Sunday, March 29, 2009

හැඹිලිගත කරන්න...

සිංහල මහාචාර්යවරු හදුන්වා දෙන හැම සිංහල වචනෙම හරි කියලා දගලන පුංචි පැංචි මල්ලිලාගේ දැන ගැනීම සඳහා මෙසේ පළ කරමි.
මේ cache කියන තාක්‍ෂණික වචනෙට අපේ දේශිය සිංහල පඩිවරු දුන් වචන මේ.

cache සඳහා මෙන්න විකිපිඩීයාවෙ තියෙන අදහස:
http://en.wikipedia.org/wiki/Cache

"In computer science, a cache (pronounced /kæʃ/) is a collection of data duplicating original values stored elsewhere or computed earlier, where the original data is expensive to fetch (owing to longer access time) or to compute, compared to the cost of reading the cache. In other words, a cache is a temporary storage area where frequently accessed data can be stored for rapid access. Once the data is stored in the cache, future use can be made by accessing the cached copy rather than re-fetching or recomputing the original data, so that the average access time is shorter."



තොරතුරු මූලය

8 comments:

Charith Weerakkody said...

මම දන්න තරමින් නම් ඉස්සර හිටපු කාන්තාවො හැඹිලිය ගොඩක් වෙලාවට තියන් හිටියෙ හැට්ටෙ අස්සෙ හන්ගගෙන.හැඹිලියෙ වැඩි ආරක්ෂාවටත් එක්ක එහෙම කරන්න ඇති.

ඒ නිසා මේ සිංහල මහාචාර්යතුමා "cache" කියන ඉංග්‍රීසි වචනෙට දීල තියෙන සිංහල තේරුම වන "හැඹිලි ගත කිරීම" වෙනුවට "හැට්ට ගත කිරීම" වගේ සිංහල වචනයක් යොදා ගත්තොත් ගොඩක් අයට තේරෙන නිසා ඒ වගේ යොදා ගැනීමක් වඩා සුදුසුයි කියලයි මට නම් හිතෙන්නෙ.

Anonymous said...

හැඹිලි පිටුව නම් මල් හතයි :D

ගයාන් තාරක said...

මට මතකයි මං පුංචි කාලෙ අපේ ආච්චි ලඟ තිබුනා හැඹිලියක්. හැබයි ඒක නම් පාවිච්චි කලේ සල්ලි එහෙම දාගෙන යන්න. ඒත් cache ගන්නෙ සල්ලි දාන්න නෙවෙයිනෙ. තාවකාලිකව දත්ත තබාගැනීමකටනෙ.

-බිன்ku- said...

disconnect කියන එකට 'විබෙදන්න' කියලා දාලා තියෙනවා. disconnect internet එකට සිංහලෙන් කිව්වොත් කියවන මිනිහා පොරවකින් පලයිද මන්දා!

tab, display name, dispaly properties වගේ සමහරක් ඒවාට දාලා තියෙන්නේ අමුතු නම් ඒවායේ තේරුම නොදන්න කෙනෙක්ට ඒවා තේරෙන්නේ නැහැනේ. අණ්ඩර දෙමල මීට වඩා ලේසියි තේරුම් ගන්න.

drop කියන එකට හෙළුම් කියලා දාලා තියෙනවානේ. අපොයි එහෙනම් ඕක හින්දා drop කරන්න බැහැනේ එතකොට කියන්නෙ 'හෙළුම් කලා' කියලානේ. ඒ කියන්නේ ඇඳ ඉන්න ඇදුම හෙළුවා කියලානේ. අනිත් දෙක (drop shadow, drop ගැනත් එකම තමා.

ඕන කෙනෙක්ට ආතල් එකක් ගත්ත හැකි මේකෙන්.

එළම තමා!

Anandawardhana said...

බිපෙසි!!!!

kasun said...

මට O/L කරන දවස් වල, "පරිඝණක පාරිභාෂික ශබ්දමාලාව" නමින් අධ්‍යාපන ප්‍රකාශන දේපාර්ත‍මේන්තුව විසින් ප්‍රකාශිත පොතක් ලැබුනා. ඒකේදිත් වැඩිමනක් වචනවලට දීලා තිබුණු සිංහල තේරුම් ඔය විදියෙම විකාර.

නාගයා said...

මම නම් සිංහලෙන් පරිගනක භාවිතා කරන අදහස අත්හැරියා

ටිකක් හරි දන්න ඉංගිරිසියම හොදා වගේ...
මෙහෙම ගියොත් අතරමග තමා

D Zone said...

danna sinhalath nethi wena potak. English ita hodai wage