Skip to main content

IE Vs FireFox


පසුගිය දිනක දුටු පුංචිපහේ වැඩසටහනක තිරපිටපතේ තිබුනේ IE සඳහා 80% ද FF සඳහා 20% වෙළෙඳ පොළක් ඇති බවයි. මේක ඇත්තටම අසාධාරන කතාවකි. මන්ද MSFT විසින් ඔවුන්ගේ Windoz සමඟ IE බලෙන් බෙදීම නිසා ඉබේම Windoz සඳහා ඇති වෙළෙඳ පොළ ඉබේම IE වෙත ලැබීමයි.

කව්රුවත් IE හි ගුණාත්මක භාවය ගැන කතා නොකරන්නේ ඇයි දැයි එක් ගැටළුවකි.


Firefox සඳහා සම්මාන http://www.mozilla.com/en-US/press/awards.html



Comments

  1. IE හොද නිසා වෙන්න බැරිද ඕක ගැන කව්රුත් නරකක් කියන්නේ නැත්තේ?

    මම නම් ඔය දෙකම පාවිචි කරනවා, මටනම් IE7 හා FF3 අතරින්නම් IE7 හොදයි කියලා හිතෙනවා, මොකද FF වල ගොඩක් memory leak තියනවා. අනික RAM ගොඩක් නැති PC එකක FF පාවිචි කරොත් tab ගොඩක් එක්ක computer එක ගොඩක් slow වෙනවා, මොකද FF වලට 250MB RAM වගේ යනවා tab 15කට වගේ, IE ඇත්තටම windows core එක නිසා load වෙන්න RAM නම් වඩිය යන්නේ නෑ.

    කොහොම උනන් අන්තිමට ඒක පාවිචි කරන කෙනාගේ කැමැත්ත වෙනවා.

    ආ... ඔයාගේ "Why Switch Firefox" නම් update කරන්න වෙනවා, ඔය කියන ඔකොම IE7 එක්ක එනවා :)

    IE වල තියන එකම අඩුපාඩුව තමයි windows os security issues ඔකොම වගේ IE වල එන එක, හරියට update නොකරන එකක IE පාවිචියේ ගොඩක් issues එන්න පුලුවන්.

    මම ගොඩක් වෙලාවට නම් පාවිචි කරන්නේ FF, FF3 beta 5 නම් මගේ Kubuntu වල නම් ගොඩක් පිස්සු කෙලියා... හැබැයි ff2 නම් හොදට වැඩ.

    මම දැකපු එක දෙයක් තමයි software වල, හොද දේට වඩා මිනිස්සු පාවිචි කරන්නේ තමන්ට ලෙහෙසි දේ. windows හැමෝම ගන්න මේක හේතුවක්, bill gates ට බැනලා වැඩක් නෑ. Linux ඔචර හොදනම් ඇයි නිකන් දීලත් මිනිස්සු windows සල්ලි දීලා ගන්නේ ? windows ලෙහෙසි නිසා.

    FYI:
    your going a great job by doing this localization of FF and we are really grateful for that.

    ReplyDelete
  2. ඇත්තටම ලෝකයේ පරිශීලකයන් අතුරෙන් IE භාවිතය Firefox වලට වඩා ගොඩක් වැඩි, ඩනිෂ්ක කියන Windoz සමග IE විකිණීමේ Micro$oft න්‍යාය නිසා. මෙය IE වලදි විතරක් නෙමෙයි, Micro$oft සමාගමේ වෙනත් නිෂ්පාදන විකිනීමේදිත් වෙනව.

    (සාක්කි/යොමුවක් හරියට දෙන්න මේ වෙලාවෙ බැරිවුනත් මේ ටිකත් ලියන්න කැමතියි.) Micro$oft සමාගමේ මේ ක්‍රමය, ලෝකයේ තාක්ෂණය අතින් දියුණු රටවල් බොහොමයක් (විශේෂයෙන් යුරෝපා හවුල) දැන් දැන් ප්‍රතික්ෂේප කරමින්, ඊට අදාල නෛතිකමය වැටකඩොළු බඳිමින් සිටිනවා. මෙහිදී වැඩි අවධානයක් යොමුවී තිබෙන්නේ IE සහ WMP ගැනයි. ඒවා මුදල් දී ලබාගන්නා Windoz සමග නොමිලේ දීමෙන් Web browsers සහ Media players වෙනම නිපදවන සමාගම් වල වෙළඳපලට තර්ජනයක් යැයි ඒ රටවල් පිළිගෙන තිබෙනවා. මේ සඳහා මුල්වී ක්‍රියා කළ ප්‍රධාන නිෂ්පාදන දෙකක් වන්නේ Opera සහ Winamp නිපදවන සමාගම් ලෙසයි මගේ මතකය.

    IE සහ Firefox සම්බන්ධව ගුණාත්මක පැත්ත විශේෂයෙන් සාකච්ඡා විය යුත්තක්. දැනට වෙබ් අඩවි නිර්මාණයේදී Web 2.0 සහ ඒ ආශ්‍රිත web standards සැකසී (තව දුරටත් වැඩි දියුණු වෙමින්) ඇත. එම සම්මතයන් සකසන්නේ ක්ෂේත්‍රය ආශ්‍රිත සමාගම්, විද්වතුන්, අධ්‍යාපනිකයන් සම්බන්ධ කරගෙනයි.

    එම web standards හා අදාල වන browser පරීක්ෂාවක් Acid නමින් තිබෙනව. එමගින් Browsers, වෙබ් සම්මතයන් හා කොපමණ ගැලපේදැයි මැනීමක් සිදු කරනවා. එය මෙතෙක් IE විසින් සාර්ථකව සිදුකොට නැහැ. ආරංචිවන විදිහට නම් ඉදිරියෙදි එන IE8 නම් මෙම සම්මතයන්ට අනුකූලව සකසා තිබෙනවාලු. එහෙත් Firefox, Opera, Safari, Mozilla ආදිය මෙම පරීක්ෂණයේදී 100% නොවුවත්, සාර්ථක ප්‍රතිඵල දක්වා තිබෙනවා.

    W3C මගින් සකසන සමහර XHTML/HTML සහ CSS කේත IE වලදි ක්‍රියා කරන්නෙත් නියමිත අයුරින් නොවෙයි. අදාල කේතයක් යෙදූවිට එය බ්‍රවුසරය මගින් render කළ යුතු ආකාරය, IE වලදි සමහර කේත සඳහා වෙනස් වෙනවා. ඒ නිසා, වෙබ් නිර්මාණශිල්පීන්ට IE වලින් බැලීමට එක් ආකාරයකිනුත්, අනෙකුත් බ්‍රවුසර් වලින් බැලීමට තවත් ආකාරයකිනුත් පිටු සැකසීමට සිදුවෙලා තිබීම මහා හිසරදයක්.

    මෙය මගේ පුද්ගලික අත්දැකීමක්. IE7 හි ටැබ් ක්‍රියා කාරීත්වය ඉතා දුර්වල බවයි මගේ හැඟීම. එය‍ට වැඩිපුර ටැබ් දරාගැනීමට හැකියාවක් නැතිබවයි මා අත්දැක තිබෙන්නේ.

    ඩනිෂ්ක ඉදිරිපත් කර තිබෙන "ඇයි අපි Firefox භාවිතා කළ යුත්තේ" වෙබ් පිටුවනම් අළුත් කළයුතු කාලය ඇවිල්ලා වගේ. එය කියවන්නා නොමඟයාමට ඉඩ ඇති බැවිනි.

    කෙසේ වෙතත්, Firefox 3 සහ IE8 ඉදිරි කාලයේදී නිකුත් වේවී. තවත් වසරක් පමණ ගෙවුණු තැන, අප මේ කතා කරන දේවල්වලට වෙනස්කම්, මකාදැමීම්, එකතුකිරීම් කරන්නට සිදුවේවී.

    ReplyDelete
  3. අදහස් සඳහා ස්තුතියි කාලිංග,ශ්‍රිශානු,

    >"ඇයි අපි Firefox භාවිතා කළ යුත්තේ"
    එතන අවුලක් තමා, ඒක ඉවත් කළා.

    අපි ඇතත්ටම කළ යුත්තේ අපිට හරිදේ තෝරාගැනිම මිස එකකට අන්ද බක්තිකයින් ලෙස ගැති වීම නොවේ. මට ඇතිවු ප්‍රධානතම ගැටළුව FF සඳහා කළ වැඩ සටහන IE වලින් පටන ගැනීමයි. තවද අපි FOSS කියා අඩබෙර ගසන බොරු FOSS කාරයන්ද නැතුවා නොවේ. ඔවන් ලංකා ලිනක්ස් සමූහයේ මිතුරන්ගේ පිහිටින් දිවිගෙවන බව පෙනි යයි. හොදම උදාහරණය, මම FOSS කියාගන්න කෙනෙක්ගේ තැපැල් සේවාදායකය MS Exchange Server විමයි.

    GNU/Linux සඳහා ප්‍රචලිත වීමට ප්‍රදානතම හේතුව dependency ගැටලු සහ කලක පටන් ඇති MSFT මෘදුකාංග සඳහා ඇබ්බැහි විමත්ය.

    අපට අතේ ඇති මුදලට සහ අවශ්‍යතාවය අනුව කැමති මුදෘකාංගයක් ගැනීමට නිදහස ඇත.

    නිකන් කිවට කාලිංග තවමත් අපරටේ FOSS පාසැල් පද්ධතියට හරියට නැ. ඉතින් එතන තමයි හරි තැන.

    ReplyDelete
  4. දනිෂක

    "GNU/Linux සඳහා ප්‍රචලිත වීමට ප්‍රදානතම හේතුව dependency ගැටලු සහ කලක පටන් ඇති MSFT මෘදුකාංග සඳහා ඇබ්බැහි විමත්ය."

    එක

    "GNU/Linux සඳහා ප්‍රචලිත නොවීමට ප්‍රදානතම හේතුව dependency ගැටලු සහ කලක පටන් ඇති MSFT මෘදුකාංග සඳහා ඇබ්බැහි විමත්ය."

    වෙන්න ඕනේ නේද ?

    ඒක 100% හරි. මොකද මම ලිනක්ස් එක්ක අව්රුදු 7 වගේ දගලලා තියනවා. ලොකු ම අඩුපාඩුව ඔය dependency හා හරියට normal user කෙනෙකුට හරියට තේරුම් ගන්න බැරි විදියට සකසා තිබීම.

    දැන්නම් ඒක ටිකෙන් ටික වෙනස් වනවා, ඒත් windows (desktop os) හා office replace කරන්නනම් තව කාලයක් යයි, OO වගේ ඒවා ගැන මම ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

    IE එක windows චලින් අයින් කරන එක ගැන ඔයිට කලින්ද microsoft එකට නඩුවක් තිබුනා, ඔවුන් එය IE කියන්නේ OS එකේ core කොටසක් කියලා පෙන්නලා දුන්නා, මේනිසා microsoft ඒක දිනුවා.

    දැන් එන්න එන්න ඔවුන් IE එක core එක කරලා තියෙන්නේ.

    $$ වලට ගොඩක් දේවල් කරන්න පුලුවන්නේ :)

    ලංකාවේ FOSS කරන සමාගම් ගැනනම් මම කැමති නෑ කතාකරන්න.

    FOSS ගැන windows වල ඉදන් presentation කරන FOSS අය තමයි මෙහෙ ඉන්නේ.

    ReplyDelete
  5. කාලිංග,

    ඔව්, "GNU/Linux සඳහා ප්‍රචලිත නොවීමට ප්‍රදානතම හේතුව dependency ගැටලු සහ කලක පටන් ඇති MSFT මෘදුකාංග සඳහා ඇබ්බැහි විමත්ය."
    එහෙම වෙන්න ඔනා... :D

    ස්තුතියි හැදුවට.
    නමුත් දැන් දැන් මේ dependency සඳහා ගොඩක් විසදුම් එනවා OpenSuse වල Yast සහ Fedora 9 ද අළුත් හදුන්වා දීමක් කරබව ආරංචියි. yumex උනත් නරකම නැ.
    තවපොඩ්ඩ්ක බලමු ඉවසලා....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Chrome profile එක මැකීම

සාමාන්‍යන් අපි භාවිත කරන වෙබ් ගවේශක, එහෙම නැත්නම් බ්‍රවෘසර් වල ප්‍රොයිල් එකක් තියෙනව. කලක් භාවිත කරද්දි සමහර වෙලාවට මේක ක්‍රැශ් වෙන්න පුලුවන්. එක්කෝ අප්ග්‍රේඩ් කරද්දි ඉතා කලාතුරකින් වෙන්න පුලුවන්. අද හිතවත් ගුරුමහතෙක් වන ලක්ෂමන් තිලකරත්න සර් මේ කිහිප දෙනෙක්ට ක්‍රෝම් යාවත් කරාට පස්සේ ක්‍රෝම් නිසි ලෙස වැඩ නොකරන බව සඳහන් කළා. ඉතින් ලෙසිම විදිය පරණ ප්‍රොෆයිල් එක (පැතිකඩ) මකල දාන එක. පහත සඳහන් කරලා තියෙන්නේ අදාල මෙහෙයුම් පද්ධතිය අනුව ක්‍රෝම් ප්‍රොෆයිල් එක තිබෙන තැන. Windows 7, 8.1, and 10: C:\Users\ \AppData\Local\Google\Chrome\User Data\Default Mac OS X El Capitan: Users/ /Library/Application Support/Google/Chrome/Default Linux: /home/ /.config/google-chrome/default උදාහරණයක් ලෙස මේ මගේ (Linux) පරිගණකයේ ක්‍රෝම් ප්‍රෆයල් එක තිබෙන තැන. /home/danishka/.cnfig/google-chrome/Default මේ සඳහා ක්‍රෝම් ඇඩ්රස්බාර් එකෙ chrome://version/ ලෙස ටයිප් කරලා එන්ටර් කරන්න.  එවිට ලැබෙන තොරතුරු අතරේ Profile Path ලෙස Chrome හි profile එක තිබෙන තැන දිස්වේ.  දැන් ඉතින් මේක මකල දාන්න. වින්ඩෝස්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික