Skip to main content

Google [Chrome] & Mozilla [Firefox]

Google නව වෙබ් ගවේශකයක් නිකුත් කිරීම Mozilla සඳහා තර්ජනයක්ද?

එය අපට දැන්ම කිව නොහැකියි. දැනට පවතින සහයෝගිතාවය මෙම ලිපිය කියවන ඔබට මැනවින් වැටහෙන ඇතැයි මා විශ්වාස කරමි.
[නමුත් තර්ජනයක් වනවාද නැද්ද යන්න රදා පවතින්නේ Mozilla ඉදිරියේදි ක්‍රියාත්මක වන ආකාරය අනුවයි]

නමුත් මෙය නවතම තාක්‍ෂණික සොයාගැනීම් කරා Mozilla තවත් වෙගත්ව ඉදිරියට යැවීමට පෙළබවීමක් විය හැක.
කෙනෙක්ට තරගයේ රැදි සිටිමට නම් තම හැකියාවන් තරගය පුරා තබාගත යුතු වේ.

Google විසින් Mozilla මිලදි ගනිවිද?

නැත!
Google මොසිලා ගැනීම කළ නොහැක්කක්.
Mozilla කිසිදු දිනෙක විකිනෙන්නේ නැත.
ඇත්තටම Google විසින් Chromw ව්‍යපෘතිය ආරම්භ කළේ මෙම හේතුව නිසයි. ;-) [අපි නොදන්න Live]
ලාභ නොලබන ආයතනයක් ලෙස Mozilla ආරම්ඹ කළේ කිසිම ආයතනයකට එය මිලදිගත නොහැකි වීමටයි.
Google හි අරමුණ ලාභ ලැබීමයි. එමනිසා එය කිසිසේත්ම Mozilla වෙතට පිවිසෙන්නේ නැත.


1990 දි Netscape ආයතනයට Microsoft වෙතනින් තදබල පහරක් වැදුනා.
එවකට Netscape ආයතනයේ සිටි Mitchell Baker සහ Brendan Eich විසින් Mozilla ව්‍යපෘති ඇරඹූයේ Netscape සහ Microsoft අතර ඇති ගැටුමත් මතකයේ තබා ගෙනයි. මෙහිදි ඔවුන් තෝරාගත්තේ ලාභ නොලබන මාර්ගයයි. ඉතින් Mozilla ලාභ ලබන වාණිජ ආයතනයක් වූවා නම් අනිවාර්යෙන්ම Google විසින් Mozilla ලබා ගන්නවා නොඅනු මානයි.

කෙසේ නමුත් Mozilla යනු ලාභ නොලබන, එනම් ලාභ නොලැබීමේ පරමාර්තයෙන් සිටින ආයතනයක්. ඉතින් Google විසින් Mozilla ආයතනය ගුගල් වෙතට විකිනිමේ කිසිදු තර්කයක් නැ.

Mozilla හි ඉලක්කය නිදහස් සහ විවෘත මූල අන්තර්ජාලයක්. ඉතින් ස්වාදීනව සිටිම එම ඉලක්කය සඳහා ඉතා වැදගත්.



http://en.wikipedia.org/wiki/Microsoft_antitrust_trial

Mozilla සහ Google මිත්‍රකම කෙසේද? අතර තාක්‍ෂණික හුවමාරු සිදුවේද?

මෙම පැණයට තාක්‍ෂණික, නිෂ්පාදන සහ මුල්‍යමය සාදක සලකා බැලිය හැක.

තාක්‍ෂණික:

Breakpad සඳහා තාක්‍ෂණික සහයෝතාවයක් තිබු අතර Firefx හි බිදවැටුම් වාර්ථා (crash reports) සඳහා මෙය භාවිතා කරයි.
https://wiki.mozilla.org/Breakpad
http://code.google.com/p/google-breakpad/

මෙය තවදුරටත් ඔවුන් අතරේ ක්‍රියාත්මක වනු ඇත.

නිෂ්පාදන:

මේවන විට Mozilla සහ Google අත best-in-class, anti-phishing සහ anti-malware තාක්‍ෂණික උපක්‍රම ක්‍රියාතයාත්මක කිරිමෙහිලා එක්ව කටයුතු කර ඇති අතර දැනට එම කොටස් Firefox 3 දක්නට ඇත. එමෙන්ම Chrome තුළද එම කොටස් ඇතුළත් වනු ඇත.

මුල්‍යමය:

මීට පෙර දෙවතාවක් සවර දෙක බැගින් තිබු Mozilla සහ Google මුල්‍යමය ගිවිසුම මීට දින කිහිපයකට පෙර වසර 3කට අලුත් කරන ලදි. පැරණි ගිවිසුම මෙම වසරේ (2008) නොවැම්බර් අවසන් වීමට තිබුනද දැන් එය 2011 වසරේ නොවැම්බර් දක්කවා ක්‍රියාත්මක වන්නේ Mozilla සහ Google අතර සහයෝගිතාවය විදහා දක්වමිනි.

Mozilla හි 2006 වසරේ ආදායමින් 85%ක් (ඩොලර් මිලියන 57ක්) ලැබි ඇත්තේ Google වෙතින් වේ.

නමුත් 2011 දි Mozilla එකට මෙම ගිවිසුම නැතිවේදැයි දැන් ඔබ සිතනවා නේද?
දැන්ම කිසිවක් කියන්න බැ. :D


අනාගතයේ Google අන්තර්ජාලයේ එකාධිකාරය පතුරුවයි ද?

මට පෞද්ගලිකව එහෙම දෙයක් වේයයි හිතෙනවා. :)

තවද දැනට Google අඩවියට පිවිසෙන 70% පමණ දෙනා IE භාවිත කරන නිසා ඉදිරියේදි Google යෙදුම් හරහා එම IE පරිශීලකයන් Google වෙතට හරවා ගැනීමට පුලුවන්.

තවත් වැදගත් කාරණයක් වන්නේ Google හි සෙවුම් සහ දැන්වීම් සේවා සඳහා Mozilla මොසිලා තරග කරන්නේ නැත. නමුත් Microsoft මේ වන විටත් ඒම සෙවා වෙතට පිවිසීමට අවශ්‍ය බවට හඩක් නගා ඇත.


අපි කවුරුත් දන්න වනේ, සද්දේ දාන කෙනාටනේ ඉස්සෙල්ලම කන්න වෙන්නේ ;-)



ඉතින් මගේ අවසාන අදහස නම් 70% පමණ වෙළඳපොළක් හිමි IE වෙතට නම් අනිවාර්යෙන්ම Google Chrome ඉලක්ක වනු ඇත.

තවදෙයක් අර සර් මේ සර් කිනිසාවත් හෝ අර බ්ලොග් එකේ තිබ්බ නිසාවත් Chrome නොදා ඉන්නවත් එය වැදපුදාගන්න වත් අවශ්‍ය නැ.
Windows (දැනට එය Linux සහ MAC වලට නැ) වල ඉන්න අය දැන් එය දාලා බලන්න. අපිට අවශ්‍ය අපේ රටට අපේ අවශ්‍ය තාවලට ගැලපෙන සුරක්‍ෂිත, වේගවත් හා ස්ථායි ගවේශකයක්. නිදහස් සහ විවෘත මූල මෘදුකාංග අපිට අවශ්‍යයි.



IE අතීතය අවශ්‍ය අයට...
මේවා ඉතින් එයාලම ලියපු බව හිතේ තියාගෙන කියවන්න ;-)

Comments

Popular posts from this blog

හේරත් ගෙදර ගියා

2008 වසරේ දිනක මධ්‍යම පළාත් තොරතුරු තාක්ශන පුහුණු මධ්‍යස්්ථානයේ පැවති දින 5ක නේවාසික වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දියත් කළා. මේක කළේ සුෙච්ත ඔව් අර අලුත්ගම සින් එකට තනියම පිකට් කළේ එයා තමයි. මේ වැඩසටහනට විවිධ ගුරු චරිත එක්ව සිටියා. ඒ අය විවිධ වු හැකියාවන් වගේම ගති ගුණ තිබු අය. හේරත් සර් ඔවුන් අතරින් කෙනෙක්. නඩේ ගුරා මෙරට ‘පරිගණකයක් භාවිතයෙන්’ රජයේ පාසලක පරිගණක අධ්‍යාපනය ලබා දේ නම් ඒ සැම පාසලකම වගේ තොරතුරු තාක්ශන ගුරුවරු මෙන්ම අධ්‍යාපන විද්‍යාපිඨ වල පිරිස් ද මේ හේරත් චරිතය අනිවාර්යෙන්ම දන්නව. මොකද පාසල් වල වාර්ශික පරිගණක නඩත්තුව සදහා රට වටා යන ගුරුවරුන් කිහිප දෙනාගෙන් කෙනෙක් මොහු. අැත්තටම මොහු ඒ ගමනේ නඩේ ගුරා කිවත් වැරදි නැ. කොට අදින අලි මේ පිරිස රටවටේ යමින් පැත්තකට විසි කර තිබු පරිගණකවලින් අඩකට වඩා සැම විටම යළි භාවිත කළ හැකි අයුරින් පිළිසකර කර දීමත්, පාසල් වලින් එන ගුරුවරුන් සහ දරුවන් සදහා තම දැණුම බෙදා දිමත් නොපැකිලව සිදු කරනව. නමුත් මේ මුදල් ඉතිරිය ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැක. බටා ගෙනව නේද? ඇත්තටම ගාල්ල අවට පුදගලික මට්ටමින් අප සංවිධානය කළ වැඩසටහන් ගණනාවකට නුවර සිට තම යතුරු …

අයියයි නංගියි

මධ්‍යම පලාතේ අපි දන්න රෝහලක ඇති ඉදිකිරීම් වැඩබිමක සේවය කරන නිමල්ගෙ මව මැතකදි මිය ගිය පසුව ඔවුන්ගෙ පියාගේ කුබුරු වැඩ අතරමග නවතින්නෙ උදව්වට තවත් කෙනෙක් නැති නිසා.  නිමල්ගෙ නංගි නදීශා 8වසරෙ ඉගෙනුම ලබන්නෙ නුවරට ආසන්න මධ්‍යමහා විද්‍යාලයක. ඇය ඉගෙනීමට දක්ෂයි.  සාමාන්‍යන්  කුඹුරට අයියල නංගිල ගියාට වැඩබිමකට අයියල නංගිලා යන්නෙම නැති තරම්. නමුත් නිමල් ඔහු දැනට වැඩ කරන වැඩබිමට තම නංගිවවරක් එක්කරගෙන යනව. ඒ අත් උදව් දෙන්න නම් නෙමෙ.
නිමල් එහෙම කරන්නෙ වැඩ බිමේ කටයුතු සිදුවන අයුරු පෙන්වීමට සහ එහි සේවය කරන ඉංජිනේරු මැඩම්ව පෙන්වන්න.  තම නංගිත් කෙදිනක හෝ ඉංජිනෙරු වරියක් වනු දැකීමට ඇති ආසාව නිසා ඇය දිරිමත් කිරීමටයි නිමල් මෙහෙම කරන්නෙ.
ඇත්තටම නිමල්ලා තව ගොඩක් සමාජයේ ඉන්නව, ඒ අයගෙන් අපි ඉගෙන ගත යුත්තේ මෙයයි.  ඔබට බාල සහෝදර සහෝදරියෝ නැතත් ඔබටත් පුලුවන් නිමල් කෙනෙක් වෙන්න. කෙනෙක්ට අත දෙන්න තවමත් ඔබ පමා නැ.

මෙය සත්‍ය සිදුවීමක් වන අතරම අද උදැසන සිංහල අවුරුද්දට සුබ පතන්නට අකුර හරහා ශිෂ්‍යත්වයක් ලබන දියනිකට සහ ඇගෙ පියාට දුරකතන ඇමතුමක් දුන් විට මට අහන්න ලැබුනු තොරතුරකි.

සුබ අලුත් අවුරුද්දක් වේවා!

සැ:යු: නම් මනක්කල්ප…

බිංගන්තලාව සාගලපුර වෑයම - පළමු අදියර

මීට පෙර මා සඳහන් කළ පරිදි නුවර එළිය දිස්ත්‍රික්කයෙ දුෂ්කර පාසලක් වන බිංගන්තලාව සාගලපුර පාසලට පරිගණක ලබා දිමේ වැයමේ මූලික අදියර සාර්තක කරගැනීමට 2014 ජනවාරි 6දින හැකි විය.



ඉතා චාම්ව සරලව දෙමාපියන්ද සහබාගි වූ රැස්විමකදි මෙම වැඩසටහන නිළ වශයෙන් ක්‍රියාත්මක විය.






මම මේ ඊළඟට කියනවචන ටික හොදින් කියවන්න. මේක ජාති බේදයක් ඇති කරන්න කියන දෙයක් නෙමෙ

"සාගලපුර පාසල දෙමළ වතු වලින් වටවුන පාසලක්. ඒ පාසලේ සිට සිංහල බසින් ඉගේනීම කරන්න මේ දරුවන්ට යන්න තිබෙන අනෙක් පාසල තිබේනනෙ කිලෝ මිටර් 30කටත් දුරින්. හිතන්න අපි ඉන්න පැති වල කිලෝ මිටර් 30ක් තුළ පාසල් කොපමණ තිබෙන වාද කියල.
වටේ තියෙන දමිළ මාධ්‍ය පාසල් හරහා සිංහල ප්‍රධාන භාශාක් ලෙස මේ දරුවන්ට ඉගෙන ගන්න අවස්තාවක් තිබුනනම් මීට වඩා පහසුකම් ඔවුන්ට ලැබීමට අවස්ථාව තිබෙන්න පුලුවන්."




ඉතින් ඉහත කාරණාව වගේම පාසලේ ඉන්නෙ ඉතා සීමිත ගුරු පිරිසක්, ඒවගේම ඔවුන් කිසිම කෙනෙක් ගමේ අය නෙමෙ, ඉතා දුර බැහැර සිට එන්නෙ. ගොඩක් අය තමන්ගෙ සීමාවාසික කාලයෙන් පසු පාසලේ රැදෙවි කියල හිතන්න අමාරුයි.

ඉතින් මේ වගේ ගුරුවරු සීමිත පාසලකට ළමුන්ට ස්වන් අධ්‍යාපනයක යෙදීමට හන්තාන ලිනක්ස් …