Monday, December 13, 2010

නිදහසේ පණිවිඩය ගෙනයාමට පොස්ටර් තරගයක්!

අපි කව්රුත් දන්නවනේ ලංකාවේ නිදහස් සහ විවෘත මෘදුකාංග වලට තියෙන තැන. මේ ප්‍රචාරණ සඳහා තවමත් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නැ. ඉතින් අද හවස නිකමට වගේ හිතුනා මෙම නිදහස් සහ විවෘත මෘදුකාංග ප්‍රචාණ කටයුතු සඳහාම ඉල්ලක්ක කරගෙන පොස්ටර් තරඟයක් තිබුනොත් හොදයි කියලා.

පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ විවෘත ලෙස අංශ තුනකින් කළා නම් හොදයි කියලා තමයි හිතෙන්නේ. මේක ලෙසි පහසු දෙයක් නෙමේ. පූර්ව ප්‍රචාරන කටයුතු, දිනන අයට තැගි දෙන්න, තරගෙන් නිදහස් සහ මෘදුකාංග ප්‍රචාරණය වගේ කාර්යය සඳහා සැලසුම් කරන්න වෙනවා.

පටන්ගන්නා දිනයක් තවම ස්තිරව නැතත් 2011 වසරේ පළමු කාර්තුව තුළ මෙය ක්‍රියාත්මක කිරීමට අදහසක් දැනට තියෙනවා.

ඉතින් නිදහස විදින් සහ එහි රසය තම මිතුරන්ට බෙදන්න කැමති අයට, නිදහස් අදහස් වලින් මෙම වැයම ශක්තිමත් කරන්න ඇරයුම්.

-----------------------------
පසුව එක් කළ කොටස:

මෙම ව්‍යාපෘතිය හුදෙක් නිදහස් සහ විවෘත මෘදුකාංග සාමාන්‍ය ජනයා අතරට ගෙනයාමට, ඒ ගැන අවබෝදයක් දීමට සහ ජනප්‍රිය කරවීම පිනිසයි!

8 comments:

Bunny ! said...

මේක එළ වැඩක්.. අපේ පූර්ණ සහයෝගය :-)

chanakalin said...

නියම වැඩක් අයියෙ.
මගෙත් පූර්ණ සහයෝගය ;-)

MaX said...

හොඳ අදහසක්. තෑගි සහ ප්‍රචාරණ කට යුතු වල වියදම් වලට දායක වෙන්නත් කට්ටිය හොයාගන්න වෙයි

thiraya said...

හොඳ අදහසක්.

පාසල් මට්ටමින් කරනවනම් තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන් ඉලක්ක කරා නම් වඩා හොඳයි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ලබාගන්නත් වෙයි.

උසස් අධ්‍යාපන සහ විවෘත අංශ වලදි පූර්ව ප්‍රචාරණයක් අවශ්‍යයි. ඒ සඳහා online ප්‍රචාරණයට (fb සහ twitter වගේ) අමතරව පුවත්පත් දැන්වීමක් වගේ දාන්න පුළුවන්නම් (අනුග්‍රාහකයෙක් ඇතුව ;-) ) වැඩි පිරිසක් අතරට පණිවිඩය ගෙනියන්න පුළුවන් වෙයි.

ඊට අමතරව ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී ඔහුගේ/ඇයගේ නිර්මාණගේ කුමක ලක්ෂණ සලකා බලනවද කියන එක තීරණය කරන්න ඕන. පූර්ව ප්‍රචාරණයේදී මේ පිළිබඳ සඳහන් කිරීම මට හිතෙන හැටියට වඩා හොඳයි.

Max කිව්වා වගේ වියදම් ඇස්තමේන්ති කිරීම සහ ඒ සඳහා අනුග්‍රාහකයින් සොයා ගැනීමත් වැදගත්.

chanux said...

මරු අදහස. අධයාපන අමාත්‍යාංශයෙ සහයෝගය ගන්න බලමුද?

Bhagya Sanuka said...

අපිත් එනෝ...

Ruwani said...

කාලයට ගැලපෙන නියම අදහසක්!!! අපිත් සහයෝගය දෙනවා!!

Sampath Munasinghe said...

මරැ මරැ හැමදාමත් වගේ මමත් එනවා