Skip to main content

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.





මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.

Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

ඔබ කොහොමඳ එක්වෙන්නේ?

Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.
ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.
කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න.

ඔබ මොනවද දැනගත යුත්තේ?

සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ.
අදාල ඉංග්‍රිසි වදන් තේරුම් ගෙන එය සිංහලින් සරළව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ

පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!

තනිවද තරග කරන්නේ?

ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.
එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.

සයුරෙන් එහා ඉන්න මම?

ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.
පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි.
(දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් තිදෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)

එන්න අපහා එක්වන්න.
මෙය සුවිශේෂි ප්‍රජා ව්‍යාපෘතියකට දායකත්වය ලබා දීමට ඔබට ඇති මහගු අවස්තාවකි.

Comments

  1. අනේ මට දුන්න වැඩේවත් තාම මම ඉවර කරලා නෑ. තව කොහෙද මම මැරතන් දුවන්නෙ. ඒ වුනාට ෆුල් සප් එකක් දෙනවා. මූණු පොතෙනුත් මේකට ප්‍රසිදියක් දෙමු .

    ReplyDelete
  2. උදාර,
    ඒක ගැටලුවක් නැ. ඔයා ඒක පස්සේ කරන්න. මේක එක දිනකට විතරයි නේ. :)

    ReplyDelete
  3. ආහ් ! එහෙමනම් ඔන්න අපිත් එනවා දුවන්න ! එල පැය තුනයිනෙ. එදාල වේලාසනින් ගෙදර එන්න වෙනවා.

    ReplyDelete
  4. උදාර,
    පැය 3ක් නෙමේ පැය 27ක් ;-)

    ඒ කාලය ඇතුලත අවශ්‍ය උපරිම වෙලාවක් ගන්න :)

    ReplyDelete
  5. එල වැඩේ සප් එකක් ඔනිනම් කියන්න..

    ReplyDelete
  6. දිලීප,

    ඔනා නිසා නෙන්නම් මේ සහාය දෙන්න කිවේ. :)
    අර උඩ කියලා තියෙන විදියට එන්න සහාය දක්වන්න.
    ජයවේවා!

    ReplyDelete
  7. මම කියෙවුවොත් කියවන්නෙ බාගෙටනෙ. කොහොම උනත් එදා වැඩ දවසක් නිසා ඔෆිස් ගිහිල්ල ඉවර වෙලා තමයි දුවන්න ලෑස්ති වෙන්න වෙන්නෙ.

    ReplyDelete
  8. අනික් මැරතන් එක දුවන්න බැරි නිසා මේකවත් දුවලා බලමු. ඔන්න මමත් එනවා. ;)

    ReplyDelete
  9. මමත් එනෝ. සෙට් එකක් එක්ක.

    ReplyDelete
  10. ඔන්න මමත් එන්නම්...නමුත් සහො රොකියට වගේ මටත් කාලය තමයි අව්ල.... නයිට වත් ගහන්න බලමු...දැන් එහෙනම් ඉතාලියෙන් දෙන්නයි...

    ReplyDelete
  11. මමත් එනවා අනිවාර්යෙන්ම! :)

    ReplyDelete
  12. තාම දුවමි ... පසුව අමතන්නම් !

    ReplyDelete
  13. අනේ මම දැන්නේ දැනගත්තේ අපරාදේ මටත් ඔයාලා ඔයාලට support 1ක් දෙන්න තිබුණා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක