Skip to main content

ලංකාවේ තොරතුරු තාක්‍ෂණ රැකියා කප්පාදුව

නව වසර එලබුනේ ලංකාවේ තොරතුරු තාක්‍ෂණ ආයතන කිහිපයකම සිදුවු රැකියා කප්පාදු පිළිබද තොරතුරු සවනට වැටෙමින්ය.

එක් ආයතනයක් තම මව් සමාගමේ මුල්‍ය අස්ථාවරත්වය නිසාත්, තවත් සහමරක් සමගාම් බලා පොරොත්තු නොවු පරිදි ව්‍යපෘති නොලැබීමත් මෙයට හේතු විය.

ඇත්තටම මෙය පසුගිය වසරේදි ලොව පුරා ඇති වූ අතර ලොව සුප්‍රකට යාහූ සමාගම මෙයට අත ගැසුවේ ඔවුන්ගේ ලොව වට සිටි R&D අංශයේ සේවකයන් 1450 කට පමණ සමුදිමෙනි. මෙයට යාහූ ඉංදියා හි සේවකයන් 70කට ආසන්න පිරිසක් ද අයත් විය.

තවද 3000ක සේවක ඉලක්කයක් කරා යාමට සැරසුණු මෙරට සුප්‍රකට සමාගමත් යළි මෙම කාර්‍යයට අතගසා ඇත. ඔවුන් මීට පෙරද සේවක කප්පාදුවක් කරණ ලදි.

මෙම තත්වය මෘදුකාංග සංවර්‍ධකයින්ට පමණක් නොව පරිශීලක මුහුණත් සහ ග්‍රැෆික් නිර්මාණ කරුවන්ටද බලපා ඇත.

මෙහි තවත් බරපතල තත්වයක් වන්නේ යම් ආයතනයකින් නෙරුපු සේවකයෙකුට එසැනින් රැකීයාවක් නොලැබීමයි.

මෙම රැකියා තර්ජන සඳහා ලෝක ආර්තික අර්බුදයත් ලංකාවට වඩා ඉංදියාව හරහා ඉතා අඩු මිලට නිෂ්පාන කරගත හැකි වීමත් බලපා ඇත.

ඉතින් ආනාගතය දෙස සුභවාදිව දැක්මක් ඇත්නම් තොරතුරු තාක්‍ෂණ රැකියාවට අමතරව කෙසෙල් කොටුවක් වවා ගැනීම යහපති.

Comments

  1. ආර්ථිකේ තමා ගැටළුව. මොනව කරන්නද?

    ReplyDelete
  2. කෙසෙල් ගැන අදහස නම් හොඳයි!

    මටත් පසුගිය දිනක අපේ නෑදෑ සහෝදරියකගෙන් කෙසෙල් වගාව ගැන දැනගත්තහම ඕක තවත් ස්ථිර වුනා.

    කෙසෙල් වවන්න ඌව වෙල්ලස්ස පස/ දේශගුණය අපූරුයි වගේ. මෙහෙ දැනටමත් මහා පරිමාණ කෙසෙල් වගාවක් කරනවා විදේශිකයෙක්. කෙසෙල් අපනයනය කරන එක තමයි කරන්නේ. මා හිතන්නේ ඔය මුදුකාංග නිමැවුම් සමාගමට වඩා වැඩි සේවක පිරිසක් මේකෙට දායක වෙනවා.

    ඉතින් අනාගත රැකියා විකල්ප වලට කෙසෙල් කොටුව කියන්නේ හොඳ විකල්පයක් බවයි මගේ හැඟීම!

    ReplyDelete
  3. මම මේ හොය හොය හිටියේ. :)

    එහෙනම් ප්‍රසාන් මටත් ඉඩම් කැල්ලක් තෝරලා තියන්න. හැබැයි ඔය පැත්තේ නායේ යන්නේ නැ නේද? :D

    ReplyDelete
  4. මම වෙල්ලස්ස කියල අදහස් කලේ බුත්තල/ මොණරාගල/බිබිල වගේ ප්‍රදේශ. නාය යන්නේ නැහැ. :)

    ReplyDelete
  5. ඔව් ඉතින් මෘදුකාංග නැතුව ඉන්න පුළුවන් උනාට කෑම නැතුව ඉන්න බැහැනේ. ආර්ථිකේට මොකක් උනත් මිනිස්සු නොකානම් ඉන්නෙ නැහැ

    ReplyDelete
  6. පරිගණක තාක්ෂණවේදීන් නම් කෙසෙල් වගාව කියන එක මුකුත්ම කරගන්න බැරි නම් මිස පටන් ගන්න එකක් නෑ.

    නමුත් වගා කිරීම නම් කරන්න පුළුවන් ඕන විධියකින් කරන්න පුළුවන් නම් හොඳයි. කවුරු වුණත්.

    ReplyDelete
  7. මමත් මේ වසරේ තමා රැකියාවක් කරන්න බලාපොරොත්තු වන්නේ, ඉතින් අපට අභියොග වලට මුහුණ දෙන්න වෙනවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ප්‍රජාවක අතීතය සහ අනාගතය..

හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වරට 2009 සැප්තැම්බර් මස 19 දින ජාත්‍යන්තර නිදහස් සහ විවෘත මෘදුකාංග දිනයට සමගාමීව පළමු පිටපත නිල වශයෙන් එක් බෙදා හරින ලදි. (මෙවර ජාත්‍යන්ත්‍යන්තර නිදහස් මෘදුකාංග දිනය ලබන සෙනසුරාදා, 17) මෙම කාලය තුළ විවිධ අයුරින් සමාජයේ විවිධ අය හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියට දායක වූ අතර, සමහර අය රාජකාරී දුෂ්කර මැද පවා අපට සහාය දීමට එක් විය. පාසැල් 10කට අධික සංඛ්‍යාවක පරිගණක 300ක හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන අතර තවත් පරිගණක රාශීයක වින්ඩෝස් සමඟ ස්ථාපනය කර ඇත.  Hanthana Linux release @ SFD2009 on 19th Sep 2009  news in SirasaTV 7PM news on 2009-09-20 මෙම කෙටි කාලය තුළදි විවිධ කරදර බාදා මැද හන්තාන ලිනක්ස් ව්‍යාපත්ත කිරීමට එක් වූ ඔබ සැමට තුති. හන්තාන ලිනක්ස් ස්ථාපනය නොකළත් වැඩසටහන් සූදානම් කිරිමෙන්, හන්තාන සාමාජිකයින්ට පහසුකම් සැලසිමේන් ඔබ දුන් දායකත්වයත් මිළ කළ නොහැකියි. රාජ්‍ය, පුද්ගලික අංශවල පමණක් නොව ගෘහස්ත පරිශීලකයින් මේ සැම විවිධ අයුරින් අපට දායකත්වය දැක් වූහ. එමෙන්ම ලංකා ලිනක්ස් සමූහය, ලංකා මෘදුකාංග පදනම, දක්ෂිණ ලිනක්ස් සමුහය, මැතක බිහි වූ ධීරානන්ද හන්තාන...

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුර...

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක...