Skip to main content

අසාර්ථක මෙහෙයුම....

ඔන්න අද උදේ 5.45ට විතර විදුරුවක් කුඩුවෙනවා ඇහුනා.

ඒ එක්කම අපෙ ගෙට්ටුවත් ඇරුනා.

මම ඊයේ රැ 2.30ට විතර නිදාගත් නිසා නින්දෙන් අවදිවුවත් ගෙට්ටුවේ සද්දේ නම් හිතුවේ උදැසන සහෝදරයා වැඩට යන්න ඇති කියලා.

මම එහෙම හිතතද්දි අම්මලා ලයිට් එක දාලා සද්දේ ආවෙ කොහෙන්නද බලන්න.
ඊට විනාඩියකින් තමා ගෙට්ටුව ඇරුනේ.

ගෙදර අනිත් අය හිතුවේ මාමා ආවා කියලා.

ඇත්තටම වෙලා තිබ්බේ හොරෙක් ඇවිත් පිටුපස ජනේලය බිද ඇතුලට ඒමට සැරසීමයි.
එත් ලයිට් දාපු නිසා කිසි කලබලයක් නැතිව ගෙට්ටුවත් ඇරගෙනම ගියා. :D

මොනවා උනත් සහෝදරයා කලින් ගියෙ නැත්නම් අම්මා ඔය වෙලාට ඔතන ඉන්නවා උයන්න. එහෙම උනා නම් විසී වුනා වීදුරු වලින් තුවාල වෙන්නත් තිබ්බා.

මොනවා උනත් ලයිට් නොදැම්ම නම් ඒ මනුස්සයාගේ දත්ටික අපරාදේ. මොකද ජනේලයට සවිකර තිබෙන යකඩ රාමුව ගලවන්න හො කපන්න සුදුසු දෙයක් ගෙනෙල්ලා නැ.
කටින් හපන්න වෙන්න ඇති හදන්න ඇත්තේ. පව් :(

එක අතකට එයත් හරි. හොරකමේ එන්නේ තියෙන දෙවල් ගෙනියන්නනේ. බඩු අඩුවෙන් එන්න ඔනා නිසා හිස් අතින්ම එන්න ඇති.

විදුරුව බිදින්නත් අරන් තිබුනේ අපේ ගෙදරම එලියේ තිබ්බ විදුරු බෝතලයක්. අගුල තියෙන හරිය අනුමාන කරද කොහෙද බිදලා තියෙන්නේ.





















මේ පිංතූර දෙක දැක්ක යාලුවෙක් ඇහුවා කෝ හොරාගේ පොටෝ නැද්ද කියලා. ඉතින් ඊළඟ පාර හොරාගෙන් අහලා එකක් ගන්න වෙනවා. ;-)

තවම පොලීසි නම් ගියේ නැ. මොකද එයාලා අහන්නේ හොරා අදුනනවද කියලනේ.
හොරා අදුනන්න කලින් දකින්න එපැයි.


මට නම් හිතෙන්නේ මේ ඇවිත් තියෙන්නේ හොරකම් පාසැලක ඉන්න Intern කෙනෙක්. මොකද දන්නවද? අපේ ආච්චිගේ නංගිගේ ගෙදරට හොරු ආවේ ඒගෙදර බල්ලෝ 4ක් ඉන්න ගමන්. ;-)

ඒවගේහොද හැකියාවන් තියෙන අය ඉන්න කාලෙක මෙහෙම වෙයිද?

ආ... මෙන්න තව ආරංචියක් "තව ගෙවල් 2ක් බිදලා අද උදේ 6ට කලින්"

හික් මට හිතෙන්නේ අද හොද නැකතක් තියෙන්න ඇති මේ අයට.
එක්කෝ හොරුන්ට අකුරු කියවිමේ නැකතක් වත්....

කණගාටුදායක සිද්දියක් වන්නේ සොරුන් පැන්න එක ගෙදරක් මීට එහා තියෙන ධීවරයන්ට අලුතින් දුන් නිවසක්. මුහුදු යන කෙනෙක්ට මෙහෙම දෙයක් කරන එක නම් පව්..

හැබැයි ඒ අයගේ හරි ගෙවල් තිබෙන වෙරල පැත්තෙදි මෙහෙම උනා නම් හොරාව ඇමට ගහවි. :D

ඇත්තටම මේ අයගේ අතපය හොදට තියෙන නිසා වෙන රස්සාවක් කරගන්න බැරිද දන්නැ.

Comments

  1. ඇති ඔයින් ගියා. හොරා එච්චර professional නෑ වගේ :D

    ඒ අතර

    "ඔන්න අද උදේ 5.45ට විතර විදුරුවක් කුඩුවෙනවා ඇහුනා.
    ඒ එක්කම අපෙ ගෙට්ටුවත් ඇරුනා.

    මම ඊයේ රැ 2.30ට විතර නිදාගත් නිසා නින්දෙන් අවදිවුවත් හිතුවේ උදැසන සහෝදරයා වැඩට ගියා කියලා."


    මේක කියවනකොට හිතෙන්නෙ ඩනිෂ්කගෙ සහෝදරයා හැමදාම වීදුරු කුඩු කරගෙන වැඩට යනව කියලයි. බිපෙසි!

    ReplyDelete
  2. @Anandawardhana,

    නැ, නින්දෙන් නිසා මම හිතුවේ කලබලේට ලැස්ති වෙද්දි මොනවා හරි බිදුනා කියලා.

    බිදුනේ විදුරුවක් බව තෙරුනේ නැ.

    ReplyDelete
  3. හොරුන්ටත් ආර්ථික ප්‍රශ්න වැඩි වෙලා ඇති, කොහොම හරි වෙලාවට වීදුරු බිදුනු හඩ ඇසුනෙ. නැත්නම් සොරි ම තමා,

    ඩැනී වටිනා කියන බඩු ගෙදර තියන්න එපා, එතකොට හොරු එන්නෙ නෑ.
    හික්.. :D

    ReplyDelete
  4. @har

    මට වටින දේ පිළිවෙලින්
    01. දෙමාපියන් සහ සහෝදරයා
    02. පරිගණකය සමඟ දත්ත

    එච්චරයි :)

    ReplyDelete
  5. සඳුදා(23)අපෙ ගෙදරට හොරෙක් ඇවිල්ලා ගිහින් :-)අපි දන්නෙත් නෑ. ඇරන් ගිහින් තියෙන්නේ එළියෙ තිබුණු සාදික්කා ටිකකුයි, අයින් කරල තිබ්බ පිත්තල ටැප් ටිකකුයි. ආරංචි වල හැටියට ඉන්නවා සාදික්කා,යකඩ බඩු වගේ සිල්ලර ඒවා හොරකම් කරන එකෙක්. (හිරේත් හිටපු කෙනෙක්ලු)

    ReplyDelete
  6. ආපු වෙලාවනං මොලේතියන හොරෙක් එලියට බහින වෙලවක් නෙමෙයි. ඇයි යකෝ එළිය වැටෙන වෙලාවට මොන ‍යකාද ගෙවල්වලට පනින්නෙ. පොර intern කෙනෙක් වගේ.

    මුකුත් නොදන්න හොර පූස වගේ ගේට්ටුවත් ඇරන් ගිහින් තියෙන විදිහනං සෑහෙන professional හොරෙක් වගේ.

    කොහොම උනත් ඩැනිය පස්ස පැත්තට ඉර පායනකං බුදිලු... හොරා ඇවිත් ගෙදරම උස්සං ගියත් ඌ දන්නෑ ලු... :P

    ReplyDelete
  7. එකා නම් මහ මෝඩ හොරෙක් නේ.. වීදුරු බිදලා පාන්දර ගෙවල් වලට ඇතුල් වෙන සිරිතක් තියනව‍යෑ.

    ReplyDelete
  8. ඔය ආවා මදැයි, හොඳද පොඩ්ඩක් Geek වැඩ දාලා වැඩක් කලා නම්? ;)

    ReplyDelete
  9. ගේට්ටුවෙ ඉබ්බ දාල තිබ්බනං ඌට යන්න අමාරු වෙනව. අපරාදෙ!

    ReplyDelete
  10. අනේ නැ මම මල් ඉස්කුරුප්පු නියනක් ගෙනාවා කරුමෙට එ ඇන ගලවන්න පුලුවන් පැලැට් නියනකින් කරුනාකර බොරුකියා හොරුන්න අපහාස නොකරන්න --මිට හොරා

    ReplyDelete
  11. ඕකනෙ කියන්නෙ ඉගෙන ගන්නවනම් හරියට ඉගෙන ගන්න කියල, ඒ හොරා ගේට්ටුව ඇරීම වගේ දේවල් ඉගෙන ගත්තට, ආයුද තෝරාගැනීමේ පාඩම ඉගෙන ගෙන නෑ

    හැබැයි උන්ගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නිසාද දන්නෙ නෑ, අපිට උනා වගේ,(2008 සාපෙ) ඉස්සරහ පාඩම පස්සට දාල මැද පාඩම ඉස්සරහට දාල, පිටිපස්සෙ පාඩම දෙකට කඩල තැන තුන හතරක දාල වෙන්න ඇති. කවුද මේවට වග කියන්නෙ ?

    හොරාත් බ්ලොග් කියනවනව නම්. දැන් තමන්ට වැරදුනේ කොතනද කියල වටහගෙන. ආයෙත් උත්සහ කරන්න. මම ඔබට (හොරාට ) සුභ පතනව.Try and try One Day You Can Die...

    ReplyDelete
  12. ජනේලය ඇතුලතින් යකඩ ග්‍රිල් සවි කරල තියෙන එක නම් බොහොම හොඳ දෙයක්. ඇති ඔයින් ගියා

    ReplyDelete
  13. @malee_msg
    එහෙනං කොහොමද හොඳ සිරිතට හොරෙන් ගෙවල් වලට ඇතුල් වෙන්නෙ? බෙල් එක ගහලා ඊට පස්සෙ දොර අරින එකාටත් ගහල ද? :D

    ReplyDelete
  14. ආ දැන් නම් මෙතන හොරෙකුට අවශ්‍ය tips ගොඩක් තියෙනව :D
    හොරා බ්ලොග් කියෙව්ව නං හැදෙන්න තිබුන.

    අර මල්ගුඩි දවස් එකේ ළමය වගේ අපේ එතුමා ඒ වෙලාවෙ හිටියෙ ඇඳ යට කියලත් පුවතක් ඔන්න දැන් ආරංචි වෙනව.

    ReplyDelete
  15. අපරාදෙ‍, ජනේලෙ ඇරලම තිබ්බ නම් වීදුරු කුඩු කරන එකක් නෑ‍. :D

    ReplyDelete
  16. කෝ කෝ IP එක trace ක‍ලේ නැද්ද?. :D

    "ජනේලයට සවිකර තිබෙන යකඩ රාමුව ගලවන්න හො කපන්න සුදුසු දෙයක් ගෙනෙල්ලා නැ."
    කොහොමද ‍ඔයා දන්නේ ගෙනාවේ නෑ කියල. බිපෙසි

    ReplyDelete
  17. @ශ්‍රීශානු - අපොයි හිතුවද හොරු එන්නේ නෑයෝ බලන්න කියලා..එහෙම නෙවෙයි එයාට තිබ්බ සද්ද නැති වෙන්න ජනේලේ බිදින්න අඩුම ගානේ සද්දේ අඩුවෙන් ඇහෙන්නවත්.. නැත්තම් වහල ‍දිගේ එන්න තිබ්බා..

    ReplyDelete
  18. ශ්‍රිශානු, ඉතිං හොරා පාන්දර එන එකේ පුදුමයක්යැ? අපේ උතුමා නිශාචාර වුණාම? බලන්න නිදාගෙන තියෙන්නේ කියටද කියලා, මම හිතන්නේ මෙහෙමයි:

    හොරා මුලින් උතුමාගේ නිවසට ඇතුල් විමට පැමිණි ඇත. උතුමාගේ (අයිස්)හිවලාගේ ඇටකටු හෝ යමක් හෝ ගෙනි යන්නට විය හැකිය. අවාසනාවක මහත! උතුමාගේ කාමරේ එළියක් දකින්නට ඇත (ඔන්න මම නම් දන්නේ නෑ එච්චර රෑ මොකද්ද කලේ කියලා, උතුමා අපිට කිව්වා නම්?.) ඔහු හොස්ස ගසා අසරණ අසල්වැසියන්ගේද නිවස් වලට වැදී ධීවරයෙකුගේ නිවසකින් අමු මාළු කැබැල්ලක් අනුභව කර නැවත එළි වැටෙන යාමේ උතුමාගේ නිවසට තරහට ගල් පහරක් ගසා ඇත. පසු දිනෙක ඔහු නැවත් උතුම්මගේ ඔලුව අත ගසා බදු හා දැවැද්ද ගෙනියන්නට එනු ඇත.

    හොරාට: මේ තව උතුමො සිටිනවා බං පොඩ්ඩක් එයාලගේ දුක සැප බලුවා නම් මෙහේ තියෙන පාඩමුත් එක්ක? ඔන්න එද්දි නව විශය නිර්දේශය වෙනුවට පරණ එක ඉගෙන ගන්න.

    ReplyDelete
  19. ඩැනියෝ.... එන පොට හොඳ නෑ... ඊළඟ පාර හොරෙක් මලී තමයි පළවෙනි සැකේ...

    @malee_msg: බොලේ හැබෑවට... කතාව ඇත්ත තමයි... (පාට් ටයම් 'හොර පංති' කරනවද? නරක නෑ කාලෙ හැටියට.)

    @බින්කුවො: උතුමා හින්දා හොරුයි මලියි ජීවත්වෙලා හමාරයි වගේ... :D

    ReplyDelete
  20. ශ්‍රිශානු, හොරාට මොකො වෙන්නද? මෙකේන් පාඩම් ඉගෙන ගත්තා නොවැ. එකට මලීගේ පන්ති ඔනේ නෑ නොවැ!

    ReplyDelete
  21. මලී අක්කා වෙන්නත් බැරි නෑ, බලන්නකො සළුවෙන් මුහුණ ආවරණ ඇත. අබිනොමල් සිතක් දරන්නෙකි. තව කතා මොකද? ආයිත් වුනොත් ඔන්න ඇය තමා!

    ReplyDelete
  22. ඔන්න අද අම්මා උයන්න නැගිට්ට නිසා මම මුරසංචාරයක් දැම්මා. නරකම නැ. හොරා A/L කරද්දි ආවනම් කියලා හිතෙනවා. :D ඒ කාලේ මේ වෙලාවට නැගිටින්නම බැනේ.

    @චරිත
    "සඳුදා(23)අපෙ ගෙදරට හොරෙක් ඇවිල්ලා ගිහින්"
    හොඳ වෙලාවට ආයෙ ගිහින්. වැරදිලාවත් නැවතුනා නම්. :)
    පරිසම් වෙන්න

    @මලී

    ආපු කෙනා මෝඩද කියලා කියන්නත් බැ. මොකද තාප්පෙන් ආවාට ගියේ ගෙට්ටුවෙන්. කලබල උනේ නැ. ආරංචි විදියට පාරේ උදේට දුවන කෙනෙක් විදියට ඇවිත් තියෙන්නේ.

    @හර්ෂදේව
    ඒකනම් ඇත්ත.
    උදේ සහෝදරයා 5ට ගිය වෙලාවේ ඉදලා ඉබ්බා නැතුව නිකන් වහලා තිබ්බේ.
    වෙලාව තමා..

    @ශානු

    හොරාට ඝණ දෙවි ණුවන තියෙනවා කියනවා නේද?

    @ගයාන්
    "මම ඔබට (හොරාට ) සුභ පතනව."
    අනේ එහෙනම් ආයෙ මේ බ්ලොග් එකට එන්න එපා :D

    @ගයන්ත
    හපොයි, එහෙම උනා නම් මෙකා තව මොනවා හරි කරයි

    @පහන්
    "කෝ කෝ IP එක trace ක‍ලේ නැද්ද?."

    හොරාගේ මොන අවයවයටද IP එකක් දීලා තියෙන්නේ. මාරයිනෙ ඔයත් දන්න දේවල්. ඔයාටත් එහෙම එකක් දීලද තියෙන්නේ? :D

    ඔයා බිම පෙරලෙන්නේ ඔයාද ආවෙ :)

    යකඩ රාමුව ගලවන්න හො කපන්න සුදුසු දෙයක් ගෙනෙල්ලා නැ කිවේ, වීදුරුව බිදලා තියෙන්නේත් එලියේ තිබ්බ බෝතලයකින් ගහලා.

    @ශානු

    මට සැක පහන් හික් එයානේ දන්නේ යකඩ රාමුව කපන්න බඩු ගෙනාපු බව.

    @බින්කු

    මෙපාර දැම්මේ වීදුරුවක්
    මලී කියන විදියට හොරාව ඉස්පිරිතාලෙම ගෙනියන්න වෙනව වගේ.. :)

    "නැත්තම් වහල ‍දිගේ එන්න තිබ්බා.."

    ReplyDelete
  23. @ ඩනිෂ්ක
    ඒ ඇවිල්ලා Professional හොරෙක් නෙවී. කුඩ්ඩෙක්.

    ReplyDelete
  24. @ ඩනිෂ්ක
    IP එක trace කලාද ඇහුවේ ඌ ගැන මොකක් හරි තොරතුරක් ලැබුනද කියල.

    මම කිව්වේ නෑනේ රාමුව කපන්න බඩු ගෙනා‍වා කියල. මම ඇහුවෙ ගෙනාවේ නෑ කියල ඔයා දන්නේ කොහොමද කියලනේ.
    මෙයා‍ මේ ගෙදර බිඳිච්ච වීදුරුවක් ගැන බොරුවක් ගොතාගෙන කෑගහනවද කොහෙද. නිකම්වත් පොලීසියට කියලත් නෑනේ.

    ReplyDelete
  25. @පහන්

    "මම ඇහුවෙ ගෙනාවේ නෑ කියල ඔයා දන්නේ කොහොමද කියලනේ. "

    එමනුස්සයා දුවලා තියෙන්නේ හිස්අතින්, බැග් එකක් වත් වෙන ආයුධයක් වත් තිබිලා නැ.

    ඔව් තොරතුරුටිකක් ලැබුනා. අපේ ගෙදරට තමයි අන්තිමට ඇවුත් තියෙන්නේ.
    මෙවා ඉතින් මෙතන ලියලා වැඩක් නැ.
    පොලීසියට කියලා තියෙන්නේ. එත් වැඩක් වෙන එකක් නැ.

    උදේ 5ට තමා මිශන් එක පටන් අරන් තියෙන්නේ. එක ගෙදරකට ඇවිත් තියෙන්නේ මලී කියපු විදියට වහලින්. එගෙදර නම් ජංගම දුරකතනයක් විතරයි අරන් තියෙන්නේ. ඒවගේ පොඩි දේ කට එච්චර දුකක් විදින්නේ ඇයිද දන්නැ :)

    තව ගෙදර 24,000ක් සහිත අත්බැගය. මාසේ පඩිය ගෙනාපු ගමන් එහෙම්ම හොරාට... පව් :(

    ඔක්කොම ගෙවල් 4කට ඇවිත් ..

    ReplyDelete
  26. හැබැයි මොනව වුනත් ඩනිෂ්ක ඇඳ යට නිදාගන්න තීරනය කරපු එකේ වරදක් මම නං දකින්නෙ නෑ. හිතේ බයක් නැතුව නිදාගන්න තියෙන්න ඕන නේ මොනව වුනත්. මේ ගැන කවුරු හරි මඩ ගහන්න ආවොත් අපි ඉන්නව ඩනිෂ්කගෙ ආරක්ෂාවට!!!!

    ReplyDelete
  27. අනේ මන්ද. ඔච්චර එක එක ඒව කියනව කියල දන්නව නං මං පැත්ත පළාතක එන්නෙ නෑ ඕං. මම නං තරහම තරහයි

    ReplyDelete
  28. @හොරා

    ස්තුතියි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක