Skip to main content

Firefox 4 නිකුත්විය!

ලොව පුරා මිලියන 400කට අධික පරිශීලකයන් පිරිසකට වේගවත්, සුමුදු හා රුචි
ගවේෂක අත්දැකීමක් ලබාදීම සඳහා Mozilla විසින් Firefox 4 නිකුත් කරයි.

ජාලය වඩාත් පහසු ස්ථානයක් කිරීම අරමුණු කරගත් ලාභ නොලබන ආයතනයක් වන
Mozilla, ජනප්‍රිය, නිදහස් හා විවෘත මෘදුකාංගයක් වන Mozilla Firefox 4
සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි. Firefox විසින් අනාකූල පරිශිලක මුහුණතකින්,
නව විනෝද විශේෂාංග මගින්, වැඩි වේගයකින් හා නවීන ජාල තාක්‍ෂණයන්ට සහාය
දැක්වීමෙන් පරිශීලකයන්ට තම ජාල අත්දැකීමේ පාලනය නතු කරවයි.

Firefox 4 භාෂා 75 කට අදික ප්‍රමාණයකින් Windows, Linux සහ  Mac OS X
සඳහා ලබා ගැනීමට හැකියාව ඇත. Android සහ Maemo උපාංග මතද භාවිතා කළ හැකි
ලෙස Firefox 4 නිකුත් වනු ඇත.


Firefox 4 යනු දැනට ඇති වේගවත්ම Firefox සංස්කරණයයි. චමත්කාරජනක වේගයකින්
හා ක්‍රියාකාරීත්ව වැඩිදියුණු කිරීම් තුලින් Firefox එහි පෙර සංස්කරණ
මෙන් දෙගුණයක් හෝ හය ගුණක් වේගවත් වේ. JavaScript එළවුමට සිදුකල ප්‍රධාන
වෙනස්කම් තුළින් ආරම්භක කාලයේ හා පිටු පූරණ වේගයේ සිට චිත්‍රණ දක්වා
ක්‍රියාකාරීත්වය Firefox මත විශ්මයජනක ලෙස වේගවත්ය.


නවතම Firefox සංස්කරණය සුමුදු නව පෙනුමක් හඳුන්වා දෙමින් ජාල
අන්තර්ගතයන්ට මධ්‍ය වේදිකාව ලබාදෙයි. යෙදුම් ටැබ හා පැනෝරාමා වැනි
විශේෂාංග තුලින් Firefox ජාලය ගවේෂණය වඩාත් පහසු හා කාර්යක්‍ෂම කරවයි.
Firefox විසින් Do Not Track හා අන්තර්ගත ආරක්‍ෂක ප්‍රතිපත්ති වැනි
ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ පුද්ගලිකත්ව හා ආරක්‍ෂක පහසුකම් මගින් පරිශීලකයන් හට
ඔවුන්ගේ පුද්ගලික දත්ත වල ආරක්‍ෂාව පිළිබඳ පාලනය ලබාදී ඔවුන් මාර්ගගතව
ආරක්‍ෂා කරයි.

Firefox Sync පරිශීලකයාට පරිගණක සහ ජංගම දුරකතන ඔස්සේ "Awesome Bar"
අතීතය, පිටු සලකුණු, විවෘත කළ ටැබ් සහ මුරපද සඳහා ප්‍රවේශය ලබා දේ.
එම්න්ම Firefox දහස් ගණනක් වූ ඇඩෝන, දිගුවන් සහ පර්සොනා මෙන්ම
පරිශීලකයන්ට ඉතා පහසුවෙන්තම අන්තර්ජාල භාවිතයට අවශ්‍ය ඇඩෝන සොයාගැනීමටත්
රිසි සේ සැකසීමටත්  නව Firefox ඇඩෝන කළමණාකරු එක්කර ඇත.

ෆයර්ෆොක්ස් නව නිකුතුව HTML5 ඇතුලු නවතම අන්තර්ජාල තාක්‍ෂණයන් සඳහා සහාය
දෙ. මෙම තාක්‍ෂණයන් විශ්මිත වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් සඳහා පාදක වේ.
අන්තර්ජාල විශ්මය (Web O’ Wonder) වෙත ගොස් සංවර්ධකයින්ට දැන් නිර්මාණය
කළ හැකි විශ්මයජනක අන්තර්ජාල අත්දැකීම් විඳින්න.





Firefox 4 හි අලුතින් ඇත්තේ මොනවා ද?

මෙතෙක් එළිදැක් වූ වේගවත්ම Firefox නිකුතුව

ක්‍රියාකාරීත්වය : Firedox එහි පැරණි සංස්කරණ මෙන් හය ගුණයක් වේගවත් වේ.
වැඩිදියුණු කළ ආරම්භක හා පිටුපූරක කාලය, වේගවත් ජාල යෙදුම්
ක්‍රියාකාරීත්වය හා දෘඩාංග ත්වරණය (hardware accelerated) සහිත චිත්‍රණ
සමඟ Firefox දියුණු අන්තර්ක්‍රියාකාරී ජාල අඩවි සඳහා සකසා ඇත.

නවතම මුහුණත

යෙදුම් ටැබ: නිතර පිවිසෙන වෙබ් ඊමේල්, Twitter, Pandora සහ Flickr වැනි
අඩවි සඳහා නිෂ්චිත ඉඩක් ලබා දේ.

ටැබ වෙත මාරු වීම : නැවත නැවතත් ටැබ විවෘත කිරීමෙන් තොරව ඔබේ විශ්මිත
තීරුව භාවිතයෙන් ඕනෑම විවෘත ටැබයක් සොයා පහසුවෙන් මාරු වෙන්න.

පැනොරාමා: විශාල ටැබ් ගණනක් විවෘත කරමින් ගවේෂණයේ යෙදෙන විට කාලය ඉතිරි
කර ගැනීම සඳහා කළමණාකරනය කළ හැකි සමූහ තුලට ටැබ් ඇද දමන්න.

පුද්ගලික සහ ආරක්‍ෂිත සමකාලික කිරීම

Firefox Sync: පරිශීලකයාට පරිගණක සහ ජංගම දුරකතන ඔස්සේ විශ්මිත තීරු
(Awesome Bar) අතීතය, පිටු සලකුණු, විවෘත කළ ටැබ, මුරපද සහ පෝරම දත්ත.

වඩාත් රුචිකරණය කල හැකිය.

නව ඇඩෝන පාලකය: Firefox හි ක්‍රියාකාරීත්වය හා පෙනුම රුචිකරණය කිරීම සඳහා
වන 200,000ට අධික ඇඩෝන පහසුවෙන් ගවේෂණය කර ස්ථාපනයට ඉඩදෙයි.

පුද්ගලිකයි එමෙන්ම ආරක්‍ෂිතයි

Do Not Track: විශ්ව සම්මත Do Not Track විශේෂාංගය තුලින් පරිශීලකයන්ගේ
හැසිරීම් මත පදනම් වූ වෙලඳ ප්‍රචාරණයන්ගෙන් ආරක්‍ෂා කිරීම තුළින් Firefox
ජාලය තුළ ප්‍රමුඛත්වය දරයි.

Firefox ජාල සම්මත තුල ගලායෑම සැකසීම මගින් වෙනත් අය ඔබේ ගවේෂණ ඉතිහාසයට
ඇතුළුවීම අවහිර කිරීමෙන් සැමවිටම ඔබේ පුද්ගලිකත්වයට ප්‍රමුඛතාව ලබාදේ.

HTTP දැඩි ආරක්‍ෂිත ප්‍රවාහනය (HSTS): ස්වයංක්‍රීයව ආරක්‍ෂිත සබඳතා
ගොඩනංවා "අතර මැදි දත්ත අපහරණ (man in the middle)" ප්‍රහාර වලකා
පිවිසුම් ක්‍රියාවලි හීදී සංවේදී දත්ත සඳහා ආරක්‍ෂාව ලබාදෙයි.

අන්තර්ගත ආරක්‍ෂණ පිළිවෙත (CSP): නිවැරදි දත්ත කුමක්දැයි ගවේෂකයට පැවසීමට
වෙබ් අඩවි වලට ඉඩදීම තුළින් අන්තර්-ස්ක්‍රිප්ට ප්‍රහාර වලකයි.

වෙබ් අඩවි සංවර්ධකයින් සඳහා අති නවීන තාක්‍ෂණික උපාංග:

වැඩි පිටු පූරණ වේගයක් හා ජාල යෙදුම් හා ක්‍රීඩා සඳහා වැඩි
කාර්යක්‍ෂමතාවක් ලබාගැනීමට JavaScript එළවුම  නව JägerMonkey JIT
සම්පාදයක මෙන්ම දැනට පවතින TraceMonkey JIT  හා SpiderMonkey හි
පරිවර්ථකය සඳහාද සහාය දක්වයි.

Firefox මගින් ශ්‍රව්‍ය හා දෘශ්‍ය අත්දැකීම දියුණු කිරීම සඳහා කරන HTML5
සහාය දැක්වීමට දෘඩාංග ත්වරණය (hardware acceleration), හා
අධි-විස්තරාත්මක (high-definition) වීඩියෝ  (WebM), ත්‍රිමාණ චිත්‍රණ,
මාර්ගගත නොවන දත්ත ගබඩාව, වෘත්තීයමය අක්‍ෂර, ස්පර්ශ සංවේදී මුහුණත් හා
Mozilla Audio API සහායද අයත් වේ.

Firefox 4 විසින් CSS, Canvas හා SVG වැනි උපකරණ දියුණු කිරීම තුලින්
සංවර්ධකයන් හට අගනා වෙබ් පිටු නිර්මාණය කිරීමට ඉඩ දෙයි.

Adobe Flash, Apple QuickTime හෝ Microsoft silverlight ප්ලගින
බිඳවැටීමකදී Firefox විසින් නොබිඳෙන ගවේශනයක් ලබාදෙයි. එම ප්ලගින වලින්
එකක් බිඳ වැටීමකදී හෝ නැවතීමකදී, එය සෙසු Firefox වෙත බලනොපාන අතර
ප්ලගිනය නැවත ඇරඹීමට සරලව පිටුව ප්‍රථිපූර්ණය කරන්න.


Comments

  1. නමෝ විත්තියෙන්ම බාගත්තා....

    ReplyDelete
  2. මගේ වින්ඩෝස් 7 (32බිට්) තියෙන්නේ ෆයර්ෆොක්ස් 3.6 වල යුනිකොඩ් හොදට වැඩ කලත් මේ අළුත් 4 සංස්කරනයේ ඉස්පිලි පාපිලි ඓහෙ මෙහෙ වෙලා කැතට පේන්නේ. ඒක හදා ගන්නේ කොහොමද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

හැමිල්ටෝනියන් මග

  හැමිල්ටෝනියන් මග/පෙත (Hamiltonian Path) එකක් කියන්නේ එක් ශ්‍රීර්ෂයක් මත එක් වරක් පමණක් ගමන් කරන යම්කිසි මඟපෙන්වීමක් සහිතව හෝ රහිත රේඛා සටහනක්, ගමන් මඟක්. හැමිල්ටෝනියන් චක්‍රය (Hamiltonian cycle) කියන්නේ, චක්‍රයක් වන හැමිල්ටෝනියන් මගක්. ප්‍රස්තාරයක එවැනි මගක් සහ චක්‍රයක් ඇතැයි තහවුරු කර ගැණීම  Hamiltonian path problem - හැමිල්ටෝනියන් මාර්ග ගැටලුව ලෙස හදුන්වයි. මේ ගැටලුව NP-Complete ගැටලුවක් වේ. හැමිල්ටෝනියන් මග සහ චක්‍රය අයර්ලන්ත ජාතික ගණිතඥයකු වන Sir William Rowan Hamilton (1805–1865) වෙනුවෙන් මෙය නම් කරලා තියෙනව.  1856 දි මොහු icosian game නැමැති ගණිතමය ක්‍රීඩාව නිමවනව. ඇත්තටම ඔහුගේ දායකත්වය භොතික විද්‍යාවට ඉතා වැදගත් සේ සලකනව. විද්‍යුත් චුම්බකනය (electromagnetism) වැනි ශාස්ත්‍රීය ක්ෂේත්‍ර න්‍යායන් (classical field theories) ගේ නවතම අධ්‍යනයන් සහ කොන්ටම් යාන්ත්‍රකය (quantum mechanics) සංවර්ධනයට මොහු විසින් හැමිල්ටෝනියානු යාන්ත්‍රකය ( Hamiltonian mechanics) මූලික වෙනව.   වැරදි තොරතුරක් ඇත්නම් නිවැරදි කිරීමට කාරුණික වන්න.  ඉතින් මේ සටහන ලියන්න හිතු

පරිගණක ආශ්‍රීත ව්‍යාපාර ලියාපදිංචියෙදි පොලිස් රිපෝර්ට් සහ හැක් කිරීමට ලියාපදිංචි වීම

පසුගිය දවසක මගේ මිතුරෙක්ට මෙන්න මේ අත්දැකීම විදගන්න ලැබුනා. 2018 දෙසැම්බර් මස ව්‍යාපාර ලියාපදිංචියක් සඳහා ඉදිරිපත් කළ අයදුම්පතට එච්ච දේ දැනගන්ට ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයට ගිය විට අදාල අයදුම්පත යළි අතට ගන්නා සේවකයින් යුහුසුලුව කටයුතු කරන්නට ගන්නව. ඒ අතරෙදි මෙන්න මෙහෙම කතාවක් අවසානෙදි ඇහෙනව.. දැනට මෙරට අපණයන ආදායමින් සැලකිය යුතු මුදලක් ලැබෙන්නේ මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවා අපනයනය හරහා. මුදලින් ඇමරිකාණු ඩොලර් මිලියන 1000 කට අසාන්න අගයක් 2017 වසරෙදි තිබුනා. අපිට තව දුරටත් ගෘහසේවිකාවන්ගෙන් ලැබෙන විදේශ විනිමයෙන් හෝ සම්ප් ‍ රදායික අපණයන හරහා විදේශ විනිමය ගොඩ නගන්න බැ. ඒ නිසා රජයටත්, රජයේ සේවයේ ඉන්න ඉහළ නිළධාරින්ටත් තොරතුරු තාක්ෂණය හරහා ලබා ගත හැකි විදේශ විනිමය සහ එය වැඩි දියුණු කරගත හැකි ක් ‍ රමවේදයන් ගැන හිතන්න වෙනව. අපි මැණිකක් අපණයනය කරද්දි ලබන විදෙශ විනිමය සහ එක් ගෘහ සේවිකාවක් මෙරටට එවන මුදල සසදලා බලමු. මසකට එක් ගෘහ සේවිකාවක් මෙරටට එනව මුදල ඉතාම සුලු මුදලක් එක් මැණික් ගලක් සමඟ සැසදුවොත්. නමුත් මෙරටින් බැහැරව සේවය කරන ලක්‍ෂ ගණනක් වන ගෘහසේවික

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක