Sunday, March 27, 2011

ෆයර්ෆොක්ස් 4 යළි ආරම්ඹ කරද්දි පරණ ටැබ් නැද්ද?

Firefox 4 යළි ආරම්ඹ කරද්දි පරණ ටැබ් යළි බ්‍රවෘසරය විවෘත කරන කොට නැ කියන අය මෙම මේ රූපයේ පරිදි When Firefox starts කියන එක "Show my windows and tabs from last time" ලෙස සකසන්න. වින්ඩෝස් පරිගණකයකදී නම්  Tools > Options ලෙස පිවිස කවුළුවේ General ටැබ් එකෙන්ද, ලිනක්ස් නම් Edit > Preferences කවුළුවේ General ටැබ් එකෙන් ද මෙම සැකසුම් ලබාගන්න.




මෙතෙක් ඇඩෝන කළමණාකරුහමු වි නැත්නම් ඔය කවුළුවේම (Preferences > General)පහළ තිබෙන Manage Add-ons.. බොත්තමත් ඔබලා බලන්න. පහත රූපයේ පරිදි ඉතා පහසුවෙන් ඇඩෝන, දිගුවන් ආදිය කළමණාකරනයට ඉඩ ලබා දී ඇත.



තව දෙයක් ෆයර්ෆොක්ස් 4 සඳහා සමහර ඇඩෝන සහාය නොදැක් වීමේ ගැටලුව ඇත්තේ  බ්‍රවෘසරයේ නොව  අදාල ඇඩෝනයේ කේතරචකයා එහි කේතය අලුත් නිකුතුවල සරිලන ලෙස සැකසීමට පමා වීමයි.  සිංහල යුනිකෝඩ් නොවන අකුරු සහිත වෙබ් පිටු දිස් නොවෙන බව පවසන අයට ගැටලුවක් වි ඇති සියබස්ස්ක්‍රිප්ටය ද ඉදිරියෙදි නව නිකුතුවට සරිලන ලෙස නිකුත් වීමට නියමිතයි.

11 comments:

තිස්ස දොඩන්ගොඩ said...

ඒක නෙවෙන්නම්...
ඉසුරුගේ සින්ග්ලිශ් ඇඩ් ඔන් එකත් වැඩ කරන්නේ නැතිව ගියානේ...
ආපහු 3.6.16 ට ගියා...
සිංහල වැඩ ඔක්කොම මේකෙන් නිසා 3.6.16 හිර වෙයි වාගේ අපිව...
ඉසුරුගේ ඇඩ් ඔන් සයිට් එකත් දැන් නෑ නේද ඩනිෂ්ක...?
සිංහල අකුරු මලිති එකෙන් තියන නිසා හැබැයි FF 4 පෙණුම හොඳා..

Danishka Navin said...

මම සිංහල ෆොන්ට් (යුනිකෝඩ් නොවන) එක කෙලින්ම දාගෙන ඉන්නේ. ඇඩෝන් භාවිතයක් නැ සිංහල සඳහා.

අනික සමහර ඇඩෝන නිසා Firefox ක්‍රැෂ් වෙනවා. ඇඩෝන ලියන අය ඒ ගැන අවදානය යොමු නොකරම වෙන්නේ ඉබේම Firefox වලින් ඒ ඇඩෝනය බ්ලොක් වෙන එක. ලුණු වැඩි උනාම කෑම කන්නම බැ වගේ තමා අනවශ්‍ය ලෙස ඇඩෝන පුරව ගත්තම Firefox හි කාර්යක්‍ෂම තාවයට ඒක බලපානව.

ඉසුරු ගේ ඇඩොන් එක මොකක්ද කියල නම් දන්නෙ නැ. කෙහෙලිය කළ එකත් AMO සයිට් එකෙ නැ, එත් එයාට පුද්ගලිකව කීවා ඒක දාන්න කියලා. ඔයා ඉසුරුව දන්නවා නම් එයාව දැනුවත් කරන්න.

තිස්ස දොඩන්ගොඩ said...

අහ්...! "සිංහල ෆොන්ට් එක කෙළින්ම දාගෙන ඉන්නේ.." කියන එක මට තේරුණේ නෑ... වෙලා තියේනම් පොඩ්ඩක් විස්තර කලොත් උදව්වක් අපට...

ඔව් ඒක නම් ඇත්ත...ඇඩෝන් වෙලාවකට කරදරයක්ම නම් තමා...

මමත් ඉසුරු පුද්ගලිකව දන්නේ නෑ ඩණිෂ්ක...
ඉසුරු උදාන ගේ qsfox එක තමා මම පාවිච්චිය... විජේසේකර ඉගෙන ගන්න පමා වුනා වැඩියි අප්පා...

Danishka Navin said...

උදාහරණයක් විදියට මම ඉන්නේ ලිනක්ස්, මම යුනිකොඩ් ෆොන්ට් එක විදියට භාවිත කරන්නේ LKLUG. තව යුනිකෝඩ් නොවන ෆොන්ට 2ක් විතර මෙහෙයුම් පද්ධතියට දාගෙන ඉන්නේ. එනිසා මට ඇඩෝන අවශ්‍ය නැ යුනිකොඩ් රහිත පත්තර කියවන්න.

ඉසුරුට සහ පහන්ට මම ලිපියක් දැන්මා. :)

තිස්ස දොඩන්ගොඩ said...

ඔහ්... තේරුණා... ස්තූතියි ඩණිශ්ක..
පණිවිඩේ යැව්වාටත් බොහෝ ස්තූතියි...

Danishka Navin said...

@තිස්ස, සුලු දෙයක් :)

එදිනෙදා කාර්යය බහුලත්වය මත අදාල නඩත්තු කිරීම් මඟහැරෙනවා මුල් නිර්මාණ කරුවන් අතින්. ඉතින් ඉඩ තියෙන අයට නියමිත අවසර ගෙන ඉදිරියට අදාල ඇඩෝන සඳහා සහාය දීමට හෝ අලුත්ම විසදුම් දීමට හැකියාවත් තිබෙනවා.

Pravin said...

මට පොඩි ප්‍රශ්නයක් ආවා ලිනක්ස් මත FF4 භාවිත කිරීමේදී.
මෙය බ්‍රවුසරය අලුතෙන් විවෘත කිරීමේදී දකින්නට නැහැ. හැබැයි ස්වල්ප වේලාවක් භාවිත කිරීමේදී right click කර, ඒ මෙනුව උඩට මවුසය ගෙනයන්නට බැහැ. ගෙන ගිය විගස මෙනුව අතුරුදන් වෙනවා. බුක්මාක් ටූල්බාරයේ ඇති drop down සඳහාත් මෙය එසේමයි. මෙය මගහරවා ගන්නට දෝෂය පැමිණි පසු බ්‍රවුසරය රිස්ටාර්ට් කරන්න වෙනවා.

මෙය අනිත් අයත් අත්දැක තිබේද? known issue එකක්ද?

Danishka Navin said...

@pravin

touchpad scrolling අක්‍රීය කර බලන්න

Pravin Indranama said...

හරියට හරි! වැඩේ ගොඩ!
ස්තූති වේවා!

Danishka Navin said...

@ප්‍රවීන්

ජයවේවා! :)

Bunny said...

එළ එළ...නියිමයි :D