Skip to main content

නිදහසේ පණිවිඩය ගෙනයාමට පොස්ටර් තරගයක්!

අපි කව්රුත් දන්නවනේ ලංකාවේ නිදහස් සහ විවෘත මෘදුකාංග වලට තියෙන තැන. මේ ප්‍රචාරණ සඳහා තවමත් ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නැ. ඉතින් අද හවස නිකමට වගේ හිතුනා මෙම නිදහස් සහ විවෘත මෘදුකාංග ප්‍රචාණ කටයුතු සඳහාම ඉල්ලක්ක කරගෙන පොස්ටර් තරඟයක් තිබුනොත් හොදයි කියලා.

පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සහ විවෘත ලෙස අංශ තුනකින් කළා නම් හොදයි කියලා තමයි හිතෙන්නේ. මේක ලෙසි පහසු දෙයක් නෙමේ. පූර්ව ප්‍රචාරන කටයුතු, දිනන අයට තැගි දෙන්න, තරගෙන් නිදහස් සහ මෘදුකාංග ප්‍රචාරණය වගේ කාර්යය සඳහා සැලසුම් කරන්න වෙනවා.

පටන්ගන්නා දිනයක් තවම ස්තිරව නැතත් 2011 වසරේ පළමු කාර්තුව තුළ මෙය ක්‍රියාත්මක කිරීමට අදහසක් දැනට තියෙනවා.

ඉතින් නිදහස විදින් සහ එහි රසය තම මිතුරන්ට බෙදන්න කැමති අයට, නිදහස් අදහස් වලින් මෙම වැයම ශක්තිමත් කරන්න ඇරයුම්.

-----------------------------
පසුව එක් කළ කොටස:

මෙම ව්‍යාපෘතිය හුදෙක් නිදහස් සහ විවෘත මෘදුකාංග සාමාන්‍ය ජනයා අතරට ගෙනයාමට, ඒ ගැන අවබෝදයක් දීමට සහ ජනප්‍රිය කරවීම පිනිසයි!

Comments

  1. මේක එළ වැඩක්.. අපේ පූර්ණ සහයෝගය :-)

    ReplyDelete
  2. නියම වැඩක් අයියෙ.
    මගෙත් පූර්ණ සහයෝගය ;-)

    ReplyDelete
  3. හොඳ අදහසක්. තෑගි සහ ප්‍රචාරණ කට යුතු වල වියදම් වලට දායක වෙන්නත් කට්ටිය හොයාගන්න වෙයි

    ReplyDelete
  4. හොඳ අදහසක්.

    පාසල් මට්ටමින් කරනවනම් තොරතුරු තාක්ෂණ විෂය හදාරන සිසුන් ඉලක්ක කරා නම් වඩා හොඳයි. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ලබාගන්නත් වෙයි.

    උසස් අධ්‍යාපන සහ විවෘත අංශ වලදි පූර්ව ප්‍රචාරණයක් අවශ්‍යයි. ඒ සඳහා online ප්‍රචාරණයට (fb සහ twitter වගේ) අමතරව පුවත්පත් දැන්වීමක් වගේ දාන්න පුළුවන්නම් (අනුග්‍රාහකයෙක් ඇතුව ;-) ) වැඩි පිරිසක් අතරට පණිවිඩය ගෙනියන්න පුළුවන් වෙයි.

    ඊට අමතරව ජයග්‍රාහකයින් තෝරා ගැනීමේදී ඔහුගේ/ඇයගේ නිර්මාණගේ කුමක ලක්ෂණ සලකා බලනවද කියන එක තීරණය කරන්න ඕන. පූර්ව ප්‍රචාරණයේදී මේ පිළිබඳ සඳහන් කිරීම මට හිතෙන හැටියට වඩා හොඳයි.

    Max කිව්වා වගේ වියදම් ඇස්තමේන්ති කිරීම සහ ඒ සඳහා අනුග්‍රාහකයින් සොයා ගැනීමත් වැදගත්.

    ReplyDelete
  5. මරු අදහස. අධයාපන අමාත්‍යාංශයෙ සහයෝගය ගන්න බලමුද?

    ReplyDelete
  6. කාලයට ගැලපෙන නියම අදහසක්!!! අපිත් සහයෝගය දෙනවා!!

    ReplyDelete
  7. මරැ මරැ හැමදාමත් වගේ මමත් එනවා

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක