Skip to main content

උතුරු මැදපලාතේ නිදහස් සහ විවෘත කේත මෘදුකාංග හදුන්වාදිමේ වැඩසටහන්

පසුගිය මාස දෙක තුළ ලංකාවේ විශාලතම පලාත වන උතුරු මැද පලාතේ ලිනක්ස් භාවිතය නැන්වීම සඳහා වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තබුත්තේගම සහ මැදවච්චිය අධ්‍යාපන කලාප සඳහා ද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ හිගුරක්ගොඩ සහ දිඹුලාගල අධ්‍යාපන කලාප සඳහා ද හන්තාන ලිනක්ස් භාවිත කරමින් විවෘත කේත මෘදුකාංග හදුන්වාදිමේ දෙදින පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. මේ සඳහා අදාල කලාප අධ්‍යාපන කාර්යයලාවල සහාය ඇතිව එම ප්‍රදේශයේ තොරතුරු තාක්‍ෂණ ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්තකව නිමා විය.

අනුරාධපුර දිස්ත්‍රික්කය:
 
තඹුත්තේගම අධ්‍යාපන කලාපය
දිනය  : 2011 මැයි මස 20 හා 21

වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා
ස්ථානය :
එප්පාවල සිද්ධාර්ථ විද්‍යාලය
සම්බන්ධීකරණය :- තුසිත කුමාර මහත්මා
  

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය
දිනය  : 2011 ජුනි මස 08 හා 09
වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා
ස්ථානය : මෛත්‍රිපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මැදවච්චිය
සම්බන්ධීකරණය :- ලයනල් මහත්මා

පොලොන්නරුව දිස්ත්‍රික්කය:

හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය
දිනය  : 2011 ජූලි මස 12 හා 13
වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා
ස්ථානය : හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසල
සම්බන්ධීකරණය :- පාලිත බද්දේගම මහත්මා


දිඹුලාගල අධ්‍යාපන කලාපය
දිනය  : 2011 ජූලි මස 15 හා 16
වේලාව : පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා
ස්ථානය : පො/දිඹු/ සෙවනපිටිය මහා විද්‍යාලය
සම්බන්ධීකරණය :- පාලිත බද්දේගම මහත්මා හා කලාප තොරතුරු තාක්ෂණ විෂයය භාර අධ්‍යක්ෂතුමිය



                      වැඩසටහනට එක් වූ හිගුරක්ගොඩ කලාපයේ තොරතුරු තාක්‍ෂණ ගුරුවරුන් පිරිසක්

වැඩසටහන් සියල්ල අතරින්ම හිගුරක්ගොඩ කලාපය සඳහා දියත් කළ වැඩ සටහන සඳහා 50කට ආසන්න පාසැල් ගුරුවරුන් පිරිසක් එක් වීම සුවිශේෂි සිද්ධියක් වූ අතර, පරිගණක 20ක් මඟින් මේ කටයුතු ආවරණය කරගැනීම අසීරු වුවත් ගුරුවරුන්ගේ උණන්දුව සම්පත් හිගයට වඩා කැපිපෙනුනි.  නාගරික පෙදෙස්වල මෙන් ප්‍රවාහන පහසුකම් නිසි ලෙස නොමැති කම නිසා සමහරෙක් මද සවස 4.30ට පමණ නික්ම ගියත් සමස්තයක් ලෙස වැඩසටහන සාර්ථකව නිම විය.


ඉහත සියලු වැඩසටහන් සඳහා මූලික කටයුතු මෙන්ම සම්බන්ධීකරණ කටයුතු අනුරපුර, අන්ගමුව, රාජාන්ගනය යාය 6 අ/අන්ගමුව යාය 6 විද්‍යාලයේ තුසිත කුමාර මහතා විසින් සිදු කළ අතර වැඩසටහනට දායකවු සියල්ලන්ටම ප්‍රජාව වෙනුවෙන් ස්තුතිය පළකරමි.

තවද දිඹුලාගල කලාපය සඳහා සිදු කළ වැඩසටහන සඳහා පැමිණි ගුරුවරුන්ගෙන් එක් පාසැලකට පමණක් ADSL සබදතාවය හිමිව තිබීම පුදුමයකට කාරණයක් විය. කොළඹ සිටින මිතුරු මිතුරියන් තමන්ගේ ජාල වේගය පිරික්සද්දි මෙවැනි පලාත් වල කරන්න තියෙන්නේ වේගය කෙසේ වෙතත් ජාල සම්බන්දය තිබේද නැද්ද යන වගයි. 

කෙසේ වෙතතත් අන්තර්ජාල භාවිතය සඳහා අවම පහසුකම් ඇති පෙදෙස්වල සිටින පරිශීලකයින් ඉලක්ක කරගනිමින් එළදැක් වූ හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය මෙහි අවශ්‍ය තාවය ඇති පිරිස් වෙත රැගෙන යාමට විවිධ අයුරින් (සම්බන්ධීකරන, නවාතැන් ඇතුලු මූලික අවශ්‍යතා) එක් වූ සැමට ස්තුතියි. 

මා සමඟ වැඩසටහන් අතර වාරයේ උතුරු මැදපලාතේ සුවිශේෂි ස්තාන දැකබලා ගැනීමට සහාය වු උදාර, නදීක, දිමුතු, අසේල, බණ්ඩාර, පාලිත සහ තිලක් යන මිතුරන්ද සතුටින් මතක් කර සිටිමි.

Comments

  1. නිහාවි පළමුවම ගෙන යා යුතු තැනට - පාසලට ගෙනයාමට ඔබ දරන උත්සාහය ඉත් අගය කොට සලකමි.

    ReplyDelete
  2. නිහඩවම කරන්නා වූ මේ සේවාවට අපගේ උපහාරය!!

    ReplyDelete
  3. දිගටම කරගෙන යන්න.සුභ පැතුම්!!!!!!!1

    ReplyDelete
  4. ඒ වගේ වැඩ සටහන් කරන එක ගොඩක් හොඳයි,,,නියමයි සුභ පැතුම්.

    ReplyDelete
  5. බන්දුල, ඩීප්ස්, නදීස්, මලිති:

    ඔබ සැමට ස්තුතිය :)

    ReplyDelete
  6. හිතවත් ඩනිශ්ක, ඔබ උතුරුමැද පළාතේ පාසල් තුළ හන්තාන ලිනක්ස් හඳුන්වාදීමේ වැඩසටහන් සඳහා ගුරුභවතුන් පුහුණු කිරීම සඳහා ගත් උනන්දුව හා උත්සාහය පිළිබඳව උතුරුමැද පළාතේ තොරතුරු තාක්ෂණ විෂයය තුළ රැදී සිටින සියලුම ගුරුභවතුන් වෙනුවෙන් බෙහෙවින්ම ස්තුති වන්ත වෙනවා.
    එහිදී සමහර අවස්ථා වලදී සාර්ථකව එම වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට හැකි වූ අතර සමහර ස්ථාන වලදී ඔබ බලාපොරොත්තු වූ මට්ටමට එම ක්‍රියාවලිය සිදු නොවීම ඔබගේ කනස්සල්ලට හේතු වුවත්, අවස්ථාවෝචිතව ඔබ එම කාර්යය සම්පූර්ණ කිරීමට ගත් උත්සාහය අගය කළ යුතුමයි.
    විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මේ පිළිබඳව මීට වඩා බෙහෙවින් ම යොමු විය යුතු බවයි මාගේ හැගීම.අප වැනි රටකට විවෘත හා නිදහස් මෘදුකාංග භාවිතය මඟින් ඉතිරි කර ගත හැකි ජාතික ධනය අති මහත්. අනෙක් අතින් අධ්‍යාපනික වශයෙන් බෙහෙවින් වැදගත් මෘදුකාංග ගණනාවක් හන්තාන තුළ අන්තර්ගතයි.
    ඔබගේ සද්කාර්යය සඳහා දේශීයත්වය ගැන වේදිකා මත දේශනා කරන නිසි බලධරයන්ගේ අවධානය තවමත් යොමු නොවීම කනස්සල්ලට කරුණක් උවත් ඔබ ඇතුලු කණ්ඩායම දරන උත්සාහයට අප බෙහෙව්න් ම කෘතවේදීත්වය පල කරනවා.
    එපමණක් නොව අපට හැකි අයුරින් ඔබගේ කාර්යයට දායක වීමටද අප සූදානම්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...