Skip to main content

ඉංග්‍රිසි පාරිභාෂිත (terminology) සිංහලට හැර වීම..

සිංහල මාධ්‍යන් අධ්‍යාපනය හැදෑරු ඔබ පහත වචන අසා ඇත්දැයි බලන්න

01. ඛණ්ඩාංක
02. දෛශික
03. මිත්‍ර කෝණ
04. සමාන්තර රේඛා
05. විකර්ණය
06. උඩුකුරු තෙරපුම
07. පෘශ්ඨික ආතතිය
08. කේන්ද්‍රාභිසාරි බලය

මෙම වචන අප ඉගෙන ගන්නා විට කිසි විටෙක එහි තේරුම ගැන සැලකිලිමත් නොවු අතර එම වචන සමඟ අපට ඇසුණු තාර්කික හා තාක්‍ෂණික පසුබිම වටහා ගන්නා ලදි. මන්ද මෙම වචන අප ඉපදීමටත් පෙර නිර්මාණය වූ අතර මුල්කාලයේදි මෙම වචන භාවිතා කළ අයට මෙම වචන දිරවාගත නොහැකි විය.

"තොරතුරු තාක්‍ෂණය" සඳහා අද නිමවන සිංහල පද තවත් කලක් යන විට සිංහල බස තුළ පැල පදියම් වනු ඇත.
"ෆන් එකට සෙට් වෙන්න", "පපා", "මමි",.. කියන්නාවු සමාජයට නම් මෙය නිරස වනු ඇත.

අප රටේ ඉංග්‍රිසි සාක්‍ෂරතාවයට මෙතෙක් කල් බලපැවේ දේශියකරණය නොව, විදිමත් අයුරින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා නොදීමත්, එහි වටිනාකම පාසැවල ළමුන්ට පැහැදිලි නොකිරිමත් නිසයි. අපට මෘදුකාංගය සිංහලින් නිමැවුනත්, අදාල මෘදුකාංගයේ සහායක ලේඛන තුළ අදාල ඉංග්‍රිසි වචනයද හදුන්වා දීමක් සිදු කළ හැක. මෙමඟින් අදාල පාරිභාෂිත (terminology) හදුන්වා දීමක් සිදු කළ හැක.

මේ අතරේදි ඉංග්‍රීසි සාක්‍ෂරතාවයද ඉහල නැන්විය යුතුම වේ.
අපේ රටට සංවර්‍ධනය අවශ්‍යනම් සිංහල, ඉංග්‍රීසි සහ පරිගණක සාක්‍ෂරතාවයන් වැඩි කළ යුතු අතර, මිනිස්කමද මේ සමඟින් රැකගත යුතුම වේ.

Comments

  1. බාසාව තිබිය යුත්තේ, පහසුවෙන් අදහස් කීමට විනා, බස රෑකීමට නොවේ. මගේ අමනකමට, තවමත් මට විදුර ලක්ෂය සහ අවිදුර ලක්ෂය වෙන් කර ගත නොහැකිය. ලඟ ලක්ෂය හෝ, දුර ලක්ෂය කියා ඉගැන්නුවානම්, ඒ ප්‍රශණ නැත. මෝඩ මටත් පහසුවෙන් විද්‍යව ඉගන ගන්න තිබුනි. බොහෝ පරිබාශික සදහා, අපට අමුතුවෙන් අප්‍රබ්‍රන්සයනිර්මානය නොකර, අපි කවුරු කවුරුත් දන්නා කියන වචන පහසුවෙන් පාවිච්චි කල හැක. Mouse ට දමා ගත් අප්‍රබ්‍රන්සය, කවුරුවත් ගෙදර දොරේ පාවිච්චි කරන්නේ නැත. නමුත් කාට කාටත් තේරෙන සරල වචන පාවිච් කල කල, බාසා පන්ඩිතියන්ට යන කල මොකැයි.

    ReplyDelete
  2. බස රැක නොගතහොත් අනාගතයේහ්දී බස නැතිවනු ඇත, එම නිසා අප අපේ බස රැක ගත යුතුයි. අප අපේ බස රැක ගන්නේ නැතිනම්, වෙන කවුරුන් ඇවිත් බස රැක ගනීද ?

    අනෙක ඔබ පැවසූ ලෙස විදුර කියා වචනයක් මා අසා නැත, මාගේ ඥානයට වැටහෙන පරිදි නම් එය, 'අවිදුර' හා 'දූර' වනු ඇත, එහි තේරුම සිංහළෙන් ඉතා හොඳින් පැහදිලි වේ.

    තවද අප සිතේ තබාගත යුතු කරුණක් වනුයේ, මෙම පාරිබාෂිත සිංහළයට හැරවීමේ ප්‍රයෝජනය වන්නේ දැනටමත් හොඳින් ඉංග්‍රීසී බස හැසිරවිය හැකි පුද්ගලයන්ට පමණක් නොව, ඈත ගමක සිට පැමෙනෙණ සිංහළ බස පමණක් හසුරුවනා පුද්ගලයන්ටත් මෙහි තේරුම අවබෝධ වන අයුරෙනි. එනිසා ඉංග්‍රීසි පරිභාෂික සිංහළයට හරවන විට හොඳ සිංහළ අරුතක් ඇති, ඉංග්‍රීසියට පමණක් වහල් නොවී ඇති වචනයක් නිර්මාණය කළ යුතුය.

    මෙය සඳහා සරල වචන භාවිත කළ යුතුයැයි, ඔබ කියනා දේ මම අගය කරමි, නමුත් වචනයක් සරල වීම යනු, එය ඉංග්‍රීසියෙන් එසේම උපුටා ගැනීම නොවන බවද අප සිතෙහි තබාගත යුතුය.

    ReplyDelete
  3. ඔව් සෑම්, ඇත්තෙන්ම ඔබ හරි.

    ඒ ඔබේ අමන කම තමයි.

    ඉංග්‍රීසි වචන අගට "කර" හා/හෝ "එක" දමා (මෙය බලන්න) කතාකිරීමේදී ඔබට පහසු ඇති, ඒ භාෂාවේ වරද ද? ඔබේ වරද ද? ඉංග්‍රීසිය මෙතරම් හුරු වුණු ඔබට, උපන් දා සිට තොල් මතුරන සිංහළය අමතක වුණේ / අමාරු වුණේ කාගේ වරදින්‍ ද? ඉංග්‍රීසියේ අක්‍ෂර වින්‍යාසය බැරි, වියරණ නොදැන ලියන්නට ගියොත් ඔහු ගොඩයෙක් කොට සලකන ඔබ වැනි පුද්ගලයියෝ, සිංහළයේ අක්‍ෂර වින්‍යාසය / වියරණ වරදවන්නන්ව නවීන අදහස් වලින් යුතු බුද්ධිමතුන් සේ සලකති.

    පෙර කල සිංහළයෝ තම බස දෙස රැස දිවි දෙවැනි කොට රැකූහ. ඔබ වැනි අයට බස තිබෙණුයේ රැකීමට නොව, පහසු වීමටයි. ඔබේ අභිප්‍රායය වන්නේ සිංහළය තව වසර කිහිපයකින් අතුගෑවී යනු දැකීම ද?

    මේ කෙසේ වෙතත්, ඔබ කියනා කතාවේ කුඩා ඇත්තක් සැඟවී තිබේ. එනම් පාරිභාෂික වචන තැනිය යුත්තේ කවුරුත් නොදන්න සංස්කෘතයෙන් නොවේ. සිංහළෙනි. උශාහරණයක් ලෙසින්, ඔබම දැක්වූ, අවිදූර වෙනුවට ළඟ යොදා ගැනීම ගත හැකිය. එසේ කරනවා විනා ඉංග්‍රීසි වචනය ගෙඩිය පිටින් ගෙන එබීම සුදුසු නැත. මන්ද, සිංහළයින් සියලු දෙනා ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයන් නොවන බැවිනි. එනිසා "Mouse" යන්නෙහි ද, තේරුම නොදන්නා අය සිටිය හැක. එම නිසා ඉංග්‍රීසි නොදන්නා අයට මෙබඳු වචන සමඟ වන්නේ ඔබ දූර/අවිදූර සමඟ කළාක් මෙන් පොර බැදීමකට සූදානම් වන්නටය.

    ReplyDelete
  4. භාෂාව යනු ජාකියක අනන්‍යතාවය යි. අපටම වූ අනන්‍යතාවයත් අවශ්‍ය ද නැතහොත් අපත් සූඩානය, පිලිපීනය, උස්බෙකිස්තානය ආදී සියල්ලන් සමග පොදු අනන්‍යතාවයක් බෙදා ගන්නනේද යන්න මෙම විවාද මාතෘකාවට දක්වන ප්‍රතිචාර ම තීරණය කරනු ඇත.
    වසන්ත

    ReplyDelete
  5. මම අඩුගානේ ඉංගිරිසිය කියන වචනයවත් ලියලා නැත. ඒ උනාට කවුරු කවුරුත්, මම සිංහල බාසාව බෝතල් පත්තර වලට විකුනලා, ඉංගිරිසිය බාල දුවට කසාද බන්දලා දෙන්න කිව්වා වගේ උත්තර දීලා නොවැ.. මම ඉංගිරිසි වියාකරන දන්නේ නැති අයට ගොඩයො කිව්වලු. සිංහල දන්නේ නැති උදවියට බුද්දිමත්තු කිව්වාලු. ඉංගිරිසි වචන ගෙඩි පිටින් ගිලින්න කිව්වාලු. පරහකට තියෙන්නේ, මම ඉංගිරිසි තියා, ඉයන්න වත් පලවෙන් උත්තරයේ ලියා නැති එකයි.
    ඒ වුනාට හැම දේකටම ඉංගිරිසියැයි, බටහිරයයි, සිංහල දන්නේ නැතැයි, ඉංගිරිසියට වහල් වෙලයී, කියලා වටක් පිටක් බලන්නේ නැතිව, මඩ පහර දෙන එක අපේ ජාතිය පුරුද්දනේ.

    බඩ ගින්නට බත් කනවා මිස, බත් රැකීමට බත් බෙදන පුද්ගලයේක් නැත. අදහස් කීමට බාසාව යොදා ගන්නවා මිස, බාසාව රැකීමට බාසාව කතා කරන්නේ නැත.. එසේ කිරීමටත් බැරිය. බාසාව යනු අපි කවුරුත් කතා කරන දෙයය. මාටින් වික්රමසිංහ බස රැකීමට දිවි දෙවෙනි කර යුද්දෙට ගියේ නැත. බස රැකීම සදාහා පොත් ලීවෙත් නැත. පන් ලාබනම් පාන් කනවා මිස, අපේ කම රැකීම සදහා උදේට තලප කන පුද්ගලයේ නැත.

    කවුරුවත් ඉංගිරිසියෙන් MOUSE යැයි පාවිච්චි කොරන්නයැයි කීවාද? මා කීවේ, අප දමා ගත් අප්රබන්ස වචන අපි කවුරුත් පාවිච්චි කරන්නේ නැති බවයි. අපේ බාසා පන්ඩිතයන් දමන වචන සරල නැත්තම්, අපි ඒ සදහා සරල වචනයක් සදා ගනි. හන්ඩියේ කඩෙන් අපේ මුත්තා දත් බෙහෙත් එකක් ඉල්ලනවා මිස, දන්තාලේපනයක් දෙන්නැයී ඉල්ලනේ නැත. අලුතෙන් සරල වචනයක් හදාගන්න බැරිනම්, ඊලගට අපි ඉංගිරිසි වචනයම පාවිච්චි කරයී. අපේ මුත්තා කීවේ, ලංකාවේ හදන කාර් ගන්නේ නැතිව, ජපන් කාර් එකක් ගන්න කියලාය. එහෙම නැතිව, “පුතේ ජපන් මොටර් රථයක් ගන්න” කියලා නොවේ. අපේ මුත්තා තරම් අලංකාරෙට සිංහල කතා කරන පුද්ගලයේක් ලෝකයේ කොහෙවත් නැත. ඒ නිසා අපේ මුත්තා කාර් ඒකට කාර් යැයී කීවෙත්, එය නිවරදි සිංහල වචනයැයී. එය මගේ අනන්යතාවයයී.

