Tuesday, March 22, 2011

Firefox 4 අද (මාර්තු මස 22) නිකුත්වේ!

ලොව පුරා මිලියන 400කට අදික පරිශීලකයන් පිරිසකට වේගවත්, සුමුදු හා රුචි ගවේෂක අත්දැකීමක් ලබාදීම සඳහා Mozilla විසින් Firefox 4 අද ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00ට පමණ නිකුත් කිරීමට නියමිතයි.

ජාලය වඩාත් පහසු ස්ථානයක් කිරීම අරමුණු කරගත් ලාභ නොලබන ආයතනයක් වන Mozilla, ජනප්‍රිය, නිදහස් හා විවෘත මෘදුකාංගයක් වන Mozilla Firefox 4 සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි. Firefox විසින් අනාකූල පරිශිලක මුහුණතකින්, නව විනෝද විශේෂාංග මගින්, වැඩි වේගයකින් හා නවීන ජාල තාක්‍ෂණයන්ට සහාය දැක්වීමෙන් පරිශීලකයන්ට තම ජාල අත්දැකීමේ පාලනය නතු කරවයි.

Firefox 4 භාෂා 75 කට අදික ප්‍රමාණයකින් Windows, Linux සහ Mac OS X සඳහා ලබා ගැනීමට හැකියාව ඇත. Android සහ Maemo උපාංග මතද භාවිත කළ හැකි ලෙස Firefox 4 නිකුත් වනු ඇත.




පළමු දිනයේදිම Firefox 4 ලබා ගැනීමට සූදානම් වන්න!

7 comments:

Anonymous said...

අයියෝ මම මේක පාවිච්චි කරන්නේ දැනට සති තින හතරකට විතර කලින් ඉදල. මම නම් කියන්නේ කට්ටියට 3.6 වලම ඉන්න කියල. මොකද ගොඩාක් ඇඩෝන් 4.0 එක්ක වැඩ කරන්නේ නෑ. උදාහරණයකට සිංහලෙන් බ්ලොග් ලියන, චැට් කරන හැමෝටම වැදගත් qsFox මේ 4.0 සංස්කරණයත් සමග වැඩ කරන්නේ නෑ. අප්ඩේට් කරන්න කලින් ඒ ගැනත් සිතන්න

Danishka Navin said...

Firefox 4 final release එක එන්නේ අදයි, මීට පෙර ආවේ බීටා නිකුතු සහ RC නිකුතුව.

qsFox සහාය නොදැක්විම Firefox වල ගැටලුවක් නෙමේ අදාල ඇඩෝන් එක නඩත්තු කරන කෙනා එය අලුත් නිකුතුවට සුදුසු ලෙස සකසන්න ඔනා.

Nadun Dissanayake said...

Add-on ගැටලු නැත්නම් හොඳ ඇති. මම නම් තවම 3.6 . මේක ඇති හොඳටම

හරිඳු ඉෂාන් said...

Firefox 4.0 Beta හෝ RC Versions වල තියෙන අවස්තා වල Add-ons support එක අවම වෙන්න පුලුවන්.. කොහොම වුනත් සති දෙකක් වගේ ඇතුලත ගොඩක් add-ons firefox 4.0 compatible විදියට upgrade කරාවි..

සහන් said...

එනකල් ඉන්නේ............ :D

Danishka Navin said...

තව පැය දෙකයි :)
ඉන්පස්සේ ට්විටරය පැත්තටත් යන්න ;-)

Bunny said...

අප්පට බොල..බාමු බාමු :D