Thursday, February 10, 2011

මරුසි කාපට් සහ ලක්සලේ එස් කුමාර

බුත්තල දැයට කිරුලට අපිත් එක්වුයේ තාක්‍ෂණික/අධ්‍යාපනික කටයුත්තක් පිළිබදව බුත්තල සහ අවට පෙදෙස් වල පාසැල්දරුවන්, ගුරුවරු සහ තොරතුරු තාක්‍ෂණය භාවිත කරන අය දැනුවත් කිරීමටයි.

8දා රාත්‍රියේ දැයට කිරුලේ තිබු එකම ස්තිර ගොඩ නැගිල්ලට අනුෂ්ක (බනිස්/බනී) සහ කල්හාර ගොඩ වැදී. ආපසු එද්දි ලක්සල කුටියටද ගොඩ වැදුනෙමු.
ලක්සල කුටියෙන් 100ට අඩු මිලදී ගැනීමක් සඳහා රුපියල් 2000ක නොට්ටුවක් දුන් විට ලැබුනේ 500කි. ඒ ගැන විමසිමෙදි මගෙන් මුදල් ලබාගත් S කුමාර නමිත් හැදින්වෙන තැනත්තා කැගසමින් කිවේ ලබා දුන්නේ රුපියක් 1000ක නොට්ටුවක් වන අතර ඔහු ඒ සඳහා මෑතකදි නිකුත් කළ ජනපති රුව සහිත 1000 කොලයක් පෙන්වීය. නියමිත ඉතිරි මුදල් නොදෙන්නේ නම් තෝරාගත් භාණ්ඩය සහ ඉතිරි මුද්ලද තබාගෙන S කුමාරගේ ජාතික හැදුනුම පත් අංකය ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, එවිට තැටියක දමා තිබු ඔවුන්ගේ මුදල් අවශ්‍ය නම් පිරික්සන ලෙස කිවත් මා එයට එකඟ නොවුයේ අනුන්ගේ මුදල් බැලීම අවශ්‍ය නොවන බව පවසමිනි. කුටියේ සිටි කළමණාකරු කව්දැයි විමසු විට, කළමණාකරු තමා යැයි ඉදිරිපත් වු පුද්ගලයා මුදල් පිරික්සිමේදි පිළිවෙලකට දිගැහැරුණු 1000, 100 කොල අතර 4ට නැවුණු 2000 කොලය තිබිමත් සමඟ S කුමාරයා මෙතෙක් සිදු කළ මහා ගෝරනාඩුව නතර කර සිල්ගත්තේ ඔහු කිසිත් නොදන්නා ලෙසිණි.

මුලින් ඇති වු සංවාදයේදි ඔහු පැවසුවේ කාගෙවත් මුදල් ගැනීමට අවශ්‍ය නොවන බවයි, නමුත් සත 50 සිට කෝටි ගණන් වංචා කරන රජයේ, පුද්ගලික අංශයේ සහ දේශපාලන ක්‍ෂේත්‍රයේ පුද්ගලයින් සිටින බව නොදන්නා අයට S කුමාරගේ වචන විශ්වාස කළ හැකිවේවි.

දැයට කිරුලේ තිබු සියලු තාවාලික ගොඩනැගිලි අතරේ හමුවු එකම ස්තිර ගොඩනැගිල්ල වුයේ කිසිවක් නොව ක්‍රිඩා පිටිය අසල තිබු වැසිකිලි පද්ධතියයි. මිලියණන් ගණන් ගියත් අනෙක් සියල්ල බුත්තල වැසියන්ට ඉතිරි වෙවිද?

2012 වසරේදි කොහෙ කරත් කළ යුත්තේ අදාල ප්‍රදේශවල ජනයාට අදාල අමාත්‍යාංශ වෙතින් ජංගම සේවා වැනි දෙයක් පැවැත් වීමයි. ගම්දාවේ සහ දැයට කිරුලේ මා දකින වෙනස ස්තිර ගොඩනැගිලි ඇති සහ නැති බව පමණයි. :)

බුත්තල සිට මොනරාගල පැත්තට යද්දි බහින්න අවශ්‍ය තැන අමතක වෙන නිසා රියදුරු අසුන ලගට වී එන අතරේ කාපට් කළ පාරේ ඉඩ මදිකමක් දුටු නිසා රියදුරුගෙන් මේ ගැනනිකමට ඇහුවා "පාරේ පළල මදි නැද්ද ?"


"ආ මේවා ඉතින් මරුසි කාපට්නේ"


වසරක් පාස බුත්තලට දැයට කිරුලක් තිබ්බ නම් හොදයි නමුත් නිසි සැලසුමකින් කළා නම් තමයි හොඳ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෙනත් දැණුම ලාබාදෙන අංශ වලින් අලුත් දේ ගන්න බුත්තලට ආව අයගෙන් කිදෙනෙක්ද? සංවිධානය පමණක් නෙමේ බලන්නම් වාලේ බලන අයත් වටින දේ පසුකර යනවා.

3 comments:

Pirate Bunny said...

මෙච්චරද ? තව තියෙනවා ලියන්න..

අරකාගේ මූනත් මහ මරුසී මූනක් :D

Hasitha ජයසූරිය said...

අපේ තාත්තලෑ අමාත්‍යාන්ශයෙන් ලක්ෂ60+ වියදම් කරල තියෙනව මේ පාර දැයට කිරුලෙ ප්‍රදර්ශන කුටියට....මේ දවස් ටිකෙන් පස්සෙ ඒ සල්ලි වතුරෙ.............තව පැත්තක ගන්වතුරට අනාතවෙච්ච මිසුස්සුන්ට කන්න කටක් නැතුව බලන් ඉන්නව... මේකට වෙන්ටැ අර ආස්චර්යද මොකක්ද එක කියන්නෙ :D :D

නදීර සඳරුවන් ලියනගේ said...

අපිත් ගියා කැම්පස් එකෙන්.දවස් 6ක් හිටියා.කතා කරල වැඩක් නෑ අපරාදේ සල්ලි නාස්තියක්.ලියන්න දේවල් ගොඩක් තියෙනාවා විභාගේ නිසා ලියන්න වෙලාව නෑ...