    මා කියන්නේ, අමුතුවෙන් අප්රබන්ස මවන්නේ නැතිව අලංකාරෙට පහසුවෙන් වචන කියන්න සිංහලට හැකිබවයී.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හේරත් ගෙදර ගියා

2008 වසරේ දිනක මධ්‍යම පළාත් තොරතුරු තාක්ශන පුහුණු මධ්‍යස්්ථානයේ පැවති දින 5ක නේවාසික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දියත් කළා. මේක කළේ සුෙච්ත ඔව් අර අලුත්ගම සින් එකට තනියම පිකට් කළේ එයා තමයි. මේ වැඩසටහනට විවිධ ගුරු චරිත එක්ව සිටියා. ඒ අය විවිධ වු හැකියාවන් වගේම ගති ගුණ තිබු අය. හේරත් සර් ඔවුන් අතරින් කෙනෙක්. නඩේ ගුරා මෙරට ‘පරිගණකයක් භාවිතයෙන්’ රජයේ පාසලක පරිගණක අධ්‍යාපනය ලබා දේ නම් ඒ සැම පාසලකම වගේ තොරතුරු තාක්ශන ගුරුවරු මෙන්ම අධ්‍යාපන විද්‍යාපිඨ වල පිරිස් ද මේ හේරත් චරිතය අනිවාර්යෙන්ම දන්නව. මොකද පාසල් වල වාර්ශික පරිගණක නඩත්තුව සදහා රට වටා යන ගුරුවරුන් කිහිප දෙනාගෙන් කෙනෙක් මොහු. අැත්තටම මොහු ඒ ගමනේ නඩේ ගුරා කිවත් වැරදි නැ. කොට අදින අලි මේ පිරිස රටවටේ යමින් පැත්තකට විසි කර තිබු පරිගණකවලින් අඩකට වඩා සැම විටම යළි භාවිත කළ හැකි අයුරින් පිළිසකර කර දීමත්, පාසල් වලින් එන ගුරුවරුන් සහ දරුවන් සදහා තම දැණුම බෙදා දිමත් නොපැකිලව සිදු කරනව. නමුත් මේ මුදල් ඉතිරිය ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැක. බටා ගෙනව නේද? ඇත්තටම ගාල්ල අවට පුදගලික මට්ටමින් අප සංවිධානය කළ වැඩසටහන් ගණනාවකට නුවර සිට තම යතුරු …

අයියයි නංගියි

මධ්‍යම පලාතේ අපි දන්න රෝහලක ඇති ඉදිකිරීම් වැඩබිමක සේවය කරන නිමල්ගෙ මව මැතකදි මිය ගිය පසුව ඔවුන්ගෙ පියාගේ කුබුරු වැඩ අතරමග නවතින්නෙ උදව්වට තවත් කෙනෙක් නැති නිසා.  නිමල්ගෙ නංගි නදීශා 8වසරෙ ඉගෙනුම ලබන්නෙ නුවරට ආසන්න මධ්‍යමහා විද්‍යාලයක. ඇය ඉගෙනීමට දක්ෂයි.  සාමාන්‍යන්  කුඹුරට අයියල නංගිල ගියාට වැඩබිමකට අයියල නංගිලා යන්නෙම නැති තරම්. නමුත් නිමල් ඔහු දැනට වැඩ කරන වැඩබිමට තම නංගිවවරක් එක්කරගෙන යනව. ඒ අත් උදව් දෙන්න නම් නෙමෙ.
නිමල් එහෙම කරන්නෙ වැඩ බිමේ කටයුතු සිදුවන අයුරු පෙන්වීමට සහ එහි සේවය කරන ඉංජිනේරු මැඩම්ව පෙන්වන්න.  තම නංගිත් කෙදිනක හෝ ඉංජිනෙරු වරියක් වනු දැකීමට ඇති ආසාව නිසා ඇය දිරිමත් කිරීමටයි නිමල් මෙහෙම කරන්නෙ.
ඇත්තටම නිමල්ලා තව ගොඩක් සමාජයේ ඉන්නව, ඒ අයගෙන් අපි ඉගෙන ගත යුත්තේ මෙයයි.  ඔබට බාල සහෝදර සහෝදරියෝ නැතත් ඔබටත් පුලුවන් නිමල් කෙනෙක් වෙන්න. කෙනෙක්ට අත දෙන්න තවමත් ඔබ පමා නැ.

මෙය සත්‍ය සිදුවීමක් වන අතරම අද උදැසන සිංහල අවුරුද්දට සුබ පතන්නට අකුර හරහා ශිෂ්‍යත්වයක් ලබන දියනිකට සහ ඇගෙ පියාට දුරකතන ඇමතුමක් දුන් විට මට අහන්න ලැබුනු තොරතුරකි.

සුබ අලුත් අවුරුද්දක් වේවා!

සැ:යු: නම් මනක්කල්ප…

බිංගන්තලාව සාගලපුර වෑයම - පළමු අදියර

මීට පෙර මා සඳහන් කළ පරිදි නුවර එළිය දිස්ත්‍රික්කයෙ දුෂ්කර පාසලක් වන බිංගන්තලාව සාගලපුර පාසලට පරිගණක ලබා දිමේ වැයමේ මූලික අදියර සාර්තක කරගැනීමට 2014 ජනවාරි 6දින හැකි විය.



ඉතා චාම්ව සරලව දෙමාපියන්ද සහබාගි වූ රැස්විමකදි මෙම වැඩසටහන නිළ වශයෙන් ක්‍රියාත්මක විය.






මම මේ ඊළඟට කියනවචන ටික හොදින් කියවන්න. මේක ජාති බේදයක් ඇති කරන්න කියන දෙයක් නෙමෙ

"සාගලපුර පාසල දෙමළ වතු වලින් වටවුන පාසලක්. ඒ පාසලේ සිට සිංහල බසින් ඉගේනීම කරන්න මේ දරුවන්ට යන්න තිබෙන අනෙක් පාසල තිබේනනෙ කිලෝ මිටර් 30කටත් දුරින්. හිතන්න අපි ඉන්න පැති වල කිලෝ මිටර් 30ක් තුළ පාසල් කොපමණ තිබෙන වාද කියල.
වටේ තියෙන දමිළ මාධ්‍ය පාසල් හරහා සිංහල ප්‍රධාන භාශාක් ලෙස මේ දරුවන්ට ඉගෙන ගන්න අවස්තාවක් තිබුනනම් මීට වඩා පහසුකම් ඔවුන්ට ලැබීමට අවස්ථාව තිබෙන්න පුලුවන්."




ඉතින් ඉහත කාරණාව වගේම පාසලේ ඉන්නෙ ඉතා සීමිත ගුරු පිරිසක්, ඒවගේම ඔවුන් කිසිම කෙනෙක් ගමේ අය නෙමෙ, ඉතා දුර බැහැර සිට එන්නෙ. ගොඩක් අය තමන්ගෙ සීමාවාසික කාලයෙන් පසු පාසලේ රැදෙවි කියල හිතන්න අමාරුයි.

ඉතින් මේ වගේ ගුරුවරු සීමිත පාසලකට ළමුන්ට ස්වන් අධ්‍යාපනයක යෙදීමට හන්තාන ලිනක්ස් …