Skip to main content

මරණයට විසුළු කළ මිනිසෙක්

අද දිනමිණ පුවත් පතේ මෙම විත්තිය දාන්නේ මගේ බ්ලොග් එකට සෙනග ගෙන්වා ගැනීමට නොව, හුදෙක් එම පුවත කියවිමෙන් ඇතිවු කණගාටුව නිසයි.

සාමාන්‍යන් දිනමිණ නොබලන එක්කෙනෙක් හරි මෙය අද කියවයි.

රචනය ඉරෝෂිණී දීපිකා සහ සෙයාරු සඳහා සමන්ත වීරසිරි

මෙන්න කතාව............

නෙත නිඳිවැරුව ද ඔහුට කම් නැත. අව් කාෂ්ටකේ දැවෙමින් හිස කකියන තුරු මුර කපොළු ළඟ සිටිය ද ඉන් විඩාවක් නැත. යුද මෙහෙයුම්වල නිරත වුව ද කිසිදු බියක් නැත.

තම ජීවිතයට වඩා ලක්ෂ ගණනක ජීවිත ආරක්ෂා කිරීම පමණක් ඔහු සිතේ ඉපැදුණු එකම බලාපොරොත්තුව විය. දුක් කම්කටොළු සියල්ල එක සිතින් බාරගෙන, දිවි පරදුවට තබා, අප වෙනුවෙන් කැප වූ ඔහු කොඩිතුවක්කු ආරච්චිගේ අජිත් නම් වෙයි.

මේ අපූර්ව මිනිසා අපට මුණගැසුනේ මෝදර රොක් හවුස් කඳවුරු භූමියේ දී ය. ඒ අභීත මිනිසාගේ විචක්ෂණශීලී බව නිසා ම, වෙන්නට ගිය මහා විනාශයක් පවා වළක්වා ගැනීමට හැකිවිය. මේ ඔහුගේ ඒ කථාවේ කටු සටහනකි.

"මං ජීවත් වෙන්නෙ කොම්පඤ්ඤවීදියෙ. ඉගෙන ගත්තෙ බදුරලිය කඹුරාවල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තෙ අපොස (සා/පෙළ) දක්වා විතරයි. ඔන්න ඔය කාලෙ තමයි රටේ භීෂණය පැතිරිලා තිබුණෙ.

ඒ කාලෙ සිදුවුණු සිදුවීම් ගැන හිතේ පොඩි කලකිරීමක් ඇතිවුණා. රට, ජාතිය ආරක්ෂා කර ගැනීම මවු බිම වෙනුවෙන්කළ හැකි එකම සත්කාරය කියලා හිතලා හමුදාවට බැඳෙන්න තීරණය කළා.

සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණේ මාත් එක්ක හතර දෙනයි. අද වෙනකොට ජීවතුන් අතර ඉන්නෙ අපි හතර දෙනාගෙන් මං විතරයි"

ඔහු අද ජීවත්ව සිටින්නේ මරණය හා ජීවිතය අතර පැවැති ද්වන්ධ සටනකින් අනතුරුව යැයි කීම නිවැරැදිය.

"මං හමුදා පුහුණුව ලැබුවෙ අනුරාධපුරේ පුහුණු කඳවුරෙන්. ඊට පස්සෙ වැලිඔය, වව්නියාව, මඩකළපුව වැනි ප‍්‍රදේශවල කි‍්‍රයාන්විතයේ සේවය කළා. 1994 දී ජනාධිපති ආරක්ෂක අංශයට බැඳුනා. ඊට පස්සේ යාපනයේ සේවය කළා.

මේ අතරෙදි හමුදා සේවයේ හිටිය මගේ මල්ලි අලිමංකඩ සටනින් මරණයට පත්වුණා. මං පලාලි ඉදලා එයාගෙ අවසන් කටයුතුවලට ගෙදර ආවා. අවසන් කටයුතුවලින් පස්සෙ දවසක මං ගෙදර ළඟ කඩේකට ගිහින් හිටියා.

ඒ වෙලාවෙ එක් පුද්ගලයෙක් ඒ කඩේට ඇවිත් තේ එකක් බීලා, රු.100ක් මුදලාලිට දුන්නා. ඒත් ඉතිරි සල්ලි ගත්තෙ නෑ. ඒක දැකපු මට මේ තැනැත්තා ගැන සැක හිතුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ නිලධාරීන් දෙන්නෙක් ඔය සිද්ධිය දැක්කා. මේ පුද්ගලයා මංකොල්ලකාරයෙක් විය හැකියැයි ඒ අය කිව්වා. මං එයා පස්සෙන් එළවගෙන ගිහින් ඇඟේ එල්ලිලා බදා ගත්තා.

එයාගෙ ඇඟේ බෝම්බයක් බැඳගෙන ඉන්න බව දැක්කෙ ඒ වෙලාවෙයි. ඒක පුපුරවා ගත්තොත් මහා විනාශයක් වෙන්න පුළුවන් බව මට වැටහුණා.

මං ඒ පුද්ගලයගේ අත්, කකුල් හිර කරලා හෙල්ලෙන්න බැරි වෙන්න බදා ගත්තා පැය භාගයක් යනකං ඒ විදිහට හිටියා. ඒත් කවුරුත් ළං වුණේ නෑ. ඈතට වෙලා ඉඳන් වෙන්නෙ මොකක්ද කියලා බලාගෙන හිටියා.

ඊට පස්සෙ මගෙ අතින් එයාව ගිලිහුණා. ඒත් එක්කම මේ පුද්ගලයා දිව්වා. පොලීසියට දැන්වුවහම ඒ අය ආවා. ඒ කෙනා උද්‍යානය පැත්තට දිව්වා.

ඒ පුද්ගලයව ලුහුබඳීමින් ගිහින් පොලිසිය අහසට වෙඩි තිබ්බා. ඒත් එක්කම කොටි ත‍්‍රස්තවාදියා ශරීරයේ බැඳගෙන සිටි බෝම්බය පුපුරවා ගත්තා. ඒ අවස්ථාවට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා මිය ගියා. මට බරපතළ තුවාල සිදු වුණා.

මාව කොළඹ මහ රෝහලට ඇතුළත් කළා. ඒ වනතෙක් මට සිහිය තිබුණා. රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිහිය නැතිව ගියා. ඒ විදිහට මං සති දෙකක් ඉඳලා.

ඊට පස්සේ මාස හතරක් වීදුරු පෙට්ටියක දාලා ඉඳලා. හුඟක් අය හිතලා තියෙන්නෙ මා මැරෙයි කියලා. ඒත් එලොව ගිහින් මෙලොව ආව වගේ මට සනීප වුණා.

මගෙ කකුල්වල, බෙල්ලෙ, ඇඟේ , ඔළුවෙ හැම තැනම යකඩ බෝල ගිහින් තිබිලා. එයින් කිහිපයක් ශරීරයෙන් ඉවත් කළා. ඒත් තව කිහිපයක් ඇඟ ඇතුළෙ තියෙනවා.

ඒවා ඉවත් කරන්න අපහසු මට්ටමකයි තියෙන්නෙ. මේ හේතුව නිසා ම මං හරි අපහසුතාවෙන් ජීවත් වෙන්නෙ. ඒත් මං මුහුණ පෑ මේ තත්ත්වය ගැන සොයා බලන්න අද වෙනකොට කවුරුත් නෑ.

මේ බෝම්බය අගමැතිතුමා ඉලක්ක කරගෙන ගෙනා එකක් බව ඒ දවස්වල දැන ගන්න ලැබුණා. මං අඳුරන මැති ඇමැතිවරු හිටියා.

ඒත් මං මරණයත්, ජීවිතයත් අතර සටන් වදිද්දී හෝ එයින් පස්සෙත් කවුරුත් බැලුවෙ නෑ. මං කළ ශ්‍රේෂ්ඨ කි‍්‍රයාව ඇගයීමකට ලක්වුණේ නෑ. ඒකෙ වාසි ප‍්‍රයෝජන වෙන වෙන අය ගත්තා.

"පුළුවන් කාලෙ කළා. අදත් මේ වගේ කවුරු හරි හම්බ වුණොත් මං අතාරින්නෙ නෑ. මේ රටේ මිනිස්සු කී දෙනෙක් ත‍්‍රස්තවාදීන් නිසා මැරිලා තියෙනවද? මං මැරෙන්න බය නෑ.

මං බය වුණානම්, මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක් එක්ක පැය භාගයක් විතර පොර බදන්නෙ නෑනෙ"

--------------------------------------------------------------------------------------------------------

අපි සුරතල් සතුන් මල් ආදිය ගැන විද්‍යුත් තැපැල් වටේ යැව්වත් මෙවැන්නක් තවකෙකුට කියනවා අඩුයි නේද?

Comments

  1. ඇත්තමයි හරිම සංවේදනීය කතාවක්. මටත් ගොඩාක් පුද්ගලයන්ගෙන් ලැබෙන්නෙ ඔයවිදියට එවන මල්, සත්තු අරුන් මුන් තමයි, ඒවාත් එක එක ගෘප් වලින් යවන හුදු විනෝදයක් බවට පත්වෙලා, මෙලෝ වැඩක් නැති එවන් රූප අන්තර්ජාලයේ ඕනෑවට වඩා සොයාගත හැකියි. එවන් ලිපිනම් මා විවෘත කිරීමකින් තොරවම මකා දමනවා, නැත්නම් ස්පෑම් ගනයට ඇතුලත් කරනවා. ඒත් මෙවැනි අනුවේදනීය කතාවක් එවන්නෙ බොහොම කලාතුරකින්.

    ReplyDelete
  2. හරිම සංවේදියි.මෙවගේ විරවරයො තවත් ඉන්නවා කවුරැත් කථා නොකරන.
    මෙ වගේ සටහනක් එක් කලාට ඩනිෂ්කට බොහොම පිං.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක