Skip to main content

අධ්‍යාපනික කටයුතු සඳහා හන්තාන ලිනක්ස්


හන්තාන ලිනක්ස් යනු අන්තර්ජාල පහසුකම් අවම හෝ රහිත පරිසරකය සිට අධ්‍යාපනික කටයුතු සඳහා භාවිතා කළ හැකි පහසු මෙහෙයුම් පද්ධතියකි. පාසැල් විශය නිර්දේශයට උපකාරක ලෙස භාවිත කළ හැකි මෘදුකාංග රැසක් මෙහි ඇතුලත් කර ඇත. ආවර්තිතා වගුව, සෞරග්‍රහ මණ්ඩලය සහ තරු රටා අධ්‍යයනය සඳහා  මෙන්ම, ද්විමාණ සහ ත්‍රිමාණ ප්‍රස්තාර නිර්මාණය සහ සමීකරණ විසදීම සඳහා ද මෙහි මෘදුකාංග ඇත. අධ්‍යාපනික ක්‍රීඩා වලින් ද සමන්විත මෙහි ඉලෙක්ට්‍රොනික පරිපත සැලසුම් කරණයට සහ නිර්මාණයට අවශ්‍ය සමාකෘති (simulators) සහ මෙවලම් ද, සඛ්‍යානය සඳහා අවශ්‍ය MathLab මදෘකාංගයට ආදෙශකයක් වන GNUoctave මෘදුකාංගය ද, අවශ්‍ය විටෙක .exe ගොනු භාවිත කිරීම සඳහා wine මෘදුකාංගය ද අඩංගු කර ඇත.


මීට අමතරව පරිගණක ක්‍රමලේඛනය සඳහා භාවිත කරන C++, Python, PHP, Ruby on Rails, OpenJDK මෙන්ම ලොව බහලුව භාවිත කරන Apache වෙබ් සේවා දායකය, MySQL දත්ත සමුදාය කළමණාකරන සේවාදයකය, ජාලය ගොණු කළමනාකරණයට අවශ්‍ය NFS සහ SAMBA සේවාදායක යනාදිය ද මෙහි අඩංගු වීම සුවිශේෂී කරුණකි.


අවශ්‍ය නම් මෙහි අඩංගු වන SELinux (Security Enhanced Linux)  ආරක්‍ෂණ කළමනාකරණ පහසුකම සක්‍රීය කර ගැනීමට ද හැක. එසේම, අවශ්‍ය නම් වෙනත් ලිනක්ස් පද්ධතියක් හෝ වෙනත් වින්ඩෝස් හෝ මැක් වැනි මෙහෙයුම් පද්ධතියක් මෙහි ඇති Kernel-based Virtual Machine (KVM) ඔස්සේ භාවිත කිරීමට ද හැක.

මෙහි, කාර්යාලීය යෙදුම් කට්ටලයට අමතරව ව්‍යපෘති කළමණාකරනයට හා ගෘහස්ත හෝ පුද්ගලික ගිණුම් කළමණාකරනයට අවශ්‍යය මෘදුකාංග ද එක්කර ඇත. එසේ ම ශ්‍රව්‍ය  සහ දෘශ්‍ය සංස්කරණය කිරීම් සහ භාවිත සඳහා මෙවලම්  රැසක් එක්කර ඇත.   එමෙන් ම පද්ධතියට අවශ්‍ය යාවත් කිරීම් ලබා ගැනීම සඳහා අන්තර්යාලයට සම්බන්ද වීම පමණක් සැහෙන අතර ම, අන්තර්ජාල පහසුකම් සහිත සම තත්ත්වයේ හන්තාන ලිනක්ස් පද්ධතියක් හරහා අවශ්‍ය මෘදුකාංග ලබා ගැනීමට ද හැකියාව ඇත.


පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යපානික කටයුතු සහ සාමාන්‍ය භාවිතයට සුදුසු ලෙස සකසා ඇති හන්තාන ලිනක්ස් ඉදිරියටත් අඛණ්ඩ ක්‍රියාත්මක වන සහ වීමට සැලසුම් කර ඇති ප්‍රජා ව්‍යාපෘතියකි.  මෙම ව්‍යපෘතිය පිළිබඳ තොරතුරු www.hanthana.org වෙබ් අඩවියෙන් ද, ප්‍රජා වැඩසටහන් පිළිබඳ තොරතුරු blog.hanthana.org යන හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ නිළ බ්ලොග් අඩවියෙන් ද ලබා ගත හැක. හන්තාන පරිශීලක සමූහයට සම්බන්ධ විමෙන් ඔබට, ඔබේ ගැටලු ඉදිරිපත් කර උදව් ලබා ගැනීමට හැකි අතර ප්‍රජාවට උපකාර සැපයීමෙන් දායක වීමට ද හැක.  මෙම මෙහෙයුම් පද්ධතිය පාසැල් ජාලය ඔස්සේ ද, ලබා ගැනීමට දැන් කටයුතු සලසා ඇත. හන්තාන ලිනක්ස් පාසැල් ජාලය තුළින් ලබා ගැනීම  සඳහා මෙම සබැඳිය භාවිත කරන්න. 


හන්තාන ලිනක්ස් තිරපිටපත් මෙතනින් බලන්න

පසුගිය පෙබරවාරි 4 වැනි දින සිට පුරා දින 7ක් බුත්තල දී පැවැත්වුණු දැයට කිරුළ 2011 අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ඒකකය විසින් හන්තාන ලිනක්ස් හදුන්වා දීම සිදු කරන ලදි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටි වෙත පැමිණි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට තොරතුරු තාක්‍ෂණ ඒකකයේ ප්‍රධානී අධ්‍යාපන අධ්‍යක්‍ෂක නීල් ගුණදාස මහතා විසින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අධ්‍යාපන කටයුතු සඳහා වැදගත් වන අයුරු පැහැදිලි කෙරුණි

Comments

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක