Skip to main content

ෆයර්ෆොක්ස් 4 යළි ආරම්ඹ කරද්දි පරණ ටැබ් නැද්ද?

Firefox 4 යළි ආරම්ඹ කරද්දි පරණ ටැබ් යළි බ්‍රවෘසරය විවෘත කරන කොට නැ කියන අය මෙම මේ රූපයේ පරිදි When Firefox starts කියන එක "Show my windows and tabs from last time" ලෙස සකසන්න. වින්ඩෝස් පරිගණකයකදී නම්  Tools > Options ලෙස පිවිස කවුළුවේ General ටැබ් එකෙන්ද, ලිනක්ස් නම් Edit > Preferences කවුළුවේ General ටැබ් එකෙන් ද මෙම සැකසුම් ලබාගන්න.




මෙතෙක් ඇඩෝන කළමණාකරුහමු වි නැත්නම් ඔය කවුළුවේම (Preferences > General)පහළ තිබෙන Manage Add-ons.. බොත්තමත් ඔබලා බලන්න. පහත රූපයේ පරිදි ඉතා පහසුවෙන් ඇඩෝන, දිගුවන් ආදිය කළමණාකරනයට ඉඩ ලබා දී ඇත.



තව දෙයක් ෆයර්ෆොක්ස් 4 සඳහා සමහර ඇඩෝන සහාය නොදැක් වීමේ ගැටලුව ඇත්තේ  බ්‍රවෘසරයේ නොව  අදාල ඇඩෝනයේ කේතරචකයා එහි කේතය අලුත් නිකුතුවල සරිලන ලෙස සැකසීමට පමා වීමයි.  සිංහල යුනිකෝඩ් නොවන අකුරු සහිත වෙබ් පිටු දිස් නොවෙන බව පවසන අයට ගැටලුවක් වි ඇති සියබස්ස්ක්‍රිප්ටය ද ඉදිරියෙදි නව නිකුතුවට සරිලන ලෙස නිකුත් වීමට නියමිතයි.

Comments

  1. ඒක නෙවෙන්නම්...
    ඉසුරුගේ සින්ග්ලිශ් ඇඩ් ඔන් එකත් වැඩ කරන්නේ නැතිව ගියානේ...
    ආපහු 3.6.16 ට ගියා...
    සිංහල වැඩ ඔක්කොම මේකෙන් නිසා 3.6.16 හිර වෙයි වාගේ අපිව...
    ඉසුරුගේ ඇඩ් ඔන් සයිට් එකත් දැන් නෑ නේද ඩනිෂ්ක...?
    සිංහල අකුරු මලිති එකෙන් තියන නිසා හැබැයි FF 4 පෙණුම හොඳා..

    ReplyDelete
  2. මම සිංහල ෆොන්ට් (යුනිකෝඩ් නොවන) එක කෙලින්ම දාගෙන ඉන්නේ. ඇඩෝන් භාවිතයක් නැ සිංහල සඳහා.

    අනික සමහර ඇඩෝන නිසා Firefox ක්‍රැෂ් වෙනවා. ඇඩෝන ලියන අය ඒ ගැන අවදානය යොමු නොකරම වෙන්නේ ඉබේම Firefox වලින් ඒ ඇඩෝනය බ්ලොක් වෙන එක. ලුණු වැඩි උනාම කෑම කන්නම බැ වගේ තමා අනවශ්‍ය ලෙස ඇඩෝන පුරව ගත්තම Firefox හි කාර්යක්‍ෂම තාවයට ඒක බලපානව.

    ඉසුරු ගේ ඇඩොන් එක මොකක්ද කියල නම් දන්නෙ නැ. කෙහෙලිය කළ එකත් AMO සයිට් එකෙ නැ, එත් එයාට පුද්ගලිකව කීවා ඒක දාන්න කියලා. ඔයා ඉසුරුව දන්නවා නම් එයාව දැනුවත් කරන්න.

    ReplyDelete
  3. අහ්...! "සිංහල ෆොන්ට් එක කෙළින්ම දාගෙන ඉන්නේ.." කියන එක මට තේරුණේ නෑ... වෙලා තියේනම් පොඩ්ඩක් විස්තර කලොත් උදව්වක් අපට...

    ඔව් ඒක නම් ඇත්ත...ඇඩෝන් වෙලාවකට කරදරයක්ම නම් තමා...

    මමත් ඉසුරු පුද්ගලිකව දන්නේ නෑ ඩණිෂ්ක...
    ඉසුරු උදාන ගේ qsfox එක තමා මම පාවිච්චිය... විජේසේකර ඉගෙන ගන්න පමා වුනා වැඩියි අප්පා...

    ReplyDelete
  4. උදාහරණයක් විදියට මම ඉන්නේ ලිනක්ස්, මම යුනිකොඩ් ෆොන්ට් එක විදියට භාවිත කරන්නේ LKLUG. තව යුනිකෝඩ් නොවන ෆොන්ට 2ක් විතර මෙහෙයුම් පද්ධතියට දාගෙන ඉන්නේ. එනිසා මට ඇඩෝන අවශ්‍ය නැ යුනිකොඩ් රහිත පත්තර කියවන්න.

    ඉසුරුට සහ පහන්ට මම ලිපියක් දැන්මා. :)

    ReplyDelete
  5. ඔහ්... තේරුණා... ස්තූතියි ඩණිශ්ක..
    පණිවිඩේ යැව්වාටත් බොහෝ ස්තූතියි...

    ReplyDelete
  6. @තිස්ස, සුලු දෙයක් :)

    එදිනෙදා කාර්යය බහුලත්වය මත අදාල නඩත්තු කිරීම් මඟහැරෙනවා මුල් නිර්මාණ කරුවන් අතින්. ඉතින් ඉඩ තියෙන අයට නියමිත අවසර ගෙන ඉදිරියට අදාල ඇඩෝන සඳහා සහාය දීමට හෝ අලුත්ම විසදුම් දීමට හැකියාවත් තිබෙනවා.

    ReplyDelete
  7. මට පොඩි ප්‍රශ්නයක් ආවා ලිනක්ස් මත FF4 භාවිත කිරීමේදී.
    මෙය බ්‍රවුසරය අලුතෙන් විවෘත කිරීමේදී දකින්නට නැහැ. හැබැයි ස්වල්ප වේලාවක් භාවිත කිරීමේදී right click කර, ඒ මෙනුව උඩට මවුසය ගෙනයන්නට බැහැ. ගෙන ගිය විගස මෙනුව අතුරුදන් වෙනවා. බුක්මාක් ටූල්බාරයේ ඇති drop down සඳහාත් මෙය එසේමයි. මෙය මගහරවා ගන්නට දෝෂය පැමිණි පසු බ්‍රවුසරය රිස්ටාර්ට් කරන්න වෙනවා.

    මෙය අනිත් අයත් අත්දැක තිබේද? known issue එකක්ද?

    ReplyDelete
  8. @pravin

    touchpad scrolling අක්‍රීය කර බලන්න

    ReplyDelete
  9. හරියට හරි! වැඩේ ගොඩ!
    ස්තූති වේවා!

    ReplyDelete
  10. @ප්‍රවීන්

    ජයවේවා! :)

    ReplyDelete
  11. එළ එළ...නියිමයි :D

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක...

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...