිමේ වැඩසටහන්

පසුගිය මාස දෙක තුළ ලංකාවේ විශාලතම පලාත වන උතුරු මැද පලාතේ ලිනක්ස් භාවිතය නැන්වීම සඳහා වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තබුත්තේගම සහ මැදවච්චිය අධ්‍යාපන කලාප සඳහා ද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ සහ දිඹුලාගල අධ්‍යාපන කලාප සඳහා ද හන්තාන ලිනක්ස් භාවිත කරමින් විවෘත කේත මෘදුකාංග හදුන්වාදිමේ දෙදින පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. මේ සඳහා අදාල කලාප අධ්‍යාපන කාර්යයලාවල සහාය ඇතිව එම ප්‍රදේශයේ තොරතුරු තාක්‍ෂණ ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්තකව නිමා විය.

අනුරාධපුර දිස්ත්‍රික්කය:
 
තඹුත්තේගම අධ්‍යාපන කලාපය
දිනය  : 2011 මැයි මස 20 හා 21

වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා
ස්ථානය :
එප්පාවල සිද්ධාර්ථ විද්‍යාලය
සම්බන්ධීකරණය :- තුසිත කුමාර මහත්මා
  

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය
දිනය  : 2011 ජුනි මස 08 හා 09
වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා
ස්ථානය : මෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මැදවච්චිය
සම්බන්ධීකරණය :- ලයනල් මහත්මා

පොලොන්නරුව දිස්ත්‍රික්කය:

හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය
දිනය  : 2011 ජූලි මස 12 හා 13
වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා
ස්ථානය : හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසල
සම්බන්ධීකරණය :- පාලිත බද්දේගම මහත්මා


දිඹුලාගල අධ්‍යාපන කලාපය
දිනය  : 2011 ජූලි මස 15 හා 16
වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා
ස්ථානය : පො/දිඹු/ සෙවනපිටිය මහා විද්‍යාලය
සම්බන්ධීකරණය :- පාලිත බද්දේගම මහත්මා හා කලාප තොරතුරු තාක්ෂණ විෂයය භාර අධ්‍යක්ෂතුමිය



                      වැඩසටහනට එක් වූ හිගුරක්ගොඩ කලාපයේ තොරතුරු තාක්‍ෂණ ගුරුවරුන් පිරිසක්

වැඩසටහන් සියල්ල අතරින්ම හිගුරක්ගොඩ කලාපය සඳහා දියත් කළ වැඩ සටහන සඳහා 50කට ආසන්න පාසැල් ගුරුවරුන් පිරිසක් එක් වීම සුවිශේෂි සිද්ධියක් වූ අතර, පරිගණක 20ක් මඟින් මේ කටයුතු ආවරණය කරගැනීම අසීරු වුවත් ගුරුවරුන්ගේ උණන්දුව සම්පත් හිගයට වඩා කැපිපෙනුනි.  නාගරික පෙදෙස්වල මෙන් ප්‍රවාහන පහසුකම් නිසි ලෙස නොමැති කම නිසා සමහරෙක් මද සවස 4.30ට පමණ නික්ම ගියත් සමස්තයක් ලෙස වැඩසටහන සාර්ථකව නිම විය.


ඉහත සියලු වැඩසටහන් සඳහා මූලික කටයුතු මෙන්ම සම්බන්ධීකරණ කටයුතු අනුරපුර, අන්ගමුව, රාජාන්ගනය යාය 6 අ/අන්ගමුව යාය 6 විද්‍යාලයේ තුසිත කුමාර මහතා විසින් සිදු කළ අතර වැඩසටහනට දායකවු සියල්ලන්ටම ප්‍රජාව වෙනුවෙන් ස්තුතිය පළකරමි.

තවද දිඹුලාගල කලාපය සඳහා සිදු කළ වැඩසටහන සඳහා පැමිණි ගුරුවරුන්ගෙන් එක් පාසැලකට පමණක් ADSL සබදතාවය හිමිව තිබීම පුදුමයකට කාරණයක් විය. කොළඹ සිටින මිතුරු මිතුරියන් තමන්ගේ ජාල වේගය පිරික්සද්දි මෙවැනි පලාත් වල කරන්න තියෙන්නේ වේගය කෙසේ වෙතත් ජාල සම්බන්දය තිබේද නැද්ද යන වගයි. 

කෙසේ වෙතතත් අන්තර්ජාල භාවිතය සඳහා අවම පහසුකම් ඇති පෙදෙස්වල සිටින පරිශීලකයින් ඉලක්ක කරගනිමින් එළදැක් වූ හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය මෙහි අවශ්‍ය තාවය ඇති පිරිස් වෙත රැගෙන යාමට විවිධ අයුරින් (සම්බන්ධීකරන, නවාතැන් ඇතුලු මූලික අවශ්‍යතා) එක් වූ සැමට ස්තුතියි. 

මා සමඟ වැඩසටහන් අතර වාරයේ උතුරු මැදපලාතේ සුවිශේෂි ස්තාන දැකබලා ගැනීමට සහාය වු උදාර, නදීක, දිමුතු, අසේල, බණ්ඩාර, පාලිත සහ තිලක් යන මිතුරන්ද සතුටින් මතක් කර සිටිමි.

Comments

  1. නිහාවි පළමුවම ගෙන යා යුතු තැනට - පාසලට ගෙනයාමට ඔබ දරන උත්සාහය ඉත් අගය කොට සලකමි.

    ReplyDelete
  2. නිහඩවම කරන්නා වූ මේ සේවාවට අපගේ උපහාරය!!

    ReplyDelete
  3. දිගටම කරගෙන යන්න.සුභ පැතුම්!!!!!!!1

    ReplyDelete
  4. ඒ වගේ වැඩ සටහන් කරන එක ගොඩක් හොඳයි,,,නියමයි සුභ පැතුම්.

    ReplyDelete
  5. බන්දුල, ඩීප්ස්, නදීස්, මලිති:

    ඔබ සැමට ස්තුතිය :)

    ReplyDelete
  6. හිතවත් ඩනිශ්ක, ඔබ උතුරුමැද පළාතේ පාසල් තුළ හන්තාන ලිනක්ස් හඳුන්වාදීමේ වැඩසටහන් සඳහා ගුරුභවතුන් පුහුණු කිරීම සඳහා ගත් උනන්දුව හා උත්සාහය පිළිබඳව උතුරුමැද පළාතේ තොරතුරු තාක්ෂණ විෂයය තුළ රැදී සිටින සියලුම ගුරුභවතුන් වෙනුවෙන් බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා.
    එහිදී සමහර අවස්ථා වලදී සාර්ථකව එම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට හැකි වූ අතර සමහර ස්ථාන වලදී ඔබ බලාපොරොත්තු වූ මට්ටමට එම ක්‍රියාවලිය සිදු නොවීම ඔබගේ කනස්සල්ලට හේතු වුවත්, අවස්ථාවෝචිතව ඔබ එම කාර්යය සම්පූර්ණ කිරීමට ගත් උත්සාහය අගය කළ යුතුමයි.
    විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මේ පිළිබඳව මීට වඩා බෙහෙවින් ම යොමු විය යුතු බවයි මාගේ හැගීම.අප වැනි රටකට විවෘත හා නිදහස් මෘදුකාංග භාවිතය මඟින් ඉතිරි කර ගත හැකි ජාතික ධනය අති මහත්. අනෙක් අතින් අධ්‍යාපනික වශයෙන් බෙහෙවින් වැදගත් මෘදුකාංග ගණනාවක් හන්තාන තුළ අන්තර්ගතයි.
    ඔබගේ සද්කාර්යය සඳහා දේශීයත්වය ගැන වේදිකා මත දේශනා කරන නිසි බලධරයන්ගේ අවධානය තවමත් යොමු නොවීම කනස්සල්ලට කරුණක් උවත් ඔබ ඇතුලු කණ්ඩායම දරන උත්සාහයට අප බෙහෙව්න් ම කෘතවේදීත්වය පල කරනවා.
    එපමණක් නොව අපට හැකි අයුරින් ඔබගේ කාර්යයට දායක වීමටද අප සූදානම්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක