පසුගිය සැප්තැම්බර් 20 වන දින ගාල්ල ඔල්කට් විද්‍යාලයේදි පැවැත්වු නිදහස් මෘදුකාංග දිනයට පැමිණි සිසු පිරිසයි මේ.
උදේටත් නොකා පාසැල් එන දරුවන් සිටින අප රටේ නිසි මෘදුකාංග බලපත්‍රයක් ගැනීමට එක් පරිගණකයකට දහස් ගණනින් මුදල් වැය කළ හැකිද?
ලංකා ලිනක්ස් මිතුරු සමූහයේ සාමාජිකයන් මෙම වැඩසටහන මෙහෙය වූ අතර එය ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ ගුරු මහතක වන බන්දුල මහතා විසින් සංවිධානය කරන ලදි.
උදැසන 8.30 සිට සවස 5.00 දක්වා මෙම වැඩසටහන ක්‍රියාමත්මක වූ මෙම වැඩසටහන සමඟ එක් වූ ගුරු සිසු පිරිස 500ක් පමණ විය.
ලංකා ලිනක්ස් මිතුරන් අතරින් අනුරාධ, සුචේත, චමිත්, ගවීන්, ප්‍රගීත් මෙම වැඩසටහනට සහභාගි විය.
මාතර රුහුණු විශ්ව විද්‍යාලයේ පැවති තවත් මෙවැනිම උත්සවයකට සහය දීම සඳහා ගවීන් සහ ප්‍රගීත් සමඟ මා දහවල් ආහාරය සඳහා වැඩසටහන නිමවූ පසු පිටත් වීය.
ඒ තොරතුරු පසුවට...
ඉදිරියේදී ඔබ සහභාගී වන වැඩසටහන් අතර ඕනෑම කෙනෙකුට සහභාගී වියහැකි වඩසටහන් තිබේද?
ReplyDeleteඔව්, එහෙම වැඩසටහන් තියෙනවා. :)
ReplyDeleteකලින් දැන ගන්නෙ කොහොමද එවා ගැන. අපිටත් සහභාගී වෙන්න.
ReplyDelete