Skip to main content

Firefox 4 අද (මාර්තු මස 22) නිකුත්වේ!

ලොව පුරා මිලියන 400කට අදික පරිශීලකයන් පිරිසකට වේගවත්, සුමුදු හා රුචි ගවේෂක අත්දැකීමක් ලබාදීම සඳහා Mozilla විසින් Firefox 4 අද ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00ට පමණ නිකුත් කිරීමට නියමිතයි.

ජාලය වඩාත් පහසු ස්ථානයක් කිරීම අරමුණු කරගත් ලාභ නොලබන ආයතනයක් වන Mozilla, ජනප්‍රිය, නිදහස් හා විවෘත මෘදුකාංගයක් වන Mozilla Firefox 4 සාඩම්බරයෙන් ඉදිරිපත් කරයි. Firefox විසින් අනාකූල පරිශිලක මුහුණතකින්, නව විනෝද විශේෂාංග මගින්, වැඩි වේගයකින් හා නවීන ජාල තාක්‍ෂණයන්ට සහාය දැක්වීමෙන් පරිශීලකයන්ට තම ජාල අත්දැකීමේ පාලනය නතු කරවයි.

Firefox 4 භාෂා 75 කට අදික ප්‍රමාණයකින් Windows, Linux සහ Mac OS X සඳහා ලබා ගැනීමට හැකියාව ඇත. Android සහ Maemo උපාංග මතද භාවිත කළ හැකි ලෙස Firefox 4 නිකුත් වනු ඇත.




පළමු දිනයේදිම Firefox 4 ලබා ගැනීමට සූදානම් වන්න!

Comments

  1. අයියෝ මම මේක පාවිච්චි කරන්නේ දැනට සති තින හතරකට විතර කලින් ඉදල. මම නම් කියන්නේ කට්ටියට 3.6 වලම ඉන්න කියල. මොකද ගොඩාක් ඇඩෝන් 4.0 එක්ක වැඩ කරන්නේ නෑ. උදාහරණයකට සිංහලෙන් බ්ලොග් ලියන, චැට් කරන හැමෝටම වැදගත් qsFox මේ 4.0 සංස්කරණයත් සමග වැඩ කරන්නේ නෑ. අප්ඩේට් කරන්න කලින් ඒ ගැනත් සිතන්න

    ReplyDelete
  2. Firefox 4 final release එක එන්නේ අදයි, මීට පෙර ආවේ බීටා නිකුතු සහ RC නිකුතුව.

    qsFox සහාය නොදැක්විම Firefox වල ගැටලුවක් නෙමේ අදාල ඇඩෝන් එක නඩත්තු කරන කෙනා එය අලුත් නිකුතුවට සුදුසු ලෙස සකසන්න ඔනා.

    ReplyDelete
  3. Add-on ගැටලු නැත්නම් හොඳ ඇති. මම නම් තවම 3.6 . මේක ඇති හොඳටම

    ReplyDelete
  4. හරිඳු ඉෂාන්March 22, 2011 at 3:28 PM

    Firefox 4.0 Beta හෝ RC Versions වල තියෙන අවස්තා වල Add-ons support එක අවම වෙන්න පුලුවන්.. කොහොම වුනත් සති දෙකක් වගේ ඇතුලත ගොඩක් add-ons firefox 4.0 compatible විදියට upgrade කරාවි..

    ReplyDelete
  5. එනකල් ඉන්නේ............ :D

    ReplyDelete
  6. තව පැය දෙකයි :)
    ඉන්පස්සේ ට්විටරය පැත්තටත් යන්න ;-)

    ReplyDelete
  7. අප්පට බොල..බාමු බාමු :D

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Faster & Stable Firefox 4 beta 9 OUT and fixing 661 BUGS!

The complete list of bugs fixed by Firefox 4 Beta 09 . Bug ID Summary 569350 support Variation Selector sequences on all platforms 600079 Crash in [@ @0x0 | mozilla::gl::GLContext::MarkDestroyed() ] 509970 xpcshell-tests: random failure in test_removeVisitsByTimeframe.js | 2 == 10, 6 == 10, etc. 616469 Video sync is slow because of slow yuv2rgb conversion 618526 "Security Error: Content at http://mochi.test:8888/tests/dom/tests/mochitest/general/test_focusrings… 575519 "make buildsymbols" doesn't work on systems without Visual C++ 2005 installed 491552 Firebug toolbarbuttons don't

බැංකුවට තහවුරු කරගන්න ඔනා ලු

බැංකුව: සර් ලඟකදි අපේ සිස්ටම් එකට ලොග් උනාද?  මම: නැ, ඇයි? බැංකුව: අපි ලඟකදි මයිග්‍රේශන් එකක් කළා.  මම: ඔව් මම දන්නව ඒක හරි ගියෙත් නැනේද (මාලිංද මේ ගැන ලගකදි ලියල තිබ්බා ;-) )  බැංකුව: අපිට සර්ගෙ තොරතුරු තහවුරු කරගන්න හැකිද ටෙම්පරි පාස්වඩ් එකක් දෙන්න?  මම: මට පුලුවන්ද ඔයාව තහවුරු කරගන්න?  බැංකුව: බලන්න මේ අපේ හොට්ලයින් අංකය.  මම: එහෙම බැ මම දන්නේ කොහොමද ඔබ මගෙන් මේ විස්තර අහගෙන මොනව කරයිද? බැංකුවේ මොනව කරන කෙනෙක්ද කියල? මොකද මේ ඇමතුම මම ගත්තෙත් නැනේ.  අවශ්‍යම නම් සිස්ටම් එකෙ තියෙන ඊ-මේල් එක හරහා බැංකුවෙන් මේල් එකක් එවන්න අවශ්‍ය පාස්වඩ් එක සමඟ.  බැංකුව: බැ එහෙම කරන්න බැ. එහෙනම් අපිට කරන්න දෙයකුත් නැ.  මම: දැන්ම මමද සිස්ටම් අප්ඩේට් කළේ? මැනෙජර්ට කතා කරන්න දෙන්නකො .....  මැනෙජර්: සර් අපි මයිග්‍රේශන් එක කරද්දි සර්ගේ ප්‍රොෆයිල් එක හැලිලා.  මම: අපොයි! හොඳ වෙලාවට මම නෙමේ කුවරි ලිව්වේ.    ප.ලි: මම ඔය සිස්ටම් එකෙ හෙන කාලෙකින් භාවිත කරලත් නැ මෑතකදි එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නැ. එහෙම එකෙ නිකන් රිස්ක් එකක් අරගෙන මම මොකටද මගෙ තොරතුරු දෙන්නේ මට ශුවර් නැති නම්? ඒ මැනෙජර් කීවට මැනේජර්මත් නෙමේ, කොල්

වේදනාත්මක නිහඬ බව

අපි ගොඩක් වෙලාවට නිස්කලන්ක, නිහඬ පරිසරයකට ආදරය කරනව. ඒ අත්දැකීම යළි යළිත් විදගන්න තරම් පෙරේත කමක් දක්වනව. නමුත් සමහර නිහඬ අවස්ථා ඉතාම වේදනාකාරයි. ඊයේ (2020 මාර්තු 14) රාත්‍රියේ  නින්දට ගිය පසු වරින් වර තාත්තව ඇහැරවන්න බැලුවේ, ඔහුට අවශ්‍ය බෙහෙත් සහ මුත්‍ර කිරීමට ඇවැසිදැයි පිරික්සීමටයි. වෙනදා "තාත්තේ චූ කරන්න ඔනද?" ඇසු විට "හා" කියා ප්‍රතිචාර දක්වන ඔහු ඊයේ රාත්‍රිය පුරාවට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නින්දේම සිටියා. අලුයම 3ටත් එලෙසමයි. අද උදේ දෙගිඩියාවෙන් මෙන් අවදි කළ පසුත් ඔහුගෙන් සුපුරුදු ලෙස "සුබ උදැසනක්" ප්‍රතිචාරයක් ලැබුනේ නැ. ඔව් දවසම තාත්ත ගොලුයි. ඉදහිට අසන ප්‍රශ්නයකට හිස සලයි. මගේ ජිවිතේටම තාත්ත කතා නොකර සිටි පලමු දවස අද. මේ වේදනාව වචනවලට පෙරලන්න දන්න කෙනෙක් ඉන්නවද මම නම් දන්නේ නැ. තාත්ත ඉස්සරහා එයාගේ ඇස් දිහා බලන් කිසිම දෙයක් නොවු විදියට තොර තෝංචියක් නැතිව කියෙව්වට අදත් මගේ බත් එකෙ කදුලු. අද මේ පිංතුරේ මතක් වුන නිසා අන්තර්ජාලේන් හොයල ගත්තා. මේ පිංතුරේ ඇත්තටම වෙන්නේ දියණියක් (අර්ධ වශයෙන් අංශභාගයට පත්) ඇගේ පියාට ඇවිදීමට සහාය වෙන පිංතූරයක