Skip to main content

අයන්න කියන්න ලොවටම ඇහෙන්න...

හන්තාන පසල්  පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය තුළදි පාසල තුළ පරිගණක විද්‍යාගාරයක් ස්ථාපනය කිරීමට ඇති සැළසුම එලෙසම ඉදිරියට ක්‍රියාත්මක වන අතර ප්‍රාථමික පාසල් සඳහා පංති කාමරය තුළට පරිගණකය රැගෙන යාම නියමු ව්‍යාපෘතියක් ලෙස මලල්ගොඩ පාසැලේදි සිදු විය. ඔබේ වටිනා කාලයෙන් එක් මොහොතක් ගතකර මෙම සටහන කියවා පාසලට හන්තාන ලබා දුන් පළමු දිනයේදීම දරුවන් ගේ ප්‍රථිචාරයන් සහ පාසැල් ගුරුමණ්ඩලය මෙන්ම දෙමාපිය අදහස් කෙරෙහි සවන් දෙන්න


"හොදම දේ දරුන්ට" යන්න සනාථ කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ . ඉමදූව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ හබරාදුව අධ්‍යාපන කොට්ඨායේ ගා/මලල්ගොඩ සිරිසීවලී ප්‍රාථමික විද්‍යාලයේ පලමු වසර දරුවන් සදහා අධ්‍යාපනික මෙවලමක් ලෙස හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම 2012 ජනවාරි මස 30 වන දින සිදු විය.

වසරක් පමණ වසා දමා තිබු මෙම පාසල නැවත 2012 ජනවාරි මස 16 වන දින පාසල් 1000 ව්‍යාපෘතිය තුල පෝෂිත පාසලක් ලෙස ඇරඹීම සිදුවිය . මෙම ඇරඹුම සදහා පූර්ණ දායකත්වය ප්‍රදේශවාසීන්ගෙන් සහ දෙමාපියන් ගෙන් ලැබීතිබුනි. බහුතරයක් දෙනා එදිනෙදා රැකියාවන් සහ පෞද්ගලික ආයතනවල රැකියා කරන්නන් වීම විශේෂත්වයකි. එසේම මෙහිදී දක්නට ලැබුන සුවිශේසී කරුණක් වූයේ එදිනෙදා සාමාන්‍ය කම්කරු රැකියාවක් කරන පියකු සහ විදේශ ගතව ගෘහ සේවා රැකියාවක් කර මුදල් උපයාගත් මවක ගෙන් යුත් පවුලක් විසින් මෙම පාසල සඳහා රුපියල් 12000/= පමණ වටිනා පරිගනකයක් පරිත්‍යාගකිරීමයි.  

මෙහි දී එම මවගෙන් මෙම පරිත්‍යාගය පිළිබඳ කරුණුවිමසීමේ දී ප්‍රකාශ කරන ලද්දේ තම දරුවා වෙනත් පාසලකට යාමට සිදුවූවා නම් ඇයට මසකට ත්‍රිරෝද රථ ගාස්තු වශයෙන් රුපියල් 1200/=ක් පමණ වැය කිරීමට සිදුවන බවත් , වසරක දී රුපියල් 12000/= පමණ වැය කිරීමට සිදුවන බවත්ය. එබැවින් එම මුදල පරිගනකයක් මිළ දී ගැනීම සඳහා පරිත්‍යාග කර තම දරුවාට මෙන්ම අනෙකුත් දරුවන්ට ද එමගින් අධ්‍යාපනය ලබා දීමට ඉඩසලසා දීම තමාගේ අරමුණ බව පැවසූ ඇය ඒ පිළිබඳව ඉතාමත් නිහතමානීව සතුටුවන බව ද ප්‍රකාශ කලේය.

මෙවැනි දූර දර්ශී අදහස් ඇති ග්‍රාමීය ජනතාවක් මෙම පාසල හා සම්බන්ධවී සිටීම මෙම පාසල තුල හන්තාන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරමින් ප්‍රාථමික අධ්‍යපනය සඳහා දායකත්වය සැපයීමට ප්‍රධාන කරුණක් විය. තවත් සමහර දෙමාපියන් දිවා කාලයේ තම එදිනෙදා සාමන්‍ය කම්කරු රැකියාව කර පසුව රාත්‍රිකාලයේ නිදිමරමින් පාසල් ගොඩනැඟිලි හා භාණ්ඩ සංවර්ධනය කිරීමට කැපවනු දැක ගත හැකිවිය.

පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 15 දෙනෙකු වූ අතර විදුහල්පති තුමා සහ 1ශ්‍රේණය භාර ගුරු තුමිය සමඟ ඉංග්‍රිසි විෂය සඳහා ගුරුතුමියක් ද සිටියහ. ප්‍රාථමික අධ්‍යාපනය සඳහා හන්තාන අධ්‍යාපනික මෘදුකාංග භාවිත කල පළමු දින අපට විශේෂ සිදුවීම් කීපයක් දැකබලා ගැනීමට හැකිවිය.එක් පරිගනකයක් තිබූබැවින් එදින හබරාදූව කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට අයත්ව තිබූ "මල්ටිමීඩියා" ප්‍රොජෙක්ටරය ආධාර කරගනිමින් දරුවනට මෙම අධ්‍යාපනික මෘදු කාංග මගින් විෂයට අදාල සංකල්ප ගොඩනැංවීම සිදුකරනු ලදී.එදින වර්ණ හදුනා ගැනීම යන සංකල්පය සංවර්ධනයට හන්තාන අධ්‍යාපනික මෘදුකාංග භාවිතා කරන ලදී

මෙහි දී වෙනත් අවස්ථාවන්ට සාපේක්ෂව දරුවන් ඉතාමත් උනන්දුවෙන් පාඩමට සහභාගිවීම දක්නට ලැබුණි, ඉතාමත් විනෝදාත්මක ආකාරයෙන් දරුවන් පාඩමට සම්බන්ධවන අයරු දක්නට ලැබුණි. මෙම අවසථාවේ දී ගුරු තුමියගෙන් වරින් වර මෙම මෘදුකාංග භාවිතා කිරීමට ඹවුනට ද අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලීම් කරනු දැකගත හැකිවිය. එය මෙම අවස්ථාවට සහභාගීවු දෙමාපියන් , හබරාදුව අධ්‍යාපන කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන් ,විදුහල්පති තුමන් ඇතුළු ප්‍රදේශවාසීන් ගේ නෙත් වලින් සතුටු කදුළු හැළුනු දසුනක් විය.  

වෙනදා දිවා ආහාර වේල ආසන්නයේ දී "බඩගිනියි.....බඩගිනියි...” පවසන ලමුන් එමවේලාව පසු වුවද ඒ සඳහා දරුවන්ගේ අවධානයක් නොවී පාඩම සඳහා යෙමුවී සිටීම විශේෂ සිදුවීමක් විය.

තවද වෙනත් අවස්ථාවලට සාපේක්ෂව මෙම මෘදුකාංග භාවිතය තුලින් විෂය සංකල්ප ලබාදීම ඉතාමත් පහසු බව පංතිය භාර ගුරු තුමිය ද පැවසීය. තවද එදින දරුවන් පාසලෙන් බැහැර යන වේලාව පසුවීත් දරුවන් පංතියේ රැඳී සිටිනු දැකගත හැකිවිය.



ප්‍රධාන වශයෙන් ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රියාවලියක් පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක වන බැවින් තනි පරිගනකයක් සහ "මල්ටිමීඩියා" ප්‍රොජෙක්ටරයක් ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. එබැවින් අඩුතරමින් ළමුන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහාවත් එක් පරිගණකයක් තිබීම අත්‍යාවශ්‍යය. අඩු ආදායම් ලාභීන් බහුතරයක් වෙසෙන මෙවැනි ප්‍රදේශවල පාසල් සඳහා දෙමාපියන්ට සහ ප්‍රදේශවාසීන්ට එම අවශ්‍යතාවයන් ඉටු කරදීමේ හැකියාවක්ද නොමැත. එබැවින් මෙවැනි පාසල් සඳහා අනුග්‍රාහකයන් ගේ දායකත්වය ඉතාමත් වැදගත් තැනක් ගනී .

පාසල් අධ්‍යාපනය ගුණාත්මක ලෙස සංවර්ධනය කිරීම රටේ සංවර්ධනයට මහත් පිටුවහලක්වේ . එබැවින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්තිය යොදා ගනිමින් තොරතුරු තාක්ෂණයෙන් පාසල් අධ්‍යාපනය සංවර්ධනය කරමින් රටේ ජනතාව සවිබල ගැන්වීම හන්තාන ලිනක්ස් ප්‍රජාවේ අරමුණයි. මෙම අරමුණ වෙනුවෙන් ඔබ අප හා එක්වෙනු ඇතයි අප උදක්ම බලාපොරොත්තුවෙමු. 



එන්න ඒ දරුවන්ට අනාගත ලෝකයට පිවිසීමට සහය වන්න...


වලපනේ, දෙකටන, මැදවච්චිය ප්‍රදේශ තුළ ඇති පාසැල් තුනක් තුළ ද හන්තාන ලිනක්ස් ප්‍රජාවෙන් බලගැන්වෙන පරිගණක විද්‍යාගාර නිමැවීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවති.  ගමේ දරුවන්ට තොරතුරු තාක්ෂණයෙන් අකුරු කරන්න අත්වැලක් දීමට ඔබට ද අවස්ථාව ඇත.


හන්තාන පාසැල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය සඳහා ඔබත් අදම එක්වන්න.

විඩියෝව සඳහා සැබඳිය:  http://www.youtube.com/watch?v=zTN-6e0Sa_Q

Comments

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක