Skip to main content

Posts

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

4000

4000 ඊයේ ආව ඇමතුමකට අනුව අමාරුකම් තියෙන පවුලක. අවුරුදු 48 දරුවො 3දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ රුධිර නාල කිහිපයක්ම අවහිර වෙලාලු. නමුත් රෝහලේ හදවත් සැත්කම් ලැයිස්තුව 4000 පැනල ලු. ඒ කියන්නේ හදවත් රෝඟීන් 4000ක් ඉන්න නොපෙනෙන පෝලිමක් තියෙනව. මේ එක ශික්ෂණ රෝහලක පෝලීමක් පමණයි. පුද්ගලික රෝහලකින් සැත්කම කිරීමේන් හෝ ලිස්ට් එකෙ ඉහළින් ඉන්න රෝගියෙක් මිය ගිය අවස්ථාවකදි ඒ වෙනුවට තමන්ගේ නම දාගෙන ඉක්මනින් සැත්කම කරගත්තේ නැත්නම් සමහර විට අදාල රෝගියාගේ අස්ථාව එලැබෙන විට අදාල රෝගිය ජිවතුන් අතර නැති වේවි.  දැන් මේ පෝලිම අඩු කරන්න එක රැයින් බැනේ. ඒකට මෙතෙක් හිටපු සහ දැනට ඉන්න වගකිව යුතු අය ගත්ත පිළියම් මොනව ද කියල මම නම් දන්නේ නැ. ඔය 4000 ආයතනයක තියෙන ෆයිල් නම් දිවා රාත්‍රී වැඩ කරල හරි ඒක ඉවර කරගන්න පුලුවන් අමතර මානව සම්පත් දාල. 4000 කියන එක ලොකුවට අපිට දැනෙන්නේ නැත්තේ අපේ නම් තවම ඒ පොළිමට එක් වෙලා නැති නිසා. දැන් මේ පොලිමේ ඉන්න 4000ට ඒ අය කාපු බීපු දේවල් හොයාගෙන බනින එක නෙමේ කරන්න ඔනා අපි කොහොම ද මේ දිගු ලැයිස්තු අඩු කරන්නේ?  ඒ අයට දැනට තියෙන එකම විසදුම පුද්ගලික රෝහලකින් සැත්කම කරගන්න එක. ...

Chrome profile එක මැකීම

සාමාන්‍යන් අපි භාවිත කරන වෙබ් ගවේශක, එහෙම නැත්නම් බ්‍රවෘසර් වල ප්‍රොයිල් එකක් තියෙනව. කලක් භාවිත කරද්දි සමහර වෙලාවට මේක ක්‍රැශ් වෙන්න පුලුවන්. එක්කෝ අප්ග්‍රේඩ් කරද්දි ඉතා කලාතුරකින් වෙන්න පුලුවන්. අද හිතවත් ගුරුමහතෙක් වන ලක්ෂමන් තිලකරත්න සර් මේ කිහිප දෙනෙක්ට ක්‍රෝම් යාවත් කරාට පස්සේ ක්‍රෝම් නිසි ලෙස වැඩ නොකරන බව සඳහන් කළා. ඉතින් ලෙසිම විදිය පරණ ප්‍රොෆයිල් එක (පැතිකඩ) මකල දාන එක. පහත සඳහන් කරලා තියෙන්නේ අදාල මෙහෙයුම් පද්ධතිය අනුව ක්‍රෝම් ප්‍රොෆයිල් එක තිබෙන තැන. Windows 7, 8.1, and 10: C:\Users\ \AppData\Local\Google\Chrome\User Data\Default Mac OS X El Capitan: Users/ /Library/Application Support/Google/Chrome/Default Linux: /home/ /.config/google-chrome/default උදාහරණයක් ලෙස මේ මගේ (Linux) පරිගණකයේ ක්‍රෝම් ප්‍රෆයල් එක තිබෙන තැන. /home/danishka/.cnfig/google-chrome/Default මේ සඳහා ක්‍රෝම් ඇඩ්රස්බාර් එකෙ chrome://version/ ලෙස ටයිප් කරලා එන්ටර් කරන්න.  එවිට ලැබෙන තොරතුරු අතරේ Profile Path ලෙස Chrome හි profile එක තිබෙන තැන දිස්වේ.  දැන් ඉතින් මේක මකල දාන්න. ...

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක...

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉ...

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික...

CVE-2019-3462: Vulnerability in the 'apt' Package Manager of Debian and Ubuntu

  Image: securebox.comodo.com The vulnerability present in the "apt" Package Manager allows a remote attacker to perform a man-in-the-middle attack by to execute arbitrary code (or a malicious package mirror) as root on a machine installing any package. This bug has been introduce with the apt version starting with 0.8.15 and indepndent security consultant Max Justicz discovered this critical issue. Canonical has released patched versions of APT for Ubuntu 18.10 (Cosmic Cuttlefish), Ubuntu 18.04 LTS (Bionic Beaver), Ubuntu 16.04 LTS (Xenial Xerus), Ubuntu 14.04 LTS (Trusty Tahr), and Ubuntu 12.04 ESM (Precise Pangolin). On the other hand, the Debian Project released patched APT packages for the Debian GNU/Linux 9 "Stretch" series. How to fix? Since the vulnerability is present in the package manager itself, it is recommended to disable redirects in order to prevent exploitation during this upgrade only, using: apt -o Acquire::http::AllowRedirect= f...

#10yearchallange නිසා සමාජෙන් කොන් වේවිද?

සමාජ ජාල හරහා මේ දිනවල ඉතා වේගයෙන් යන රැල්ලක් තමයි #10yearchallange  එක. වැඩේ නම් සරලයි වගේ බැලු බැල්මට. මේ සඳහා සසභාගී වීමට ඔනම අයෙක්ට පුලුවන්. කරන්න විශේෂ දැනුමක් අවශ්‍ය නැ, විශේෂ මෙවලම් අවශ්‍යත් නැ. කරන්න තියෙන එකම දේ තමන්ගේ මීට වසර 10ට පෙර ලබා ගත් පිංතූරයක් සසදමින් සමාජ ජාලය හරහා එක් කිරීම පමණයි.   දැන් මේ අහිංසක සතුටක් ලබන වැඩක් නේද මේ? පොඩි කාලේ පිංතුර එලියට අදිමින් ඒ මිහිරි අමිහිරි මතක විදින්නට ඔබත් ඔබේ සමාජ ජාල ආශ්‍රීත හිතමිතුරන් එක් වෙනව නේද?  කමෙන්ට් කරනව ලයික් කරනව..... ඒ විතරක් නෙමේ අදාල සමාජ ජාල සේවාවක් ගොඩනගා ඇති සමාගම් වලට නත්තල් වගේ. ඇයි එහෙම නත්තල්? ඔබ මීට පෙර Facial Recognition ගැන අසා ඇති, එක්කෝ ඒ ගැන හොඳින් දන්නව වෙන්නත් පුලුවන්. දන්නේ නැති අයෙක් නම්.. යම් පුද්ගලයෙක් පිංතුරයක් හෝ විඩීයෝවක ඇති විඩීයෝ ෆ්‍රේම් එකක් භාවිතයෙන් හදුනා ගැණීම, තහවුරු කරගැණීමට හැකියාවක් මේ Facial Recognition තාක්ෂණයට පුලුවන්. එක පේළියකින් ලිව්වට මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. මේ වැඩේට 1964 වගේ කාලෙකදි හෙලන් චාන් සහ  චාර්ල්ස් බිසන්...

ssh authentication with kerberos

This documentation have been tested on CentOS 7. Install KDC # yum install -y krb5-server krb5-workstation pam_krb5   Hostname and resolving Set your hostname   # hostnamectl set-hostname hanthana.ucsc.com verify your hostname # hostname Your domain should resolve. In case if you do not use dns service.. [danishka@kdc ~]$ cat /etc/hosts 192.168.1.101 hanthana.ucsc.com 127.0.0.1 localhost.localdomain localhost ::1 localhost6.localdomain6 localhost6 Server Configuration # ls /var/kerberos/krb5kdc/ kadm5.acl kdc.conf   ACL grant all privileges to anyone with admin role.  Replace EXAMPLE.COM with your realm.   # cd /var/kerberos/krb5kdc/ # cat kadm5.acl */admin@UCSC *   # cat kdc.conf [kdcdefaults] kdc_ports = 88 kdc_tcp_ports = 88 [realms] UCSC.COM = { #master_key_type = aes256-cts acl_file = /var/kerberos/krb5kdc/kadm5.acl dict_file = /usr/share/dict/words admin_keytab = /var/kerberos/krb5kdc/kadm5.keytab ...

ගෙවෙන දින

දිනය: 2018 අප්‍රේල් 22 මම: තාත්තේ මම අනිද්දා කුබුක්වැව පාසලට යනව තාත්තා: නිවාඩුවක් ආව ගමන් පනිනව නේද? ඔහු සිතුවේ මා ඔහු රැකබලා ගැන්මට සිටින සේවකයකු බවත් මම නිවාඩුවක් ගෙන ගමේ යන බවයි දිනය: 2018 අප්‍රේල් 23 මම: තාත්තේ මම හෙට කුබුක්වැව පාසලට යනව තාත්තා: තනියමද යන්නේ?කොහොමද යන්නේ? මේ ඔහුගේ සාමාන්‍ය ප්‍රශ්න වන අතර මා හරි හැටි හදුනා ගත් නිසා එලෙස ප්‍රශ්න කරන ලදි. ඉස්සර අපි භාවිත කලේ පිලිප්ස් ටිවි එකක්. එහි විශේෂත්වය වුයේ සියලුම ඉලෙක්ට්‍රොනික කොටස් සහ රුපවාහිනියේ ඇති විය හැකි දෝෂ පැහැදිලි දක්වා තිබීමත් ඒ අදාල දෝෂය නිරාකරනයට සැකසිය යුතු හෝ සිරුමාරු කළ යුතු කොටස් ගැන සඳහන් කර තිබීම. ඉතින් සමහර වෙලාවට ගැටලුවක් ආවම තාත්ත තනිව ටිවි එක ගොඩ දැන්මා. හැබැයි ඒක හදලා ඉවර වෙද්දි කැලි ඉතිරි වෙලා නම් තිබුණේ නැ (සමහර අය යළි ටිවි එකක් හෝ රෙඩියෝවක් සවි කරද්දි වැඩිපුර යමක් ඉතිරි වෙනව හයිකරන්න අමතක වී). නමුත් අද ටිවි එක දාල දෙන්න කියල අපිට ඔහු කියන්නේ රිමෝට් එකක් පලමු වතාවට අල්ල නිසා නොව දැන් ඔහුට එයද සංකීර්ණ කාර්යයක් වී හමාර නිසා. අද වන විට ශර්ට් එකක් හැගර් එකට දාන්නත් ඔහුටහෙන අමාරු කාර්යයක්. ...

How to install Stride on Fedora RHEL CentOS

Stride is the complete communication solution that empowers teams to talk less and do more. It's everything teams need to stay connected but keep moving. Stride is a new kind of messaging that:  Turns conversations into action with integrated collaboration tools Brings all the right people together instantly with built-in voice and video conferencing Gives you the space to disconnect when needed so you can get to done, faster Please note that Stride is not an open source tool. Still you can use stride on Fedora, CentOS or RHEL in case if your employer asked to use stride. 01. Create yum repo file sudo cat /etc/yum.repos.d/stride-yum-repo.repo [stride-yum-repo] name=Repo for Atlassian Stride baseurl= https://packages.atlassian.com/stride-yum-client gpgcheck=0 gpgkey= https://packages.atlassian.com/stride-yum-client/repodata/repomd.xml.key 02. sudo dnf makecache --repo=stride-yum-repo 03. sudo dnf install stride Now start stride on Fe...

අවුරුදු පැතුම් සහ කන අත්සන

සුපුරුදු ලෙස අවුරුදු ගෙවුනා මුල් දවස් දෙකම ගෙදරටම වෙලා හිටියා.. තාත්ත අසනීප වූ විට විවිධ හිතවුන් විවිධ අයුරින් උපකාර කලා.. සරත් වැලිවිටිගේ අන්කල් ඒ වගේ එක් චරිතයක්. වහලේ උලු ගලවල යන්න පහුගිය වසරේ අගොස්තු අව හුලගත් සමඟ ආව ප්‍රධාන අභියෝගය වුනේ ඊට පසු දීනම දැනගත් තාත්තට තිබූ UTI ප්‍රශනය. දොස්තර කීව දින 6ක් එකම වෙලාවට IV එකක් දෙන්න අවශ්‍ය බවත් ඒ සඳහා පැයක් දෙකක් ඈදේ වැතිර සීටිමටත් සිදු වන බවත්, එය ETU එකේම කළ යුතු බවත්. එදා දැනගත් පරිදි පුද්ගලික රෝහලේ වුවත් වකුගඩු රෝගින් පැමිණෙන නිසා පෝලිමේ නොසිට නිවාඩු පාඩුවේ මෙය කරගැනීමට හැකි වෙලා වන්නේ උදේ 6-7ත් අතර පමණයි. මීළඟ ගැටලුව පැණ නැගුනේ අදාල බෙහෙත හොයාගත්තත් එය අනිවාර්යෙන්ම ශීත කරනය තුළ තබන ලෙස ෆාමසි එකෙන් දුන් උපදෙස්. ඒ වෙද්දි ගෙදරට විදුලි සැපයුම ලැබි තිබුනේ නැ. කොහොම හරි කෝටත් තෛලය බදු සරත් අංකල්ට දුන් ඈමතුම සමඟින් ඔහුගේ ෆාමසියේ විදුලි ජනක යන්ත්‍ර සහිත බවත් උදේ ශිෆ්ට් එකට එන ළමයි දෙන්නව ඔහු අපිට අවශ්‍ය වෙලාවට කඩේ අරින්න සූදානම් කර තිබ්බා. දින 6ම උදේ පාන්දරම කිසිදු ගනුදෙනුවත් නොවුනත් (යමක් මිලදි ගන්න හැදුවත් ඒ අය එපා කීව) ෆාමසියෙ ...

අවුරුදු සූදානම

තාත්තගේ සෞඛ්‍ය තත්ත්වය ජනවාරි මාසයේදි අයහපත් වුයේ 2018 වසරට තිබූ මගේ එකම බලාපොරොත්තු බොද කරමින්. ජනවාරි මස තුළ පමණක් දින 5ක් ඔහුට කරකැවිල්ල සමඟ වමනය ඈති විය. මෙය ඔහුට ඉතා වේදනාකාරී අතැ දැකීමක් වන්නේ වමනය කරන විට ඔහුගේ පපුවත් උගුරත් වේදනාවට පත්වීමත් සමඟ. පෙබරවාරි මේ තත්ත්වය යම් තරමක් අවම වුවත් අවස්තා දෙකකදි එකම සංසිද්ධිය යළි ඈති විය. මේ පිටතට පෙනෙන ගැටලු පමණි.. අප්‍රේල් 12 දා තබන්න සිටි මේ සටහන කාර්යය බහුලත්වය නිසාම අවුරුද්දටත් පසුව ලියන්නට සිදු විය. වෙනද වගේම උදේ 2,3,4 වගේ වෙලාවන්ට ඈහැරෙන ඔහු මා ඉස්තෝප්පුව සහ පේමන්ට් එක සෝදන විට මා හට සහය වන්න කොපමණ උත්සාහ කළද ඔහුගේ වෑයම මම නතර කළේ ඔහුට විවේක අවශ්‍ය නිසා. කොහොම හරි තාත්ත මිදුලට ඈවිත් මා අසලින් උපදෙස් දෙමින් සිටියත් වැස්සක් මඟ එන නිසා පිටු පස දොරින් ගෙට යන ලෙස ඈවිටිලි කලේ ඉදිපස ඉස්තෝප්පුව සහ පේමන්ට් එක තෙත්ව තිබීම නිසා ඔහු ලිස්සා වැටීමෙන් වැලක්වීමටයි. විනාඩි 5කට වඩා ගියත් යළි නිවස තුළින් ඔහු මතු නොවු නිසා ගෙයි පිටුපස දොර බැලුවත් පහු පෙන්නට නැ. යළිත් ඉදිරිපසට එද්දි දැක ගන්නට ලැබුනේ ඔහු ගෙයි වටේ වටයක්ම ගසා යළි ඉදි...

ජාතිවාදය සහ අන්තර්ජාල නිදහස

තිස් වසරක යුද්ධයෙන බැටකැ රටක් ලෙස අමිහිරි අත් දැකීම් සහ කදුලු පිරිණු රටක් යළිත් ලේ විලක් බවට පරිවර්තනය වීම කිසී සේත්ම නොවිය යුත්තක්! තම දේශපාලන, ව්‍යාපාරික සහ උද්ගලික අවශ්‍යතා සඳහා කෝටත් තෛලය ලෙස ජාතිවාදය ඈවිස්සීම අපේ රටේ සමහරක්ට සුලු දෙයක්. අපි මොකක්ද බලා පොරොත්තු වෙන්නේ? සිංහල දෙමාපියන් යටතේ අපි ඉපදුන නිසා අපි අනෙක් ජාතීන්ට වෛර කරනවද? මීට සති කිහිපයකට උඩ දී මේ දුපතේ ජනප්‍රිය පුවතක් වූයේ සිංගප්පුරු රජය තම අයවැයෙන් පසුව 2018 වසර සඳහා සිංගප්පුරූ ඩොලර් 300ක් බැගින් තම රට වැසියන්ට "Hongbao" නම් වූ බෝනස් එකක් ලෙස බෙදා දීමයි. මෙහි දි සත්‍යලෙසම සිදු වූයේ වාර්ශික ආදායම සි.ඩොලර් 28,000ට අඩු නම් සි.ඩොලර් 300ද, වාර්ශික ආදායම සි.ඩොලර් 28,001 ත් - 100,000ත් අතර නම් සි.ඩොලර් 200  වාර්ශික ආදායම සි.ඩොලර් 100,000ට වැඩි නම් සි.ඩොලර් 100ක්ද ලෙසයි. අපේ අය මේයට හේතුව ලෙස දැක්කේ සිංගප්පුරු රජයේ සියලුම අමාත්‍ය වරුන් උපාධි ධාරින් වීමයි. එතකොට රටේ වෙන කිසිදු වෙනසක් නැද්ද? සරලව පවසනවා නම් දෙවන ලෝක යුද්ධයේදි (1942-1945) ජපාන අධිරාජ්‍යා යටතට පත්වන සිංගප්පුරුව යුද්ධය අවසන් වෙත්ම බ්‍රිතාන්...

තාත්තා

ජිවිතේට මම කේක් ගෙඩියක් කපල තාත්තගේ උපන්දිනය සමරා නැ. කිසි දිනෙක පිය වරුන්ගේ දිනයට තැගි දීලා නැ. නමුත් පසුගිය මාස කිහිපය තුළ දවසේ පැය 24න් බොහෝ වේලාවක් වෙන්වෙන්නේ තාත්තා වෙනුවෙන් ඇත්තටම විඩාවක් දැනුනත් නොදැනුනා වගේ මොකද කේක් ගෙඩියක් කපල මේ හදවතට ලැබේන සතුට ලබා ගන්න බැ. ඇත්තටම දැන් මම පැය 24 පුරා දින 7 තුළම පියවරුන්ගේ දිනය සමරනවා යැයි හැගිමක් දැනෙනව. ඒ අතරේ "ඔයා කව්ද?" කියා ඔහු සහමර දිනවල අසන්නේ ඔහුගේ මතකයේ තිබෙන මගේ රුව සහ දැන් මගේ රුව ඔහුගේ මොලයට හරියට ගලපා නොගත හැකි අවස්තාවලදි. සමහර වෙලාවට ඔහු මටම මා ගැන කියනවා එයා අරව කලා මේවා කළා එයා හිටිය නම් දැන් හොදයි. ඒ වෙලාවට අහක බලාගෙන කදුලු පිහිද ගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ. නැතිනම් ඔහු ෙපරලා අසන සුපුරුදු පැණයට පිළිතුරක් දෙන්න අපහසු වෙනව. "කව්ද බැන්නේ ඔයාට?". සමහර වෙලාවට "ඔයා රිපොර්ට් කරන මැනෙජර් කව් ද?" අසන්නේ ඔහුට මා හදුනා ගත නොහැකිව මා ඔහුව නිදි කරවිමට ප්‍රයත්නයක් දැරිමේදි ඉන් මිදිමටයි. මා යම් ආයතනයකින් ඔහුගේ සහයට ලබා දුන් කෙනෙක් යයි සිතා මට එරෙහිව පැමිණිළි කිරිමට තැත්කරමින් නින්ද ම...