Skip to main content

ඔහු ත්‍රස්තවාදියෙක් නොවේ!

සැයු:
මෙම සටහන කියවන්නට පෙර, මේ සටහන ලියා ඇත්තේ තවත් එක් සිවිල් වැසියකුගේ ජිවිතයක් පිළිබඳව වන අතර ඉන් කිසිදු අයුරකින් යුධහමුදා හෝ මෙරට යුද්ධයෙන් මියගිය හෝ අපවත්වුණු ජීවිත වලට අපහාසයක් කිරිමේ අඳහසින් නොවේ! අනේක විධ කරදර සහවේදනා සහිතව මිය ගිය සහ දැනට ජීවත් වන සියළු යුධහමුදා සාමාජිකයින්ට යුද්ධය අවසන් කිරීමේ ගෞරවය ලැබෙනව.


මා සමඟ රජයේ විශ්ව විද්‍යාලයකදි එකට ඉගෙන ගෙන උපාධිය අවසන් කළ යාලුවෙක් (විශ්ව විද්‍යාලයේ 'සෙත්තල්' නමින් ඔහු හැදින් වුණි) පසුවඋපාධි ධාරින් බදාවා ගැනීම යටතෙ ගුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා රජයේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුවරයෙකු ලෙස පත්වීමක් ලැබුවා.

ඉන් අනතුරුව 30 වසරක යුද්ධයේ අවසාන අධියරේදි මියගිය දමිළ වැසියන් අතරේ ඔහුත් මිය ගිය එක් සිවිල් වැසියෙක් වගේම රජයේ සේවකයෙක්. දැන් ඔහුගේ ඥාතින් ට හෝ දකුණේ ඔහු සමඟ එකට ඉගෙන ගත් 70කට අධික සිංහල සිංදුන්ට අයිතියක් නැත්ද? 

ඔහු ඔහු ත්‍රස්තවාදියෙක් නෙමේ!

(නමුත් මින් අදහස් වෙන්නෙ නැ විශ්ව විද්‍යාල හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතන තුළ  අවම වශයෙන් එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදි සංවිදානයට මතවාදීව සහාය දැක් වූ එකදු සිසුවෙකු නොසිටි බව.)

රජයේ හමුදාවලට එරෙහිව යුධ කළ සහ "රජයේ සේවයේ" පොළිසියේ සිය ගණනක් මරපු කරුණා අම්මාන් කොළඹ දේශපාලනය කරද්දි අහක බලාගෙන යන එකද වැරදි තමන්ගෙ නැති වුන අය සිහි කරන එකද වැරදි?

මතක තියාගන්න කරුණට සැප ගන්න වියදම් කළේ අපි හැමෝම.

මීට වසරකට පෙර  මියගිය ගම්පහ ආයුර්වේද පීඨයෙ පරිගණක අංශයේ සේවය මිතුරාත් මා සමඟ පාසළේ එකට ඉගෙන ගත් කෙනෙක්. එතකොට මම දුක්වෙන්න ඔනා සිංහල යාලුවා ගැන විතරද?
යුධ සමයෙ සිවිල් ජනතාව උතුරේත් දකුණේත් මිය ගියා.

අප දැන්වත් කළ යුතත්තේ  යළිත් වරක් 'අපේ රටේ' ලේ ගැලීමක් සිදු නොවීමට කටයුතු කිරීමයි. යළිත් යුද්ධයක් ආවොත් ජිවිත විනාශ වෙන්නෙ සාමාන්‍ය ජනතාවගෙ මිසක දේශපාලයින්ගෙ නෙමෙයි.


හමුදාව වෙනුවෙන්... අපෙන් වෙන්න ඔනා හමුදාවෙ රට වෙනුවෙන් දිවි දුන් සහ තම සාමාන්‍ය දිවිය ගත කරන්න බැරි උන හැම කෙනෙක්ගෙම දුදරුවන් ඇතුළු පවුලේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමයි. අවුරුදු 5කටත් වඩා කල් ගිහිල්ලත් අපි පෙළපාලි යන එක ගැන වාද කරන්න කළින් අදාල යුතුකම් ඉටුවෙද කියල හොයල බලන එක නේද වටින්නෙ. අඩුම ගානේ සෑම වසරකම මේ දිනෙ එද්දිවත් ඒ අයට අදාල වන්දි සහ සෞඛ්‍ය පහසුකම් දීලද කියල හොයන්න මතක් වෙනව නම් ලොකු දෙයක්. හමුදාවට හෝ පවතින රජයට අවශ්‍ය නම් ඒක සමරාවි.

මේ මගෙ පුද්ගලික අදහස.

ප.ළි:
මම සිංහලින් ලියන මේ සටහන වැරදිලා හරි දකියන්නෙ මමත් එක්ක එකට ඉගෙන ගත් සිංහල මිතුරන් පමණයි. දමිළ යාලුවො ඉස්සරහා වීරයෙක් වෙන්න අවශ්‍ය නැ ඉංග්‍රීසයෙන් ලියල. ඒවගේම ඒක උඩ බලාගෙන කෙල ගැහුව වෙනව වෙනත් රටවල අයත් පහසුවෙන් කියවන නිසා.

Comments

  1. මනුස්සකම සමරන්න දන්නෙ නෑ අපි තාම. සමරන්නෙ අමනුස්සකම. උතුරෙත් එහෙමයි දකුණෙත් එහෙමයි. අලුතින් හිතමු

    ReplyDelete
  2. //මතක තියාගන්න කරුණට සැප ගන්න වියදම් කළේ අපි හැමෝම.//
    හරි! කරුණා හිටිය කොටියෙක්. විග්නේෂ්වරන් හිටිය විනිසුරෙක්. හිටිය කොටියා අද දේශපාලන ප්‍රවාහයට එක්කහු වෙලා ප්‍රසිද්ධියේ පිළිගන්නවා ත්‍රස්තවාදය රටකට අවශ්‍ය නැති බව.. ඔහු නොබියව ප්‍රකාශ කරනව යුද්ධය හා සම්බන්ධ සියලු තොරතුරු සමහරු යට ගහන්න, විකෘති කරන්න හදන..නමුත් විග්නේෂ්වරන් තවමත් ත්‍රශ්වාදය වෙනුවෙන් පෙනී සිටිනවා..මේකෙන් අදහස් වෙන්නේ නැහැ මම කරුණා කොටියෙකු ලෙස ගත කල ජීවිතය සාධාරණීකරණය කරන බව..ආකල්පමය වෙනසක් ඔහුගේ වුණු බව පක්ෂ පාට භේදයෙන් තොරව පිළිගන්නට වෙනවා..ඒ වගේම යුද්ධ සැලසුම්වලදි ඔහුගෙන් ලද තොරතුරු නොවැදගත් වුණා කියලා පිටින් බලන ඔබටත් මටත් කියන්නට බැහැ..එසේම සිවිල් සමාජය හා ගැටෙමින් ත්‍රස්තවාදී ආකල්ප දරන්නෝ තවම උතුරේ ඉන්නවා..

    අනික් කාරණය කරුණාට සැප විඳින්න ඔබ වියදම් කළා වගේම ඔබත් මමත් අපේ වැඩිහිටියනුත් ඇතුළු සකල ශ්‍රී ලංකාවාසී හැමදෙනාම කොටි සංවිධානය තර කරන්නටත්, දියුණු කරවන්නටත් පිරිවැය දැරුවා.ඔවුන් පෝෂණය කොට මහා විනාශකාරි මිනීමරු සංවිධානයක් බවට පත්කළේ ප්‍රේමදාස, රනිල්, චන්ද්‍රිකා ඇතුළු දේශපාඥයෝ ඔවුන්ගේ බූදල්වලින් නොවෙයි..කොටි නිරපරාදේ විනාශ කල මහජන දේපල, මිනිස් ජීවිත අසීමාන්තිකයි, ඒ විනාශ වුණෙත් ඔබෙයි මගෙයි වත්කම තමයි..

    ReplyDelete
  3. L.T.T.E. කියන්නේ ත්‍රස්ත වාදීන්. අපි හැමෝම පිලිගන්නවා එක. එත් අදටත් ඔව්න් ලංකාව තුලදීම ඔවුන්ගේ විරුවන් සමරනවා. වගකිව යුත්තන් බලහ්ගෙන ඉදදීම. එක අපේ රනවිරුවන්ට කරන උපහාරයක්ද? ඇයි මේවා ගැන අපේ මිනිස්සු කතා කරන්නේ නැත්තේ?

    ReplyDelete
  4. රණවිරුවන් සමරනව කියල කරන්නෙ තමන්ගෙ දේශපාලනික වාසියට තම පුද්ගලික ප්‍රතීරුපය පිම්බීම.
    යුද්දයෙන් ජීවිත අහිමි වූ හෝ ආභාධිත වූ අයට ලැබුය යුතු වරප්‍රසාද සහ පහසුකම් ඒ පවුල් වලට සහ රණවිරුවන්ට මේ වෙද්දි දීල ඉවරද? වසරකට වරක් කෑගහන අය මේ ගැන හොයල බලනවද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක...

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...